පන්නිපිටිය, කලල්ගොඩ ප්‍රදේශයේදී තරුණයකු උස්සා පොළොවේ ගැසීම හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් භෞතික විද්‍යා (Physics) ටියුෂන් ගුරුවරයකු වන ඉංජිනේරු ශෙහාන් විදානපතිරණ නැමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයි වාර්තා වේ.Sri Lanka Latest News
පහරකෑමට ලක් තරුණයාගේ වෙළඳසැල ඉදිරිපිට මෝටර් වාහනයක් ගාල් කිරීම හේතුවෙන් ඇති වූ සුළු ආරවුලක් දුරදිග යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති බවත්, පහරකෑමට ලක්වූ තරුණයාගේ අභ්‍යන්තර ඉන්ද්‍රීයවලට තුවාල සිදුවීම හේතුවෙන් ඔහු රෝහල්ගතව නේවාසික ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.
කලල්ගොඩ, පන්නිපිටිය පාරේ අංක 388/E දරන ස්ථානයේ පිහිටි වෙළඳසැලක් ඉදිරිපිට ශෙහාන්ට අයත් සුදු පැහැති හොන්ඩා වේසල් (CBQ 9209 -Honda Vezel) වර්ගයේ කාර් රථය නවතා ඇත.
එය ඉවත් කරගන්නා ලෙස වෙළඳසැල් හිමියා විසින් කළ දැනුම් දීමකට උරණ වූ මෝටර් රථයේ හිමිකරු වන උපකාරක පන්ති ගුරුවරයා, එහි සිටි තරුණයෙකු උස්සා පොළොවේ ගසා ඇති බව CCTV දර්ශන මගින් තහවුරුව තිබේ.
පහරකෑමට ලක්ව ඇත්තේ ප්‍රසිද්ධ මංගල උත්සව සැලසුම්කරුවෙකු (Wedding Planner) වන ලසන්ත නැමැති තරුණයෙක් බව වාර්තා වේ.










