ජීවිතයේ නොයෙක් කරදර කම්කටොලු ආවම අපේ ජීවිතයම කඩා වැටෙනවා. කරන කියන කිසි දෙයක් හරියන්නෙ නෑ. ඒ හැම දෙයකින්ම වෙන්නෙ අපේ මනස කඩා වැටෙන එක. ඉතින් කඩාවැටුණු මනසක් ඇති පුද්ගලයෙක් කරන කිසිම දෙයක් හරියන්නෙ නෑ. හැබැයි ධනාත්මක චින්තනයෙන් වැඩ කරන කෙනෙක්ගෙ හිත මොන බාධකයක් ආවත් කඩා වැටෙන්නෙ නෑ. ඒත් ඒක ඒතරම් ලේසි කාරණාවක් නෙවෙයි. මේ වගේ දවස්වලට අපි කියන්නේ අපල කාල කියලා. ඒ වගේ කාලෙකදි මනස නිදහස් කරගන්න අපිට අපේ රටේ යන්න තියෙන හොඳම තැන තමයි අනුරාධපුරය.
බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලත් මේ පුණ්‍ය භූමියට පයගැහුවත් ඇති කියල අපේ විශ්වාසයක් තියෙනවා. මේක කෙනකුට විහිළුවක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ දවසක් රුවන්වැලි සෑය ළඟට ගියොත් ඒ බව ඔබටම වැටහෙයි. මේ සතියෙ අපිත් හිතුවා අනුරාධපුරේ ගිහින් සති අන්තය නිදහසේ ගතකරල අපේ තියෙන ප්‍රශ්න අනුරාධපුරේ තියල නිරවුල් මනසින් ආපහු ගෙදර එන්න.
ඇත්තටම ගොඩක් අය අනුරාධපුරේ යන්නෙ මනස නිදහස් කරගන්න. එහෙම අවුල් මනසින් යන කෙනකුට වැදගත්ම දේ තමයි අනුරාධපුරේ නවතින නවාතැන. එතැන හරි නැත්නම් අපේ හිත තවත් කරදරයක පැටලෙනවා. ඉතින් අපි යන තැනත් හරියට පන්සලක් වගේ වෙන්න ඕන. කොහෙන්ද එහෙම තැනක් හොයාගන්නේ. ඔබට තියෙන ඒ ප්‍රශ්නයට විසඳුමක් හොයන්නත් එක්ක තමයි අපි මේ සැරේ අනුරාධපුරේ යන්නේ. ඒ තමයි වාසල.

වාසල කිව්වම ඕනම කෙනෙක් දන්නවා රජතුමා සිටි තැන තමයි අපි වාසල කියල හඳුන්වන්නේ කියලා. ඇත්තටම මේ තැනත් ඒ වගේ තමයි. මල්වර්ග සිය ගණනක් තියෙන ඉතාමත් සුන්දර උද්‍යානයකින් පිවිසෙන්න තියෙන මේ නවාතැනට යන ඔබට ඉදිරියට මුණගැහෙන්නෙ මහාකරුණාවෙන් ඔබ දෙස බලා ඉන්න බුදුරජාණන් වහන්සේගේ රුව. ඉතාමත් ආදර කරුණාවෙන් ඔබ පිළිගන්න කාර්ය මණ්ඩලය හරියට ගෙදර අයටත් වඩා සමීපයි. මේ නවාතැන පරිසර හිතකාමී නවාතැනක්. බැලූ බැලූ අත තියෙන්නෙ ගස් වැල්. ඒ නිසා ආයතනය ඇතුළතත් හරිම සිසිල් බවක් තමයි දැනෙන්නෙ. අනුරාධපුරේ කිව්වම ටිකක් රස්නෙයි. හැබැයි මෙහේ ආවොත් ඔබට හිරුගෙන් ලැබෙන උණුසුමත් අමතක වෙනවා. ඒ තරමට මෙතැන සිසිල්.
අපි නිවාඩුවක් ගත කරන්න යනකොට ලොකු තැන් හොයනවා. තරු කීයක් තියෙනවද බලනවා. හැබැයි ඒ ගොඩක් තැන්වල තරු තිබුණත්, කෑම බීම තිබුණත්, අපි හිතන නිදහස ඒ තැන්වල ගොඩක් අඩුයි. කාමරය අස්සටම කොටුවෙලා තමයි ඉන්න වෙන්නෙ. හැබැයි ඔබ වාසලට ආවොත් එහෙම හිතෙන්නෙ නෑ. මේ නවාතැනේ හැම කාමරයකටම වෙනම පුංචි ගාර්ඩන් එකක් තියෙනවා. කාමරය ඇතුළෙ වගේම එළියෙත් නිදහසේ ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කැමැති නෑ ගිය තැනකට ආයෙත් යන්න. ඒකට හේතුවක් තියෙනවා. එකම දේ අපේ ඇහැට දැක්කමත් හිතට හරි මදි. ඉතින් අපි අපේ ඇහැ පිනවන්න තව තැන් හොයනවා. එහෙම හොයාගන්න බැරි වුණොත් ඒක හිතට හරි මදි.
ඒවා ඔක්කොම අමතක කරන්න වාසලට ඔබ එනව නම් ඔබට කලින් දවසෙ හිටපු කාමරය නෙවෙයි ඊළඟ දවසෙ හමුවෙන්නෙ. කාමර දහය දහ විදියකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙහෙට දහ සැරයක් එන කෙනකුට හිතෙන්නෙ තැන් දහයකට ගියා වගේ හැඟීමක්. කාමර ගැන කතා කරන කොට සුව පහසුව වගේම පිරිසුදුකමත් උපරිමයෙන්ම තියෙනවා. අඩුපාඩු නෑ.

වාසලට එන කෙනකුට තවත් දෙයක් දැන ගන්න පුළුවන්. අපි අනුරාධපුරේ ගියාට ගොඩක් අයට මතක නෑ ඒ තැන්වල තියෙන විශේෂත්වය. පාසල් කාලයේ මේ දේවල් අපේ ඔළුගෙඩිවලට වැටුණට කාලයත් එක්ක එන ප්‍රශ්නත් එක්ක මේවා ඔක්කොම අපිට දැන් අමතකයි. ඒකට විසඳුමක් වාසල හිමිකරු ප්‍රීති වාසල මහතා ගෙනල්ල තියෙනවා. අනුරාධපුරේ වගේම ලංකාවේ අනිත් වටිනා තැන් ගොනු කරලා විනාඩි විස්සක පුංචි වීඩියෝ පටයක් නිර්මාණය කරල තියෙනවා. මේ නිර්මාණය සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ ප්‍රීති වාසල මහතා විසින්මයි. නිදහසේ ඉන්න ගමන් ඔබට ඒ හරහා හොඳ දැනුමකුත් ලබාගන්න පුළුවන්.
කෑම බීම සහ අවන්හල ගැනත් විශේෂයෙන්ම කියන්න ඕන. ගමේ රසට කොළමැල්ලුම් එක්ක ගමේ බත් වගේම පිටරට කෑමත් ඉතා පිරිසුදුව මෙහි ආවොත් ඔබට රස බලන්න පුළුවන්. ඊට අමතරව උඩමළුවට, රුවන්වැලි සෑයට පූජාකරන්න කිරි ආහාර වගේ දේවල් මේ නවාතැනට කියල ඔබේ හිතේ හැටියට හදාගන්නත් පුළුවන්.
මනරම් පිහිනුම් තටාකයක්, පබ් එකක්, ස්කයි බාර් ඇතුළු නවාතැනක තියෙන්න ඕන හැමදේම තියෙන තැනක් තමයි වාසල කියන්නේ. මෙහේ ආවොත් ඔබට නිදහස උපරිමයෙන් විඳින්න පුළුවන්. කාගෙන්වත් කරදරයක් නෑ. සේවක මඬුල්ල වුණත් කතාකරන්නෙ අවශ්‍යම දෙයක් විතරයි. එහෙම කතා කරන්නවත් දෙයක් ඔබට නෑ. ඇත්තටම කිව්වොත් මේ ඔබේ ගෙදර වගේ ඔබට අවශ්‍ය ඕන දෙයක් මෙහේ තියෙනවා. ඉතින් දවසක ඇවිත් යන්න එන්න. එන්න කලින් කතා කරල දිනයක් වෙන් කරගන්න.
0252225208/0777999197
නිශ්ශංක මුවර්











