• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හැම දේටම පරිස්සමක් තියෙන්න ඕනේ! Sri Lanka Latest News

July 14, 2025
in Heart
Reading Time: 2 mins read
A A
හැම දේටම පරිස්සමක් තියෙන්න ඕනේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පූජනී භාග්‍යා මේ දවස්වල වැඩි සද්දයක් නැහැ. වැඩි සද්දයක් නැහැ කියලා කිව්වට පූජනීගේ සද්දයක් ඇත්තෙම නැති තරම්. චැට් ප්‍රෝග්‍රෑම්වලට එන්නෙත් නැහැ. ටෙලිනාට්‍යවලත් නැහැ. ඇත්තටම ඈ විවාහයෙන් පස්සේ රඟපෑමෙන් ඈත් වෙලාද?
ඒ ගැන අහන්න හිතාගෙනත් පොඩි කතාබහකට සේන්දු කරගන්න නිකමට වගේ අපි ඇයට කතා කළා. Sri Lanka Latest News

පූජනී කොහොමද ඉතින් සුවදුක් එහෙම?
වරදක් නැහැ. ජීවිතය සතුටින් ගෙවෙනවා.
වැඩි සද්දයක් එහෙම නැත්තේ මොකද?
ඇත්තටම කියනවා නම් කලා කටයුතුවලින් ඈත්වෙලා පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න හිතුවා.
ඒ කියන්නේ මැරේජ් එකෙන් පස්සේ රංගන කලාවට ආයුබෝවන් කියන්නද ලෑස්තිය?
අපොයි නැහැ. මං ආයේ රංගනයට එනවා. පහුගිය දවස්වල තිළිණ බොරලැස්සගේ අලුත්ම ෆිල්ම් එකේ වැඩ නිසා ටිකක් විතර බිසී වෙලා හිටියා.
ටෙලිනාට්‍ය රිජෙක්ට් කරලා ෆිල්ම්වල රඟපාන්න ගත්තේ ටෙලි රංගනය එපා වෙලාද?
ටෙලිනාට්‍ය රිජෙක්ට් කරන්නේ නැහැ. ඒවා එපාවෙලත් නැහැ. හැබැයි ෆිල්ම් එකට ආරාධනා ලැබුණු එක හිතට ලොකු සතුටක් වුණා. හරියටම කාලෙක ඉඳන් බලාපොරොත්තුව හිටපු දෙයක් ලැබුණා වගේ හැඟීමක් දැනුණා.
ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියමුද?
ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ තිළිණ බොරලැස්ස. මට ආරාධනා කළෙත් ඔහුමයි. ‘මං හොයන්නෙ ප්‍රේමයක්’ කියන නම තියපු ඒ ෆිල්ම් එක සුන්දර කතා පුවතක්.
පුංචි තිරය අතෑරලා සිනමාවට යන්න හිතෙයිද දන්නේ නෑ නේද පූජනී?
ඉස්සරහට ෆිල්ම් තව ආවොත් ඒවත් භාරගන්නවා. ටෙලි ඩ්‍රාමාවලත් දිගටම රඟපානවා. එහෙම තමයි දැනට හිතාගෙන ඉන්නේ.
යම් සීමා ඇතුව චරිත භාරගන්නේ පූජනී දැන් විවාහක නිසාද?
විවාහකයි කියලා නම් එහෙම විශේෂ සීමා දාගත්තේ නැහැ. මැරි කරන්න කලින් ඉඳලම මම චරිත භාරගත්තේ යම් සීමාවල ඉඳලයි. මම ගැහැනු ළමයෙක්. හැම දේටම පරිස්සමක් තියෙන්න ඕනේ. සීමාවක් තියෙන්න ඕනේ කියන මතය තුළ මමම තමයි මගේ සීමාවන් පනවා ගත්තේ. මේ ෆීල්ඩ් එකට ආව දවසේ ඉඳන්ම.
ගයාන් නෙවෙයිද වැඩි ආදරේට යම් යම් සීමා දැම්මේ?
නැහැ. ගයාන් එහෙම පටු විදියට හිතන කෙනෙක් නෙවෙයි. එයා හරි අන්ඩස්ටෑන්ඩින්. මාව හුඟක් හොඳින් තේරුම් අරගෙනයි එයා ඉන්නේ. ඒ නිසා මගේ කලා නිර්මාණවලට එයාගෙන් බාධාවක් නැහැ.
ඒ වගේම එයා දන්නවා මම වැරැදි තීරණ ගන්නේ නැහැ කියලා. මට වුවමනා නිදහස එයා දීලා තියෙන්නේ ඒකයි.
‘හෙලෝ ඩැඩා’ හුඟක් ෆේමස් වුණේ ඔයාලා දෙන්නා හරි ආදරණීය කපල් එකක් හින්දා නේද?
වෙන්න ඇති. ඇත්තටම මමයි ගයානුයි අපේ ලස්සන බව්වයි එකතු වෙලා කරන ඒ වීඩියෝස් ටික හිතපු නැති විදියට හැමෝම හරි ආදරෙන් වැලඳ ගත්තා.
ෆීල්ඩ් එකේ හැමෝම කියනවා පූජනී කවදාවත් චරිතවලට පොලු තියන්නේ නැහැ කියලා?
ඔව්. විනෝදෙට ආසාවට කියලා මුලින්ම රඟපාන්න ආවට පස්සේ ඒක මගේ වෘත්තිය වුණා.
වෙඩින් එකට කලින් මම භාරගත්ත ටෙලිඩ්‍රාමා ටික සේරම ඉවර කළා. හිටි හැටියේ නිර්මාණයක් සහ ඒ වටා ඉන්න කෲ එක අපහසුතාවට පත්කරන එක මම කවදාවත් කරන්නේ නැහැ. මේක අපේ වෘත්තිය. අපටය කියලා ප්‍රේක්ෂක පිරිසක් හැදුණා. ප්‍රතිරූපයක් හැදුණේ මේ ෆීල්ඩ් එක නිසයි. අපේ නිර්මාණ රසවිඳපු ප්‍රේක්ෂකයෝ අපට ඇලුම් කරනවා. අද අපි මේ ඉන්න තැනට අරන් ඇවිත් තියෙනවා. ඒ නිසා අපිට යම් නිර්මාණවලට දායක කරගන්නා නිර්මාණකරුවන්ට වාගෙම ඒ ප්‍රේක්ෂකයන්ටත් අපි ආදරේ කරන්න ඕනේ. එයාලා ඉස්සරහා නිහතමානී වෙන්න ඕනේ. එහෙමයි මම හිතන්නේ. මම විතරක් නෙවෙයි ගයානුත් හිතන්නේ එහෙමයි.
අවසානෙට කියන්න ඉතින් ඔයාව දකින්න පුළුවන් ටෙලිය මොකක්ද?
ළඟදීම බලාගන්න පුළුවන් වෙයි. හැම එකක්ම භාරගන්නේ නැහැ. ඉස්සර වගේ ගොඩක් බිසී වෙන්න ආසා නැහැ. මම හිතන විදියට මගේ ජීවිතේ මුල් තැන සහ වැඩි කොටසක් මගේ ෆැමිලි ලයිෆ් එකට තමයි මම දෙන්න ඕනේ. ඒ වගේම මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ටත් මම හැමදාමත් ආදරෙයි කියන එකත් අමතක නොකර ලියන්න.

මල්මි කෞශල්‍යා

SendShareShare
Previous Post

කියන්න ඕනෙ දේ මම කෙළින් කියනවා! Sri Lanka Latest News

Next Post

සාරංගිකාගේ රහස් ඡන්දෙට එරෙහිව සීතාවක විපක්ෂයේ මන්ත්‍රීවරු ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය ඉවත දමයි! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.