• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

විස්මිත ප්‍රාතිහාර්යපාන දැඩිමුණ්ඩ දෙවියෝ

January 23, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
විස්මිත ප්‍රාතිහාර්යපාන දැඩිමුණ්ඩ දෙවියෝ
Share on WhatsAppShare on Facebook

සමස්ත දේව මණ්ඩලයේ දෙවිවරුන් අතර මහා බ්‍රහ්මයන්ගේ මෙන්ම සක්‍ර දේවේන්ද්‍රයන්ගේ නම් මුලින්ම කියැවෙන අතර පිළිවෙළින් මහේශාක්‍ය හා අල්පේශාක්‍ය ලෙසද හීන,මධ්‍යම හා ප්‍රණීත ලෙසද දෙවිවරුන් වර්ගීකරණය වේ. මෙකී දේව වර්ගීකරණයට පරිබාහිරව යක්ෂ දේවතාවුන් වහන්සේලා අතර දැඩිමුණ්ඩ දෙවියන්ට හිමිවන්නේද සුවිශේෂී ස්ථානයකි. දෙවිවරුන් අතර ජාතික මට්ටමේ දෙවිවරුන්ට පහළින් ප්‍රාදේශීය මට්ටමේ දෙවිවරුන් වේ. ප්‍රාදේශීය මට්ටමේ දෙවිවරුන් අතර දැඩිමුණ්ඩ දෙවිඳුන්ගේ නාමය මුලටම කියැවේ. දැඩිමුණ්ඩ දෙවියන් සතර කෝරළය තම අණසක පතුරන ප්‍රධාන අඩවිය ලෙස තෝරා වැඩ වසයි. විශේෂයෙන් සතර කෝරළයට අයත් කෑගලු දිස්ත්‍රික්කයේ මාවනැල්ලට නුදුරු අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයේ දැඩිමුණ්ඩ දෙවියන් ජීවමානව වැඩ වසන බව සම්මත පිළිගැනීමයි.

කුකුළා වාහනය කරගත් දැඩිමුණ්ඩ දෙවිඳුන්ට අවතාර 6කි. ගිනි රැස් සාමි, කුඩා සාමි, ඉරු රැස් සාමි, සඳ රැස් සාමි, මහා සාමි, බුදු රැස් සාමි ඒ අවතාර සය වේ. දේව පුරාණයේ සඳහන් වන ලෙසට පූර්ණක නම් යක්ෂ සේනාධිපතියා හා එරන්දතී නම් යුවළ දැඩිමුණ්ඩ දෙවිඳුන්ගේ පියා හා මව වන අතර අසීමිත බල පරාක්‍රමයට හිමිකම් කියන දැඩිමුණ්ඩ දෙවිඳුන් දිවයිනේ ප්‍රාදේශීයව පර්යාය නාමයන් රැසකින් හඳුන්වනු ලබයි. ඒ අතර අලුත් නුවර දේවතා බණ්ඩාර, දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාර, පිටියේ බණ්ඩාර, වාහල බණ්ඩාර, ඇම්බැක්කේ දේවතා බණ්ඩාර හා දුනුමන්ත බණ්ඩාර මූලිකය. දැඩිමුණ්ඩ දෙවිඳුන් උඩරට මුල් ඇඳුමින් සැරැසී සිටින අතර ශීර්ෂ මස්තකයේ රන් ඔටුන්නක් පැලඳ සිටියි. මුහුණ පුරා ඝන රැවුලක් වවා සිටින දැඩිමුණ්ඩ දෙවිඳුන්ගේ එක් අතක නිල් පැහැති වේවැලක්ද අනෙක් අතේ යගදාවක්ද වේ. මහා පෞරුෂයක් විදහාපාන දැඩිමුණ්ඩ දෙවිඳුන්ගේ ඇතැම් දේවරූපවල යගදාව දක්නට නොලැබෙන අතර නිල් පැහැ වේවැල පමණක් දක්නට ලැබේ. අප ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වන අවස්ථාවේ පැමිණි මර සෙන් පැරැදැවීමට දැඩිමුණ්ඩ දෙවිඳුන් බුදුන් වහන්සේ අසලම සැදී පැහැදී සිටි බැවින් දේව බණ්ඩාර නම් දෙවියන් දැඩිමුණ්ඩ දෙවියන් ලෙස ප්‍රචලිත වූ බව ජනප්‍රවාදයේ කියැවේ.
මහා පෞරුෂයකටත්, රුදුරු පෙනුමකටත් හිමිකම් කියන දැඩිමුණ්ඩ දෙවිඳුන් සතුව ඕනෑම යක්ෂ යක්ෂණියක මෙල්ල කිරීමේ ශක්තියද, ඕනෑම ප්‍රේතයකු, භූතයකු මර්දනය කිරීමේ ශක්තියද සතුය. මෙනිසාම යක්ෂ, ප්‍රේත, භූත දෝෂ භංග කිරීමෙහිලා දැඩිමුණ්ඩ දෙවියෝ විශේෂ ප්‍රසිද්ධියක් උසුලයි. මෙම දැඩිමුණ්ඩ දෙවිඳුන් මහා අනුසස් දක්වන දෙවි කෙනෙකි. තම බැතිමතුන්ට උපරිම වශයෙන් කරුණා, දයා පෙරදැරිව පිහිට, සරණ, ආරක්ෂාව සලසන දෙවිකෙනෙකි. දැඩිමුණ්ඩ දෙවිඳුන්ගේ පිහිට සරණ ලැබීමට නම් මහත් භක්තියෙන් යුතුව නිර්මාංසව පේවී පිරිසුදු සිතින් හා ගතින් යුතුව ප්‍රතිපත්ති ගරුකව ජීවත් විය යුතුය. එලෙස පිළිවෙත් රකින බැතිමතුන්ට දැඩිමුණ්ඩ දෙවිඳුන් වෙතින් ලද හැකි පල ප්‍රයෝජන එමටය. විශේෂයෙන් දුකක්, කරදරයක්, හිංසාවක්, පීඩාවක් සේම, දියුණුවක් පතා වුවද යහපත්ව දැඩිමුණ්ඩ දෙවිඳුන් ඉදිරිපිට කරනු ලබන කන්නලව්වක ප්‍රතිඵල සති දෙක තුනකින් ලැබීම විස්මයජනකය. මෙය අනිවාර්ය අත්දුටු සත්‍යයකි.

දැඩිමුණ්ඩ දෙවිඳුන්ගෙන් පිහිට ලද හැකි දේ අතර සතුරු කරදරවලින් සහනය ලබාදී මුදාලීම, යක්ෂ, ප්‍රේත, භූත ආදී අමනුෂ්‍ය භය දුරු කිරීම, ගෘහ ජීවිතයේ දියුණුව ඇති කිරීම, නඩු හබවලින් ජයග්‍රහණ අත්කර දීම, අඹු සැමි ආරවුල් විසඳා දීම, වසංගත රෝග බියදුරු කිරීම ආදී දේ මූලිකය. සාමාන්‍යයෙන් දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් වෙන් වූ දැඩිමුණ්ඩ දේවාල සෑම දිනෙකම විවෘතව පවතින නිසාවෙන් දැඩිමුණ්ඩ දෙවියන්ට බාරහාර වීමටත්, සිදුවූ බාර ඔප්පු කිරීමටත් ඉතාම පහසුය. සාමාන්‍යයෙන් දෙවිවරුන්ට බාරහාර වීමට මෙන්ම බාරහාර ඔප්පු කිරීමට කෙම්මුර දවස් වන බදාදා හා සෙනසුරාදා නිර්දේශිත බව බහුතර පිළිගැනීමයි. නමුත් දැඩිමුණ්ඩ දෙවිඳුනට එය එලෙස අදාළ නොවන බව පෙනේ.

සාමාන්‍යයෙන් දැඩිමුණ්ඩ දෙවිඳුන් උදෙසා දිනපතාම පහන් දැල්වීමට රාත්‍රි 10.23ත් 10.47ත් අතර වෙලාව නිර්දේශිතය. දැඩිමුණ්ඩ දෙවිඳුන් උදෙසා තිර පූජාව විශේෂ වන අතර උන්වහන්සේ වෙනුවෙන් පිළියෙල කරනු ලබන පූජාවට්ටිය බොහෝ දුරට සූනියම් දෙවියන් උදෙසා පිළියෙල කරනු ලබන පූජා වට්ටියට සමානය. එහිදී පූජා වට්ටිය සඳහා ගෙඩි පූජාව භාවිත වේ. පූජා වට්ටියට පලතුරු වර්ග 7ක්, කැවිලි වර්ග 7ක්, සුදු මල් මාලයක්, සුදු හෝ කහ වර්ණයෙන් යුතු මල්, විලඳ, මී පැණි, බැදපු කඩල, කපුරු, හඳුන්කූරු මෙන්ම බුලත්ද භාවිත වෙයි.

බුදුන් වහන්සේ රක්ෂා කළා මෙන්ම අදටත් සම්බුදු සසුන රකින සැමට නිති ආරක්ෂාව සලසන දැඩිමුණ්ඩ දෙවියන්ට පින් අනුමෝදන් කිරීම ඉතා වැදගත්ය. බුදුන් වහන්සේ අනුදැන වදාළ දෙවියන්ට පින් අනුමෝදන් කිරීම අප අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුත්තකි. එනමුත් වර්තමානයේ ඇතැම් පිරිස් විවිධ වූ පටු තර්ක ගෙන හැර පා දෙවි දේවතාවුනට පින් දීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවයක්ද දක්නට ලැබේ. එය අන්තගාමී මතවාදවල එල්බ සිදුකරන්නකි. කෙසේ නමුත් දෙවිවරුනුත්, මනුෂ්‍යයනුත් ප්‍රමුඛ ලෝවැසි සියලු සත්වයන් නොදන්නා කල්පයක නොදන්නා බෝධියකින් නිවන පසක් කර ගන්නා බව හොඳින් තේරුම් ගත යුතුය. මේ සඳහා බුදුන් වහන්සේ අපට අනුකම්පාවෙන් දේශනා කළ නිර්මල බුදුදහම නිරවුල්ව දත යුතුය. ලෝවැසි කවර සත්වයකුට වුවද අනන්ත සසර සංසාරයේ පාරමිතා පිරීමකින් තොරව බුදු, පසේ බුදු, මහ රහත් යන තුන්තරා බෝධියෙන් කවර වූ බෝධියකින් වත් නිවන් ශාක්ෂාත් කරගත නොහැකිය. එනිසා අනන්ත බියකරු වූ පරක් තෙරක් නොපෙනෙන සංසාරයේ තම තමා පතන බෝධියට අනුව වීර්යයෙන් යුතුව පාරමිතා පුරමින්, මැරෙමින් ඉපිදෙමින් ගමන් කළ යුතුය. එහිදී තම තමා ලබන ආත්ම භාව සුඛිත මුදිත වී සැපවත් වීමටත්, වඩා ඉහළ පරිසාධන මට්ටමකින් පහසුවෙන් පාරමිතා පුරා ගැනීමෙන් කවර සත්වයකුට වේවා පින අත්‍යවශ්‍ය වෙයි. මෙම තත්ත්වය බුදු දහම අනුව ධර්මානුකූලව නුවණින් සිතා තම තමාම අවබෝධ කරගත යුතුය.

කරුණු කාරණා එසේ හෙයින් සකල ලෝකවාසී සත්වයන්ටම අනිත්‍යතාව එක සේ පොදුය. එනිසා බ්‍රහ්මයකු වේවා, දෙවියකු වේවා, මනුෂ්‍යයකු වේවා ඒ සැමට පිනේ ශක්තිය ඇතිතාක් පිළිවෙළින් බඹලොව, දෙව්ලොව, මිනිස්ලොව විසිය හැකිය. යම් දිනෙක අතීත සංසාරයේ රැස්කළ පින් අවසන්වේද, බඹලොවෙන්ද, දෙව්ලොවෙන්ද, මනුලොවෙන්ද චුතවීමට සිදුවෙයි. එසේ චුතව ලබන ඊළඟ ආත්මභාවය කෙසේ නම් විය හැකිද යන වග කාට නම් කිව හැකිද? කවර සත්වයකුට වේවා අතීත සංසාරයේ රැස්කරගත් පින් තිබේ නම් ඊළඟ ආත්මයේභාවය අනිවාර්යයෙන්ම සුගතිගාමීය. පින් මඳ වන කල්හි ඊළඟ ආත්මභාවය නිසැකවම දුගතිගාමීය. කෙසේ නමුත් රැස් කරගත් පින් වැඩිවන තරමට උපභෝග, පරිභෝග, පරිවාර සම්පත් එමටය. එය තව තවත් පින් කර සැපවත් කර ගැනීමට මහත් රුකුලකි. පින් අනුමෝදන් කිරීමේ වැදගත්කම වන්නේ පින් අනුමෝදන් විය හැකි දිව්‍ය ආත්මවලට තම දිව්‍ය සම්පත් වර්ධනය කර ගත හැකි බැවිනි. එනිසා අප කවර හෝ සු`ඵ පිනක් සිදු කළත්, දෙවි දේවතාවුන් වහන්සේලාට ඒ පින් අනුමෝදන් කිරීමෙන් දෙවියෝ සතුටට පත්ව අපට ආශීර්වාද කරන බව නම් ස්ථිරය. එය අපගේ යහපතට ආරක්ෂාවට හේතුය.
ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

ජයම්පතිගේ පුටුව සමන්ට

Next Post

මායාරාජිනී ගැන මම බයෙන් හිටියේ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති ඇති කිරීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්-නිනෝ තත්ත්වය...

Read more
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.