• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මායාරාජිනී ගැන මම බයෙන් හිටියේ

January 23, 2020
in Heart
Reading Time: 1 min read
A A
මායාරාජිනී ගැන මම බයෙන් හිටියේ
Share on WhatsAppShare on Facebook

අනුරාධපුර, බසවක්කුලම වැව ආශ්‍රිත ප්‍රදේශයේ අනුලා රැජිනගේ අවතාරයක් සැරිසරන බව ජනප්‍රවාදයේ කියැවෙනවා. ඒ ජනප්‍රවාදය මූලික කරගෙන සැකසෙන සුවිශේෂී නිර්මාණයක් තමයි ‘මායාරාජිනී’ ටෙලිනාට්‍යය. ඒකාකාරී ටෙලිනාට්‍ය කලාව වෙනස්ම මාවතකට ගත් එම නාට්‍යයේ නිර්මාතෘ ප්‍රියන්ත ශ්‍රී සමරකෝන් සමඟ අප කළ කතාබහයි මේ.
‘කවුරුන්ද නුඹ මගේ’ හරහා පටන්ගත් ඔබ අද රැජිනක් හොයනවා. එය ගැන ඔබේ අදහස්?
ප්‍රභාත් රෝෂන් නිෂ්පාදනය කළ ‘කවුරුන්ද නුඹ මගේ’ මගෙත් පළමු ටෙලි නිර්මාණය. මම ප්‍රභාත් රෝෂන්ට විශේෂයෙන් ස්තුතිය පුද කරනවා. මට ඒ අවස්ථාව ලබාදීම ගැන ඉන්පසු මං ‘දංකුඩ බණ්ඩා’ නිර්මාණය කළා. ‘මායාරාජිනී’ මගේ තුන්වැනි දරුවා විදියට තමයි මම සලකන්නේ.
‘මායාරාජිනී’ ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොයි වගේද?
ඇත්තටම මම හිතුවේ නැහැ ‘මායාරාජිනී’ ප්‍රේක්ෂකයන් වැලඳ ගනීවි කියලා. මොකද දැන් තියෙන රැල්ලත් එක්ක මේ වෙනස ගැටලුවක් වෙයි කියලා මම හිතුවා. නමුත් මම මගේ උත්සාහය, කැපවීම අත්හැරියේ නැහැ. ලංකාවේ විතරක් නෙමේ විදේශීය ප්‍රතිචාරවලින් පවා මට ගොඩදෙනෙක් කියන්නේ නාට්‍ය අතර මඟ නවත්වන්න එපා කියලා තමයි. ඔවුන් කියන්නේ අද බහුතරයක් නාට්‍ය හරයක් නැතිව එක පාරට නතර කරන බවයි. ‘මායාරාජිනී’ සතිඅන්තයේ සිරස නාළිකාවේ විකාශය වෙන නිසාත්, විනාඩි හතළිස් පහක් එක දිගට විකාශය වෙන නිසාත් ප්‍රේක්ෂකයන් එයට බැඳිලා ඉන්නවා.
ප්‍රබල කලා ශිල්පීන් පිරිසක් එක්ක තමයි ඔබ ‘මායාරාජිනී’ කරන්නෙ. එය අභියෝගයක් වෙන්නට ඇති?
ඇත්තටම එය තමයි මට තිබුණ ලොකුම අභියෝගය. එවැනි දැවැන්තයන් රාශියක් එක්ක වැඩ කරන එක. කේ.බී. හේරත් තිර රචනයක් වන අතර, විශාරද නන්දා මාලිනී පසුබිම් ගායනයෙන්ද, සුනිල් ආරියරත්න ගීපද රචනයෙන්ද, දිනෙෂ් සුබසිංහ සහ ලසන්ත ජයසේකර පසුබිම් සංගීතයෙන් ‘මායාරාජිනී’ට සම්බන්ධ වෙනවා. ඔවුන්ගේ ඒ සුවිශේෂත්වය හෑල්ලුවකට ලක්වෙයි කියලා මම ලොකු බයකින් හිටියේ. නමුත් නාට්‍ය විකාශය වීමත් සමඟ නාට්‍යයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම නිර්මාණයට සාධාරණයක් කර ඇති බව දැන් විශ්වාසයි.
ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද විකාශය වුණත් ‘මායාරාජිනී’ හරහා චරිත අතුරුදන් කරන බවක් අපි දකිනවා. මෙයට හේතුව?
ඖෂධ හාමි චරිතය රඟපාන්නේ ජනක ප්‍රේමලාල්, ඔවුන් විශිෂ්ට ලෙස චරිතයට පණ දෙනවා. ඒත් කිසිම ප්‍රශ්නයක් නිසා ඖෂධ හාමි අතුරුදන් කළා නෙමේ. දැන් ‘උදුල සර්’ අතුරුදන් කළ බව කතා වෙනවා. නිර්මාණයේ හැම ශිල්පියෙක්ම අපි සමඟ හොඳයි. නමුත් කතාවේ හැටියට එය සිදුවන්නේ. ඉදිරියේදී මේ අතුරුදන් වන චරිත මොන විදියට ගලාගෙන යනවාද කියලා දැන්ම කියන්න මම කැමැති නැහැ. නාට්‍යයේ රසය තියෙන්නේ කුතුහලය තුළ නිසා.
අද නිර්මාණ හරහා ශිල්පීන් අපි දකින්නේ එකම කල්ලියකට කොටුවුණ චරිතයක් විදියට තමයි. ඔබේ නිර්මාණවල එලෙස කල්ලියක් ඉන්නවාද?
මම සුදුස්සාට සුදුසු ඉඩකඩ දෙනවා. මමත් මේ තැනට එන්න ගොඩාක් දුක් වින්දා. රැජිනගේ චරිතයට අපි රංග ශිල්පීන් කිහිප දෙනෙක් ගැන සොයා බැලුවා. ඒත් චරිතයට ගැළපෙන කෙනා අපිට ලැබුණේ ෆේස්බුක් හරහා තමයි. ‘මායාරාජිනී’ ටෙලිනාට්‍යයේ නිෂ්පාදිකා මාලතී විජේසිංහ අන්තර්ජාලය හරහා තමයි සුමුදු ප්‍රසාදිනීගේ ඡායාරූපයක් දැකලා තියෙන්නේ. ඒ හරහා අපි ඇය සොයාගෙන රැජිනිට තෝරාගත්තා.
ඔබට මේ නිර්මාණය වෙනුවෙන් සම්මානයක් ලැබෙයි කියලා හිතෙනවද?
ඇත්තටම මට ‘මායාරාජිනී’ වෙනුවෙන් සම්මානයක් ලැබෙයි කියලා හිතනවා. දැන් තිබෙන නිර්මාණවල ඒකාකාරිත්වයෙන් මිදුණු වෙනස්ම කතාවක් නිසා. සම්මතයක් නැතත් නිර්දේශිත නාට්‍යයට ඇතුළත් වුණත් මට ඒ ඇති.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

විස්මිත ප්‍රාතිහාර්යපාන දැඩිමුණ්ඩ දෙවියෝ

Next Post

Marina Square – Uptown Colombo චීනයේ LPS Shanghai 2019 ප්‍රදර්ශනයට එක්වෙයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.