ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
රටම එකට ව්‍යාපෘතිය යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා අපරාධවලින් තුරන් වී රට යහමගට ගෙන ඒමේ ක්‍රියාන්විතයට අනුව රථ වාහන රියදුරන් දැනුවත් කිරීමේ ඉස්ටිකර් වාහනවල පිටුපස ඇලවීමේ වැඩසටහනක් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්ප් ප්‍රගීත් ධනංසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් (09) උදෑසන නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය අසල ආරම්භ විය , Sri Lanka Latest News
මෙම වැඩසටහන රටම එකට ජාතික වැඩසටහනට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන වශයෙන් නුවරඑළිය දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත සී පල්ලේවල මහතාගේ උපදෙස් පරිදි නුවර එළිය පොලිසිය මගින් සංවිධානය කර තිබිණ ,
මෙහිදී මත්ද්‍රව්‍ය භාවිතය ජාවාරම් කිරීම සහ දරුණු අපරාධ වලින් වැළකී රට යහමගට ගෙන ඒම පිළිබඳව රියදුරක් දැනුවත් කර මගීන්ගේ අවධානය යොමුවන ආකාරයෙන දැනුවත් කිරීමේ ස්ටිකර් ඇලවීමේ කටයුත්තක් සිදු කරන ලදී ,
මෙම වැඩසටහන සඳහා නුවරඑළියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්ද්‍රසේකර බණ්ඩාර , සහකාර පොලිස් අධිකාරී චන්දන බස්නායක , නුවරඑළියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස්.සී.සංජීව මහතා ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වී සිටියහ .

























