• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Holiday

හැට පැන්නත් වැඩ අඩු නැති කඳුකරයේ හැඩකාරයෝ…

August 10, 2021
in Holiday
Reading Time: 3 mins read
A A
හැට පැන්නත් වැඩ අඩු නැති කඳුකරයේ හැඩකාරයෝ…
893
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

පොදු රාජ්‍ය මණ්ඩල සමරුව 1950 වසරේදී එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වුණේ දෙවැනි ලෝක යුද්ධයේ නිමාවත් සමගමයි. මෙහිදී බි්‍රතාන්‍ය අධිරාජ්‍ය යටතේ තිබූ රටවල් 7ක විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡා පැවැත්වූ අතර එහිදී දකුණු හා ගිනිකොනදිග ආසියාතික රටවල මානව සම්පත් සංවර්ධනය හා ආර්ථික තත්ත්වය වැඩි දියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කෙරෙණි.

මෙම සමුළුවට ලංකාවෙන් සහභාගි වූ ජේ. ආර්. ජයවර්ධන සහ ඕස්ටේ්‍රලියාවෙන් සහභාගි වූ පර්සී ස්පෙන්ඩර් යන මහත්වරු මූලිකත්වය ගෙන ක්‍රියා කර තිබේ.
එහිදී ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් දකුණු හා ගිනිකොනදිග ආසියාතික රටවල්වලට මූල්‍ය සහන ලබාදිය යුතු බවටද යෝජනා කර ඇති අතර පර්සී ස්පෙන්ඩර් මහතා විසින් යෝජනා කර ඇත්තේ තාක්ෂණික සහාය ලබාදීම පිළිබඳවයි.

පසුව මේ පිළිබඳව විදෙස් නියෝජිතයන් සමඟ කොළඹදී පැවැති සමුළුවේදී යෝජනාවක් ක්‍රියාවට නැංවීම කොළඹ ක්‍රමය ලෙස හඳුන්වන ලදී. කෘෂිකාර්මික කටයුතු, බලශක්තිය සඳහා යටිතල පහසුකම් ඉහළ නැංවීම සහ සන්නිවේදන කටයුතු සංවර්ධනය සඳහා අරමුදල් සැපයීම එම යෝජනා අතර විය. තාක්ෂණික උපකරණ හා ශිල්පීය ඥානය සමඟ තාක්ෂණික අංශයෙන් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබාදීම අනෙක් අරමුණ විය.

කැනඩාවේ බාහිර සම්බන්ධතා අමාත්‍ය ලෙස්ටර් බී. පියර්සන් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා කොළඹ ක්‍රමය යටතේ දුම්රිය පහක් ලබාදිය යුතු බවට යෝජනා කළ අතර එය සම්මත විය.

1954 වසරේ සැප්තැම්බර් මාසය වන විට කැනඩාවේ ජෙනරල් මෝටර්ස් සමාගම විසින් m2 කාණ්ඩයේ දුම්රිය නිෂ්පාදනය සම්පූර්ණ කරන ලදී.

එම එන්ජින් පහට අමතරව තවත් එන්ජින් පහක ඇණවුමක් ලැබුණේ 1955 වසරේ කැනඩාවේන් ලංකාවට ලැබුණු එන්ජින් පහට නම් තැබීමේ උත්සවයේදී සර් ජෝන් කොතලාවල මහතා සහ කැනඩාවේ මාධ්‍ය වේදියෙකු අතර ඇති වූ පුංචි කතාබහක ප්‍රතිඵලයක් වශයෙනි.

ඒ අනුව කැනඩාව විසින් තවත් එම වර්ගයේ දුම්රිය එන්ජින් පහක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට එකඟ වීම සුවිශේෂ සිදුවීමකි.

1961 වසරේදී කොළඹ ක්‍රමය යටතේ ලංකාවට තිරිඟු පිටි තොගයක් තෑගී ලෙස ලැබී ඇත. එලෙස ලැබුණු තිරිඟු පිටි විදෙස් සමාගමකට විකිණීමෙන් අනතුරුව ඒ මුදලින් තවත් එන්ජින් දෙකක් මිලදී ගැනීම ඉතිහාසයේ සිදුවූ ආදර්ශමත් සිදුවීමකි.

එලෙස මිලදී ගත් අංක 626 අංක 627 යන දුම්රිය එන්ජින් දෙක m2c ලෙස කාණ්ඩ ගත කරන අතර උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා යොදා ගන්නා ලදී.

M2 පංතියේ ජනප්‍රියතම සගයින් දෙදෙනා මෙරටට ගෙන්වනු ලබන්නේ 1961 වසරේදියි. ඒ M2c කාණ්ඩය ලෙසයි. පිළිවෙළින් 1961-08-08 වෙනිදායින් ගමන් අරඹන M2c 626 Montreal ලෙසත් 1961-08-04 දින 627 Vancouver ලෙසත් නම් තබන්නේ කැනඩාවේ ජනප්‍රිය නගර දෙකක් සිහිපත් කරමිනි. මේ වනවිට මෙරට දුම්රිය ලොලීන් “කඳුකරයේ රජවරු” යන අනුවර්ත නාමයෙන් හඳුන්වනු ලබන්නේද මෙම M2c සගයන් දෙදෙනායි.

M2c එන්ජින්වල කාර්මික තොරතුරු පහත සඳහන් පරිදි වේ.

නිෂ්පාදිත රට – කැනඩාව

නිෂ්පාදිත සමාගම – General Motors (Canada)

නිෂ්පාදනය කළ වර්ෂය – 1961

ශ්‍රී ලංකාවට ගෙන්වූ වර්ෂය – 1961

දුම්රිය එන්ජින් වර්ගය – GMV 12″ 12-567C (Two Stroke)

මාදිලිය – Diesel Electric

උපරිම බලය – 1425hp (800 rpm)

උපරිම වේගය – 112 kmph $ 69’6 mph

Axel සැකසුම – BO-BO

එන්ජිමේ මුළු බර – ටොන් 79

ඉන්ධන ටැංකියේ මුළු පරිමාව – ලීටර 2880 / ගැලුම් 640

ගෙන්වූ මුළු එන්ජින් ගණන – 2

මෙම m2 වර්ගයේ එන්ජින් වර්ග දෙක උඩරට මාර්ගයට විශේෂ වනුයේ මෙහි ඇති dynamic බ්‍රේක් ක්‍රියාවලිය නිසාවෙනි.

තවද මෙම එන්ජින් ද්විත්වයේ තිබෙන තවත් සුවිශේෂී කරුණක් වනුයේ ඉදිරිපස පෙනුම රජෙකු මෙන් සහිත ඒ ඔටුනු පලන් මුහුණ හා එන්ජින් දෙකටම ආවේණික නලා හඬ, එන්ජින් ශබ්දයය. ඒවා අනෙක් m2 එන්ජින්වලට වඩා කැපී පෙනෙන තැනක් ගනී.

අංක 626 හා 627 දුම්රිය එන්ජින් දෙක උඩරට මැණිකේ, පොඩි මැණිකේ, බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය, මීනගයා නගරාන්තරය රාත්‍රි දුම්රිය, උදය දේවි, රජරට රැජින, සේවා දුම්රියන් සහ තෙල් ප්‍රවාහනය ඇතුළු අනෙකුත් දුම්රිය සේවාවේ රාජකාරිවලට ඉමහත් සේවයක් කර ඇත. “රෙල්ලුවට ණය නැති යක්කු” කියන නාමය ඒ සඳහා භාවිතා කිරීමෙ වැරැද්දක් නැත.

2019 ඔක්තෝබර් 21 වැනිදා අංක 626 දරන montreal එන්ජිම අවුකන ප්‍රදේශයේදී දරුණු පිලී පැනිමකට ලක් විය. ඒ දුම්රිය අනතුරේ දී දුම්රිය පෙට්ටිවලට ගොඩක් හානි වූ අතර දුම්රිය එන්ජින්මට සුළු හානියක් පමණක් වී බේරුණේ වාසනාවටය.

මෙම දුම්රිය එන්ජිමේ නඩත්තුව හා අලුත්වැඩියා කටයුතු සිදුවන්නේ රත්මලාන ප්‍රධාන කර්මාන්ත ශාලාවේ කර්මාන්ත අංක 14 දීය. M2 දුම්රිය එන්ජන් අලුත්වැඩියා කටයුතු සඳහා යොදාගනු ලබන්නේ බෙහෙවින් පළපුරුද්දක් ඇති තාක්ෂණික ශිල්පීන් හා කාර්මික ශිල්පී මහත්වරුන්වය. මෙම අවස්ථාවේදී විශේෂයෙන් M.A, CORRAY මහතාව බොහොමත් ගෞරවයයෙන් සිහිපත් කරන්නට කැමතියි.

තවද මෙම එන්ජින් දෛනික ප්‍රධාන නඩත්තුව සිදුකරනු ලබන්නේ දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ (running shed) සේවක මහතුන් විසිනි. 2021 අංක 627 vancouver අංක 626 montreal තම 60 වන සංවත්සරය සමරන මේ මොහොතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට දුන් වටිනා සේවයට තව චිරාත් කාලයක් උඩරට මාර්ගයේ ඔබේ හඬ දෝංකාරය අදත් හෙටත් රැවුදේවා යන පැතුම සියලුම දුම්රිය ලෝලීන් වෙනුවෙන් මෙලෙස එක් කරන්නට කැමැතියි.

“අවුරුදු 60ක් පුරාවට ඔබ කළ මෙහෙය අගනේයි. ආපූ ගමන දුෂ්කරයි. තවත් බොහෝ කාලයක් ශ්‍රී ලංකා දුම්රිය සේවයට වටිනා සේවාවක් ලබාදීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.”

මලිඳු කවිශ්ක

Share357Tweet223SendShare89
Previous Post

ගෑස්-කිරිපිටිවලට දැනටමත් පෝලිම්! ඉන්ධන හිඟයකුත් අත ළඟ! සජිත් පෝලිම් යුගය සිහි කරයි!

Next Post

ආණ්ඩුව අලුත් කොරෝනා ගැසට්ටුවක් එළියට දාන්න සූදානම්!

MORE NEWS

පාල්… පාල්… ට්‍රීන්… ට්‍රීන්… අපෝ දෙයියනේ මේ අර සයිකලයක කිරි අරන් එන කොලුවා…
Exclusive

පාල්… පාල්… ට්‍රීන්… ට්‍රීන්… අපෝ දෙයියනේ මේ අර සයිකලයක කිරි අරන් එන කොලුවා…

February 20, 2023
ක්‍රිෂාන්තිනී රාජිනී බලාගෙන චෙම්මනී දිගේ යමු කච්චේරි…
Exclusive

ක්‍රිෂාන්තිනී රාජිනී බලාගෙන චෙම්මනී දිගේ යමු කච්චේරි…

January 21, 2023
යාපනයේ ඇවිදිනකොට විජේවීර – වික්ටර් – කුණ්ඩුමනී – ප්‍රේමකීර්ති – පොන්නාලෙයි වරදරාජ – ෆෙඩී සිල්වා මතක් වෙන තැන්…
Exclusive

යාපනයේ ඇවිදිනකොට විජේවීර – වික්ටර් – කුණ්ඩුමනී – ප්‍රේමකීර්ති – පොන්නාලෙයි වරදරාජ – ෆෙඩී සිල්වා මතක් වෙන තැන්…

January 9, 2023
උතුරු කොනේ වන උයන…
Exclusive

උතුරු කොනේ වන උයන…

December 15, 2022
රුහුණ කන්ද…!  කිසිවක් රැගෙන නොයන්න..! පා සටහන් විතරක් ඉතිරි කරන්න…!
Exclusive

රුහුණ කන්ද…! කිසිවක් රැගෙන නොයන්න..! පා සටහන් විතරක් ඉතිරි කරන්න…!

December 6, 2022
කවුරුත් දන්නෙ නැහැ නේද චීන්නු යාපනයේ වවල තියෙන ඩොලර් ගහ ගැන? එහෙනම් දැනගන්න…
Exclusive

කවුරුත් දන්නෙ නැහැ නේද චීන්නු යාපනයේ වවල තියෙන ඩොලර් ගහ ගැන? එහෙනම් දැනගන්න…

December 5, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Exclusive

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කර ඇති භයානක කොන්දේසි මොනවාද යන්න ඉදිරියේදී බලා ගත හැකි වනු ඇති බව වාසුදේව නානායක්කාර...

Read more
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023
අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

March 21, 2023
රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ පට්ටපල් බොරු! ඡන්දෙ කල් දැනවා කියලා හැමෝම බැන්නේ මුදල් ලේකම්ටයි-මුද්‍රණාලයාධිපතිනියටයි! හැබැයි අද රටට ඔප්පු වුණා ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයා කව්ද කියලා! දැන් ඡන්දයේ දේහය තියෙන්නේ වික්‍රමසිංහ මල් ශාලාවේ! මරික්කාර්ගෙන් පසු ඩලස් පාර්ලිමේන්තුවේදී රනිල්ට දුවන්න දෙයි! VIDEO

මැතිවරණ කොමිසමට අත තිබ්බා! අධිකරණයට අත තිබ්බා! ඊළඟට අත තියන්නේ මාධ්‍යයට! රනිල් ඔක්කොම බුල්ඩෝසර් කරන්නයි හදන්නේ! මේක සියලු එකතු වෙලා සටන් කළ යුතු වෙලාවක්! පුරවැසියෙක් වෙනවද? යටත්වැසියෙක් වෙනවද? තීන්දුව ඔබ අතේ! ඩලස්ගෙන් සැර කතාවක්! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version