• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

Gaga Bees – Udawalawa

November 22, 2019
in Holiday
Reading Time: 3 mins read
A A
Gaga Bees – Udawalawa
Share on WhatsAppShare on Facebook

ගංගා දෙකක් එකට එකතුවෙන තැනට දෙමුවාවක් කියනවා. ගංගාවල් දෙකක් එකට එකතුවෙලා හැදෙන මහ ගංගාවක් අයිනෙ කුඹුක්ගහක් යට ඉඳගෙන තුරුලුවෙලා ආදර කතා මුමුනන්න. හිමිදිරි උදයක හිරිපොද වැස්සෙ තෙමි තෙමී ගඟ අයිනෙ ඉඳන් කොළ කැඳ වීදුරුවක රස බලමින් උණු උණු රොටියක රස බලන්න. ළඟ ළඟ එන නැකැත් මාසවල කරකාර බඳින්නට මඟ බලා ඉන්න ඇත්තන්ට තියන හීන තමයි ඕවා.

උඩවලව ජාතික වනෝද්‍යානය කියන්නෙ ලංකාවේ අලි ඇතුන් බලන්න පුළුවන් හොඳම තෝතැන්නක්. අලි ඇත්තු විතරක් නෙවෙයි මේක කුරුලු පාරාදීසයක්. ඒත් එක්කම උඩවලව ජලාශයේ වැව් බැම්ම උඩින් ඔබ ගිහින් ඇති. මධ්‍යම කඳුකරයේ මල් කුමාරි දියලුම උඩවලව ජලාශය දිහා බලාගෙන රඟන රැඟුම් බලාගෙන යන මේ මංපෙත ලංකාව සුරලොව සමඟ සසඳන්න පුළුවන් තවත් එක තැනක්. ඒතැන් ඔක්කොම බලාගෙන එන්න අපි මේ පාර යන්නේ උඩවලවට.

අද අපේ නවාතැන ගැන කියනවනම් මේක ටිකක් වෙනස් තැනක්. ඒ ගැන මම පොඩි ඉඟියක් ඉහළින් සඳහන් කරලත් තියනවා. මේක ටෙන්ට් ලොජ් එකක්. පිහිටලා තියෙන්නේ රක්වාන ගඟට මායිම් වෙන්න. සුවපහසු ටෙන්ට් එකක් කිව්වම ඔබට හිතෙයි ගොඩක් දේවල්. ලංකාවෙ වායු සමීකරණය කරපු ටෙන්ට් ලොජ් එකක ඉන්නවා කියන්නේ සමහරුන්ට හීනයක්. මොකද මේ කන්සෙප්ට් එකට හදල තියන හෝටල් ගොඩක් ගණන්. ලේසි නෑ ඉන්න එක.
ගගා බීස් උඩවලවේ නවාතැන හරිම නිස්කලංක වගේම අපේ අතේ තියන මුදලටත් සරිලන තැනක්. හැබැයි ලක්ෂ ගණන්වලට විකිණෙන නවාතැනක තියෙන හැම දෙයක්ම මෙතැන තියනවා. ඩබල් ඩිලක්ෂ් කාමර වගේම පවුල් පිටින් ගිහින් නවතින්න ෆැමිලි කාමර මේ නවාතැනේ තියනවා. මේ කාමර ඇතුළත ඉඩ ඇතිද කොහොමද ටෙන්ට් එකක් අස්සෙ ඉන්නේ ඔබට හිතෙන්න පුළුවන්.

ඉඩකඩ ගැන කතාකරනව නම් තරු පහේ හෝටලයක කාමරයකට වඩා ඉඩකඩ තියනවා. ඇතුළත හරියට මාලිගාවක් වගෙයි. ලොකු නාන කාමරයක් වගේම හුරුබුහුටි සෝෆා එකක්, ටී, කෝෆි ඇතුළු හැම දෙයක්ම මෙහි තියනවා.

වටපිටාව ගැන නම් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේක කැලෑවක්. අනිත් පැත්තෙන් බලනකොට පලතුරු වත්තක්. වලිකුකුළා, ඕළු මුවා, ඉත්තෑවා, වල් ඌරා ගැවසෙනවා දකින්න ලැබෙන පුංචි වනාන්තරයක්. වනාන්තරයක ගියත් මේ සත්තු ඇහැට දකින්න ලොකු පිනක් කරල තියෙන්න ඕන. මෙතැනට යන අයට ඒකත් ඉබේම හම්බ වෙනවා.

කෑම බීම ගැන කතාකරන්න කලින් අවන්හල ගැන කියන්න ඕනේ. ඉතා පැරණි ගමක කුස්සියක විදිහට තමයි මෙහි අවන්හල නිර්මාණය කරල තියෙන්නෙ. මෙතැනට ගියාම දැනෙන්නෙ හරි ගැමි බවක්. ඒ ගැන අපි වැඩිය කතා නොකර ඉමු. ගියාම බලන්න ඔබත් හිතේ කොනක ලියලා තියාගන්න. කටට රහට ගමේ රසට චිමිනි ලාම්පු එළියෙන් කෑම කන්න, මහ රෑ පන්දම් එළියට නටන පළඟැටියන්ගෙ රැඟුම් බලන්න තවත් වෙන මොනාද.

මධුසමය ගතකරන කෙනකුට නම් මෙතැන දිව්‍යලෝකයක් වගේ දැනෙයි. අමතක නොවන මංගල රාත්‍රිය වෙනස්ම තැනක ගතකරල උදේට ගඟ අද්දර තියන කෑම මේසේ ලංකාවෙ ඉඳිආප්ප, පිට්ටු, රතුබත්, හැලප, ආප්ප ගමේ රසට රස බලල කොළකැඳ කෝප්පෙකින් අලුත් ජීවිතේ ආරම්භ කරන්න නොවරදවාම මෙහෙ එන්න. ඒ අයට විතරක් නෙවෙයි කොළඹ වගේ තදාසන්න පැතිවල හිරවෙලා ඉන්න අයටත් මෙතැන මාර නිදහස් තැනක්.
ගඟ ළඟ අසිරිය වචනවලට පෙරළන්න අමාරුයි. ඒතරමට සුන්දරයි. ගංගාවන් දෙකක් එකට එකතුවෙන තැන කුඹුක් වනාන්තරයක් වගෙයි. වැස්ස අඩු දවසක ආවොත් හොඳහැටි නාගන්නත් පුළුවන්. උඩවලවෙ ඇත් අතුරු සෙවණෙ ඉන්න අලි බබාලට කිරි පොවන්න යන්න ගගා බීස් අත දිග ඇරියා වගේ. වෙන කතා ඕන නෑ. මේ අංකයට කතාකරල දිනයක් වෙන්කර ගන්න.
071 620 5343
නිශ්ශංක මුවර්

SendShareShare
Previous Post

බොලිවුඩය වසඟ කළ තරු කපල් එක

Next Post

රාජ්‍ය ඇමැතිවරු 40ක්: දිව්රුම් දීම සදුදා

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ශ්‍රී ලන්කන් ගුවන් සමා­ග­මට 2013 වස­රේදී යානා දහ­ය­කින් සම­න්විත ගුවන් බල­ඇ­ණි­යක් මිලදී ගැනී­මේදී යුරෝ­පීය ගුවන් සමා­ග­ම­කින් අමෙ­රි­කන් ඩොලර් මිලි­යන 2ක...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.