පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා වෙනුවට බොහෝ දුරට සමන් රත්නප්‍රිය මහතා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට ඉඩ ඇති බව දැනගන්නට තිබේ.
රත්නප්‍රිය මහතා පුරවැසි බලය සංවිධානයේ සාමාජිකයකු ලෙස කටයුතු කළ අයකු වන අතර එජාප රජය සමග සමීපව කටයුතු කළ අයකුද වේ.
කෙසේවෙතත් 2015 මහමැතිවරණය සදහා එජාපය නම් කළ ජාතික ලයිස්තු නියෝජිතයන් 29 දෙනාගේ ලයිස්තුවේ රත්නප්‍රිය මහතාගේ නම ඇතුළත්ව නොතිබිණ.










