• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කියන්න ඕනෙ දේ මම කෙළින් කියනවා! Sri Lanka Latest News

July 14, 2025
in Heart
Reading Time: 2 mins read
A A
කියන්න ඕනෙ දේ මම කෙළින් කියනවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දිනවල විකාශය වන විවිධ ටෙලිනාට්‍යවල ‘අම්මා’ගේ චරිතය නිරූපණය කරන නිළියන් රාශියක් අපට දකින්නට ලැබෙනවා. ඒ අතර ‘මායාවි’ ටෙලිනාට්‍යයේ ‘නම්බුහේවා’ කියන්නේ විශේෂිත චරිතයක්. ඒ චරිතය නිරූපණය කරන ධනුෂ්කා ජයරත්න සමග අපි ‘මව්රට’ ‘හාට්’ වෙනුවෙන් මෙවර කතාබහ කරන්න හිතුවා. Sri Lanka Latest News

කොහොමද ධනුෂ්කා?
හොඳින් ඉන්නවා.
මේ දවස්වල ඔබගේ සුවිශේෂ චරිතයක් අපි දකිනවා?
මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම මාව දැකගන්න පුළුවන්. ඒ අතර ‘මායාවි’ ටෙලිනාට්‍යයේ නම්බුහේවා චරිතය ගැන ගොඩ දෙනෙක් කතාබහ කරනවා. ඒ චරිතය මටත් විශේෂිත එකක් වුණා.
නම්බුහේවා චරිතය ඔබට දැනුණේ කොහොමද?
ඇත්තටම මට ඒ චරිතය අභියෝගයක් වුණා. මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට එය වෙනස්ම අත්දැකීමක් වෙන්න ඇති. ඒ නිසාම තමයි හොඳ ප්‍රතිචාර මට ලැබෙන්නේ. මම චරිතයට සාධාරණයක් කරලා තියෙනවා කියලා හිතෙනවා. සඳුන් රාජකරුණා සමග මම වැඩකරන පළමු අවස්ථාව තමයි මේ. ඒ වගේම මහේෂ් අයියා ඇතුළු සියලු දෙනාගෙන් මට ලොකු සහායක් ලැබුණා චරිතය සාර්ථක කරගන්න. ඒ ලැබුණු සහායත් ගොඩක් වටිනවා.
චරිතය ඉස්මතු වීමට දකුණු පළාතේ භාෂාවත් ඉවහල් වෙන්න ඇති නේද?
අනිවාර්යයෙන්ම. ප්‍රාදේශීය භාෂාවල තියෙන විශේෂ යෙදුම් දැන් භාවිත වෙනවා අඩුයි. දකුණේ ජනතාව වුණත් දැන් පොදු භාෂාවකට හුරුවෙලා. ප්‍රේක්ෂකයන්ට මේ භාෂා හුරුව වෙනස්ම අත්දැකීමක් වෙනවා. රංගන ශිල්පීන් කිහිප දෙනකු මේ භාෂාව භාවිත කරමින් චරිත නිරූපණය කරලා තිබුණත් රංගන ශිල්පිනියක් දකුණේ භාෂාව භාවිත කරමින් චරිතයක් නිරූපණය කරලා නැති තරම්. මම හිතන්නේ මෙම නිරූපණය කරන චරිතය ලස්සන වීමට මේ භාෂාව ලොකු බලපෑමක් කළා.
විවිධ චරිත හරහා අම්මාගේ චරිත ඔබ නිරූපණය කර තිබුණත් මේ චරිත නිරූපණය තුළින් අපි දකින අම්මා ගොඩක් සංවේදී බව දැනෙනවා?
ඒ සංවේදීකම මටත් තදින්ම දැනුණා. මේ වගේ අම්මලා මේ සමාජයේ කොයි තරම් ඇතිද? දරුවන්ගේ අනාගතය, ජීවිතය, වගකීම් එක්ක ආදරය සෙනෙහස දක්වන ආකාරය, සංවේදී බව මටත් මේ චරිතය හරහා තදින්ම දැනුණා.
ටෙලිනාට්‍ය හරහා විවිධ චරිත තුළින් ඔබව දැකගත්තත් සිනමාවට ඔබේ දායකත්වය අඩුවක් තියෙනවා නේ?
එය මගේ අවාසනාවක් වෙන්න ඇති කියලා මම හිතනවා. මේ දවස්වල මම සම්බන්ධ වුණු ‘වාලම්පුරි’ චිත්‍රපටය තිරගත වෙනවා. වේදිකාවට, ටෙලිනාට්‍යයට, සිනමාවට මම හදවතින්ම ආදරෙයි. ඒත් මම රංගන ශිල්පිනියක් වශයෙන් ලැබෙන දේ සතුටින් භාරගන්නවා.
ඔබේ ජනප්‍රියත්වයට තවත් පසෙකින් විවිධ මඩ පහරවල් එල්ල වුණා නේද?
කවුද ඕවා ගණන් ගන්නේ? කතාකරන්න ඕනේ දේට මම කෙළින් කතා කරනවා. නිහඬ වෙන්න ඕනේ තැන මම නිහඬ වෙනවා. හැබැයි නිහඬ වෙන්නේ වෙන හේතුවකට නෙවෙයි. මගේ සැමියා, මගේ පුතා මුගේ ජීවිතයට හයියක්. පවුලේ අය දන්නවා මම කවුද කියලා. කිසිම කෙනකුට මාව වට්ටවන්න බැහැ. මම කිසිම කෙනකුට ඊර්ෂ්‍යා කරන කෙනෙක් නෙවෙයි.
කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා ජනප්‍රිය වීමට ගොසිප් මවනවා. ඔබත් එහෙමද?
මම ඒ දේට කොහොමවත් කැමැති නැහැ. ජනප්‍රියභාවය වෙනුවෙන් එහෙම කරන අය ඇති. එය මට අදාළ නැහැ. ඒක එහෙම කරන අයගේ කැමැත්ත. මට මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය, ගෞරවය හොඳටම ඇති.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ඔන්න දුමින්ද දිසානායකත් එළියට ආවා! I Sri Lanka Latest News

Next Post

හැම දේටම පරිස්සමක් තියෙන්න ඕනේ! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.