• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලොකු ප්ලෑන්ස් තියාගෙන ජීවත් වෙන්න බැහැ…! අටලෝදහම කියලා එකකුත් තියෙනවනේ…!හොඳ වගේම බැණුම්නුත් අහන්න වෙනවා…! තවම හරි එකක් ලැබුණේ නැහැ…! කුසල් මධුරංග I Sri Lanka Latest News

December 27, 2025
in Heart
Reading Time: 4 mins read
A A
ලොකු ප්ලෑන්ස් තියාගෙන ජීවත් වෙන්න බැහැ…! අටලෝදහම කියලා එකකුත් තියෙනවනේ…!හොඳ වගේම බැණුම්නුත් අහන්න වෙනවා…! තවම හරි එකක් ලැබුණේ නැහැ…! කුසල් මධුරංග I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්තමාන ශ්‍රී ලාංකේය රංගන ක්ෂේත්‍රය තුළ තමන්ටම අනන්‍ය වූ සලකුණක් තැබූ, ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් අපූරු රංගන ශිල්පියකු ලෙස කුසල් මධුරංග හැඳින්විය හැකිය. සරල, සුහදශීලී මෙන්ම අතිශය තාත්වික රංගන පෞරුෂයකින් හෙබි ඔහු, විශේෂයෙන්ම ටෙලිනාට්‍ය කලාව තුළ විවිධ වූ චරිත ඔස්සේ සිය ප්‍රතිභාව විදහා දැක්වූවෙකි. රංගනය යනු හුදු රංගනයක්ම නොව, එය ජීවිතය හා බද්ධ වූ කලාවක් බව පසක් කරන ඔහුගේ කලා දිවිය සහ ඉදිරි බලාපොරොත්තු පිළිබඳ ‘හාට්’ අප කළ කතාබහ මෙසේ දිගහැරේ.Sri Lanka Latest News

මේ දවස්වල වැඩකටයුතු ගැන කතා කළොත්..?
මේ දවස්වල අලුතින් අපි ටෙලිඩ්‍රාමා දෙකක් විතර කළා. ඊට අමතරව පාට කුරුල්ලෝ නාට්‍යය විකාශය වෙනවා. ඒකේ රූගතකිරීම් තියෙනවා. ඒ එක්කම අනුජ ප්‍රියභානු අධ්‍යක්ෂවරයාගේ ‘ටැක්සිකාරයා’ ටෙලිනාට්‍යය විකාශය වෙනවා. ඒකේ රූගතකිරීම් සිද්ධ වෙනවා. මීට අමතරව උදයසිරි වික්‍රමරත්න මහත්මාගේ ‘හරිම බඩු තුනක්’ වේදිකා නාට්‍යයත්, ඒ වගේම ධර්මප්‍රිය ඩයස් මහතාගේ ‘මම නෙවෙයි වෙන කෙනෙක්’ වේදිකා නාට්‍යයත්, චාලක රණසූරියගේ ‘සඳුදා වැටෙන්නේ සිකුරාදට’ නාට්‍යය සහ නිලංක නිසලාංජල්ගේ ‘අතරමැදියා’ වේදිකා නාට්‍යයත් වේදිකාගත වෙනවා. අයහපත් කාලගුණ තත්ත්වයන් හින්දා සමහර දර්ශන කැන්සල් වුණා.

සිහින සමාගම, බස් එකේ ඉස්කෝලේ වැනි ටෙලිනාට්‍යවලට සම්බන්ධ වූ ඔබ ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනාගත් චරිතයක් තමයි ‘පාර දිගේ’ බණ්ඩා චරිතය. කුසල්ව අද වෙනකොට බහුතරයක් දෙනා දන්නේ මංජිත විදියට..?
ඇත්තටම ‘සිහින සමාගම’ තමයි මගේ පළමුවැනි ටෙලිනාට්‍යය. ඊට පස්සේ ‘බස් එකේ ඉස්කෝලේ’. ‘පාර දිගේ’ නාට්‍යයට සෑහෙන ප්‍රතිචාර ලැබුණා. අදටත් ඒ චරිතෙට සෑහෙන්න ප්‍රතිචාර ලැබෙනවා. ඊට පස්සේ ඒ ජනප්‍රියතාව සහ ඒ ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව ලැබුණා ‘පාට කුරුල්ලෝ’ නාට්‍යයේ මංජිතට. ප්‍රේක්ෂක ආදරය ‘පාරදිගේ’ ටෙලිනාට්‍ය හරහා උපරිම තැනට ආවා. ඉතින් ‘පාට කුරුල්ලෝ’ නාට්‍යයත් එක්කත් ඒක නොඅඩුව රැකගන්න ලැබිච්ච එක මම භාග්‍යයක් විදියට සලකනවා.

දේශාන් කියන ටැක්සිකාරයා ඔබේ ජීවිතයේ තවත් නව පෙරළියක්ද?
ඔව්. ඒකටත් හොඳ ප්‍රතිචාර හම්බවෙනවා. ඉතින් අපි ටික කාලයකට ඉහතදී කරපු ටෙලිනාට්‍යයක්. දැන් විකාශය වෙන්න පටන් අරගෙන. ඒක සති අන්තයේ යන ටෙලිනාට්‍යයක්. සති අන්තයේ යන ටෙලිනාට්‍යයක් විදිහට මම පළමුවැනියටම රංගනයෙන් දායක වෙන්නේ මේ නාට්‍යය නිර්මාණයට. ඉතින් ඒකත් හොඳ කතා වස්තුවක්. ඇත්තටම ටැක්සි දුවන මහත්වරුන්ට ගොඩක් දේවල් ජීවිතයේ හම්බ වෙනවා. ජීවිතයේ විවිධාකාර මිනිස්සු හම්බවෙනවා. ඒ එක්ක බැඳුණු ලස්සන කතාවක් වෙයි. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

ඔබේ රංගනයන් තුළ චරිත තේරීම කොයි වගේද?
යම් මට්ටමකින් තෝරාබේරා ගැනීමක් සිද්ධ වෙන්න ඕනෙ නාට්‍යයක විතරක් නෙවෙයි ජීවිතයේ සියලු දේවල් සම්බන්ධව. ඉතින් තෝරා බේරා ගැනීමක් සිද්ධ වෙනවා යම් මට්ටමකින්. නමුත් අර අපිට හම්බවෙන දේ හරියාකාරව කරන්න පුළුවන් කණ්ඩායමක් ලැබෙන එක තමයි ප්‍රධානම දේ. කතාබහ කරමින් හොඳ නිර්මාණයක් එළියට ගන්න උත්සාහ දැරීමක් තමයි කරන්න ඕනේ. ඒක සාමූහික ක්‍රියාවක්. විවිධාකාරයේ වැඩ හම්බවෙනවා. ඒ වැඩ ඔක්කොම කරන්න බෑ. වැඩියෙන්ම ආස කරන, තමන්ට දෙයක් කරන්න පුළුවන් සහ කණ්ඩායමක් ඉන්න අවශ්‍යයි. එතකොට ඒ හැම දේම එක්ක කාර්යබහුලකම බලන්න ඕනේ. ඒ වැඩේට නියැළෙන්න පුළුවන් කාලය ඒ හැම දෙයක් එක්කම තමයි වැඩ තෝරාබේරා ගැනීම් සිද්ධ වෙන්නේ.

සමාජ මාධ්‍ය හරහා ලැබෙන ප්‍රතිචාර සහ විවේචන ඔබ දකින විදිය..?
ප්‍රතිචාර, විවේචන ලොකුවටම ගන්න තත්ත්වයක මම නැහැ. සාමාන්‍යයෙන් කමෙන්ට් කියවනවා පවා අඩු කෙනෙක් මම. නමුත් ඒ ලැබෙන ප්‍රතිචාරයට යම් විදියේ වටිනාකමක් දෙන්න කැමැතියි. අපේ හොඳ වුණත් වැඩිපුර කියන අවස්ථාවලදී ඒකත් අනවශ්‍ය විදියට අපේ වැඩවලට බාධා වෙන්න සහ ඒක අපේ හිත්වල පැලපදියම් වීමම අවාසිසහගත තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ගුණදොස්, හොඳ නරක විවිධ කාලවල විවිධ ස්වරූපයෙන් එනවා. ඉතින් ඒක හරියාකාරව ගන්න ඕනෙ. අටලෝදහම කියලා එකකුත් තියෙනවනේ. ඉතින් සමහර වෙලාවට හොඳ දේවල් අහන්න වෙනවා. සමහර වෙලාවට බැණුම් අහන්න වෙනවා. ඒක ඉතින් සාමාන්‍ය විදිය. අනවශ්‍ය විදියට ගන්න ඕනෙත් නෑ නොගෙන ඉන්න ඕනෙත් නැති දෙයක්.

ඔබව සිනමාව තුළ දකින්නට ලැබෙන්නෙ ඉතා අඩුවෙන්. මේ පිළිබඳ සඳහන් කළොත්?
සිනමා නිර්මාණ කිහිපයකට දායක වුණා. නමුත් හරි සිනමා නිර්මාණයක් තාම මට හම්බවෙලා නෑ ඇත්තටම. ඒ වගේම නිර්මාණ කීපයක් කළා. නමුත් තාම ඒවා තිරගත වුණෙත් නෑ. හැබැයි තාම සිනමා ප්‍රේක්ෂකයන්ට හොඳ බලාපොරොත්තුවක් දෙන්න බැරිවෙලා තියෙනවා. ඉතින් ඒකට නොඅඩුව ආසයි නළුවෙක් සහ නිළියක්. වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍යය කියන තත්ත්වයන් තුළ සිනමා නළුවෙක්, නිළියක් වෙන්න ඕනෙම කෙනෙක් කැමැතියි. මේ මොහොතේ ලංකාවේ සිනමාව ඉතාම හොඳ තැනක තියෙනවා. මේ වගේ මොහොතක ඉතින් ඇත්තටම හොඳ සිනමා නිර්මාණයක් හම්බවෙනව නම් සන්තෝසයි. නමුත් සිනමා නිර්මාණවලට ලැබුණු ඇරවුම් අඩුයි.

අවසාන වශයෙන් දැනගන්න කැමැතියි ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන?
මම හැමදාම කියන කාරණයක් තමයි ඉදිරි වැඩකටයුතු කියල ලොකු ප්ලෑන් නෑ. ලොකු ප්ලෑන්ස් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක නැහැ ලෝක ස්වභාවය. ඉතින් ඉදිරි වැඩකටයුතු කරගෙන යන්න බලාපොරොත්තුවෙන්, ඉදිරි අවුරුද්ද මැනේජ් කරගෙන, දින කාලසටහන් හදාගෙන වැඩකට හානියක් නොවන විදිහට වැඩ කරගෙන යනවා කියන බලාපොරොත්තුව තමයි තියෙන්නේ.

අසිංසලා වීරහිංගේ

SendShareShare
Previous Post

රට වටේම මාලිමා අයවැය දිගට හරහට පරද්දනවා! ඒ අස්සේ සමූපාකාර ඡන්දත් දිනනවා! මාරපන හතෙන් හතම සජබෙට! මාලිමාවට හතේ හත වැදිලා!  I Sri Lanka Latest News

Next Post

තරුණයෙකු උස්සා පොළොවේ ගැසූ පාතාල ටියුෂන් ගුරා පොලිසියෙන් අල්ලයි! අන්න දැන් කූඩුවේ! ගුටි කෑ තරුණයා රෝහලේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.