• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මීට වඩා හොඳ චානස් එකක් ආයේ ලැබෙන්නේ නැහැ…! රඟපෑමට වඩා ඒ වේදනාව ඇත්තටම විඳින්නයි මට ඕනේ වුණේ…! ඒ බර තවමත් මගේ හිතේ තියෙනවා…! පූජන දන්දෙණිය I Sri Lanka Latest News

February 9, 2026
in Heart
Reading Time: 3 mins read
A A
මීට වඩා හොඳ චානස් එකක් ආයේ ලැබෙන්නේ නැහැ…! රඟපෑමට වඩා ඒ වේදනාව ඇත්තටම විඳින්නයි මට ඕනේ වුණේ…! ඒ බර තවමත් මගේ හිතේ තියෙනවා…! පූජන දන්දෙණිය I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්තමාන සිනමා ශාලා තුළ ප්‍රේක්ෂක හදවත් කම්පනය කරමින් අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති සිනමාපටයක් ලෙස “ෆාදර්” චිත්‍රපටය හැඳින්විය හැකිය. එහි “ඔස්මන් ගුණසේකර” ලෙස අතිශය තාත්වික සහ සංවේදී රංගනයක නිරත වෙමින්, ලාංකීය ප්‍රේක්ෂකයාගේ ආදරයත්, විචාරක පැසසුමත් එකලෙස දිනාගැනීමට නවක රංගන ශිල්පී පූජන දන්දෙණිය සමත්ව සිටියි. මේ දිනවල පවතින කාර්යබහුලත්වය සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද, ඔහු මේ කතාබහට සම්බන්ධ කරගැනීම එතරම් පහසු වූයේ නෑ. ඔහුගේ කාර්යබහුලත්වය අතරතුර අප ඔහුට හමු වූයේ ඉතාම කෙටි වේලාවකටයි. ඒ කෙටි හෝරා කිහිපය තුළ, සිය රංගන ජීවිතය සහ “ෆාදර්” ගැන ඔහු සමග සිදුකළ සාකච්ඡාවයි මේ.Sri Lanka Latest News

මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ කොහොමද?
මේ දවස්වල ඉතින් ‘ෆාදර්’ චිත්‍රපටයත් එක්ක තමයි කාලය ගතකරන්නේ. ලැබෙන ප්‍රතිචාරත් එක්ක හරිම කාර්යබහුල වගේම සතුටුදායක කාලයක් ගෙවමින් ඉන්නවා.
ඔබ ක්ෂේත්‍රයට එන්නේ ප්‍රධාන චරිතයකින්මයි. ‘ෆාදර්’ ඔබේ පළමු සිනමා අත්දැකීමද?
ඔව්. ‘ෆාදර්’ තමයි මම ප්‍රධාන චරිතයකට පණ පෙවූ මගේ පළමු සිනමාපටය. නළුවෙක් විදිහට මගේ ගමන ආරම්භ කරන්න මීට වඩා හොඳ අවස්ථාවක් ලැබෙයි කියලා මම හිතන්නේ නැහැ.
ඔස්මන් ගුණසේකර කියන්නේ සැබෑ ජීවිතයේ ජීවත් වුණු පුද්ගලයෙක්. මේ සැබෑ කතාව ඔබ මුලින්ම අහපු වෙලාවේ ඔබේ ඇඟේ හිරිගඩු පිපුණා කියලා කියනවා. ඒ තරම් කම්පනයක් දැනෙන්න මොකක්ද ඒ කතාවේ තිබුණු සුවිශේෂත්වය?
ඇත්තටම ඔව්. ඒ කතාව මුලින්ම ඇහුවම මට දැනුණේ විස්තර කරන්න බැරි තරම් ලොකු කම්පනයක්. ඒ චරිතය ඇතුළේ තිබුණු පීඩනය, වේදනාව සහ ඒ ජීවිතයේ තිබුණු බරපතළකම මගේ හදවතටම දැනුණා. මගේ ඇඟේ හිරිගඩු පිපුණේ ඒ නිසයි. ඒ මොහොතෙම මම තීරණය කළා මොන තරම් අභියෝග ආවත් මේ චරිතය මම කරන්නම ඕනේ කියලා.
එතකොට පූජන, ඒ දැනුණු හිරිගඩු පිපෙන හැඟීම රූගත කිරීම් ඉවර වෙනකම්ම ඔබ තුළ රඳවාගන්න පුළුවන් වුණාද?
අනිවාර්යයෙන්ම. ඒ පීඩනය තිරය මතට ගේන්න නම් ඒ කම්පනය මගේ ඇතුළේ තියාගන්න එක වැදගත් වුණා. මම උත්සාහ කළේ රඟපානවාට වඩා ඒ වේදනාව ඇත්තටම විඳින්නයි.
“ඔස්මන්” කියන සංකීර්ණ චරිතය වෙනුවෙන් ඔබ සූදානම් වුණේ කොහොමද?
මට පිටපත ලැබුණාම මම ඒක කිහිප සැරයක් කියවලා ඒ ගැන තොරතුරු හෙව්වා. ඒ වගේම මේ චරිතයට සමාන ගතිලක්ෂණ තියෙන ගොඩක් රෙෆරන්ස් බැලුවා. ඒ හැදෑරීම් එක්ක තමයි ඔස්මන්ව මම මගේ ඇතුළේ ගොඩනගා ගත්තේ.

ඒ කියන්නේ ඔබ “පූජන”ව අමතක කරලා ඔස්මන්” වෙන්න උත්සාහ කළාද?
අනිවාර්යයෙන්ම. සංකීර්ණ නිරූපණයක් තියෙන චරිතයක් ලැබීම නළුවකුට ලැබෙන ලොකු අවස්ථාවක්. කැමරාව ඉස්සරහදී මම පූජන කියන කෙනාව අමතක කළා. මම උත්සාහ කළේ ඔස්මන්ගේ සාධාරණය තිරය මත පෙන්වන්නයි.
“ඔස්මන් ගුණසේකර” කියන චරිතය ඇතුළේ ඔබ විඳපු ඒ පීඩනය, කැමරාවෙන් ඉවතට ගියාමත් ඔබේ පෞද්ගලික ජීවිතයට බලපෑම් කළාද?

ඇත්තටම මෙවැනි සංකීර්ණ චරිතයක් කරද්දී ඒකෙන් මිදෙන්න ටිකක් කල් යනවා. පසුගිය අවුරුදු එකහමාරම මම ගතකළේ මේ චිත්‍රපටය එක්ක නිසා, ඒ චරිතයේ බර තවමත් මගේ හිතේ කොහේ හරි රැඳිලා තියෙනවා කියලා මට හිතෙනවා.
අවුරුදු එකහමාරක් වැනි කාලයක් ‘ෆාදර්’ වෙනුවෙන් පමණක් කැපකිරීම ඔබ ගත් අවදානමක් නෙවෙයිද?
අවදානමක් වෙන්න පුළුවන්, ඒත් මම විශ්වාස කරන්නේ ප්‍රමාණයට වඩා ගුණාත්මකභාවය වැදගත් කියලා. ‘ෆාදර්’ වෙනුවෙන් මම කරපු ඒ කැපකිරීමට අද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර දකිද්දී මට හිතෙනවා මම ගත්ත තීරණය නිවැරදියි කියලා. හොඳ නිර්මාණයක් වෙනුවෙන් ඕනෑම කාලයක් කැපකරන්න මම සූදානම්.
ප්‍රේක්ෂක ආදරය ගැන මොකද හිතන්නේ පූජන?
ඇත්තටම සතුටුයි. හොඳ ප්‍රතිචාර තියෙනවා. මම හිතන්නේ ලොකු ප්‍රේක්ෂක ආදරයක් මට දිනා ගන්න පුළුවන් වුණා. අද මම ගැන ගොඩක් දේවල් ලියවෙනවා. ඒ ආදරය දකිද්දී ඕනෑම නළුවකුට දැනෙන ලොකු සතුටක් මටත් දැනෙනවා. ඒ සතුට තමයි මම අද අත්විඳින්නේ.
‘ෆාදර්’ සිනමාපටයෙන් පස්සේ ඔබේ ඉදිරි කලා කටයුතු කොහොමද?
පසුගිය අවුරුදු එකහමාරම මම ගතකළේ ‘ෆාදර්’ චිත්‍රපටය එක්ක. ඒ නිසා වෙනත් නිර්මාණවලට කාලය වෙන් කළේ නැහැ. හැබැයි දැන් චිත්‍රපට කිහිපයක වැඩ පටන් ගන්න සූදානමින් ඉන්නවා.
එතකොට අපිට පූජනව ආයෙත් දකින්න ලැබෙන්නේ කොයි වගේ චරිතයකින්ද?
අපිට ලැබෙන ආරාධනා අනුව තමයි ඒක තීරණය වෙන්නේ. හැබැයි මම හැමවෙලේම උත්සාහ කරන්නේ ප්‍රේක්ෂකයාට අලුත් දෙයක් දෙන්න පුළුවන් ගුණාත්මක නිර්මාණ තෝරාගන්නයි.

ප්‍රසාදි උමයංගනා

SendShareShare
Previous Post

ජනාධිපති අරමුදලෙන් ජවිපෙ මන්ත්‍රී නිපුණආරච්චිගෙයි ගලප්පත්තිගේ නෝනාගෙයි ඉස්පිරිතාල බිලත් ගෙවලා! ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත්තා කියලා නලින්ද පාර්ලිමේන්තුවට දාපු නම් ලයිස්තුවේ නොතිබුණු නම් දෙකකුත් එළියට එයි!  I Sri Lanka Latest News

Next Post

‘ඉවත් වෙනු’! නුවරඑළියෙන් අලුත් සටනක් ඇරඹෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.