• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ග්‍රැමී සම්මානය දිනා ගන්න එක තමයි මගේ ලොකුම ආසාව…

July 7, 2021
in Heart
Reading Time: 5 mins read
A A
ග්‍රැමී සම්මානය දිනා ගන්න එක තමයි මගේ ලොකුම ආසාව…
Share on WhatsAppShare on Facebook

සංගීත භාණ්ඩවලට වැඩිය මම ආස බාහිර ශබ්දවලට…
හමාර බණවර ඇත්තම අත්දැකීමක්…

ලංකාවේ රියැලටි වැඩසටහන් හරහා බිහි වුණු තරු අතර රවී රෝයිස්ටර්ට හිමි වෙන්නේ විශේෂ තැනක්. රවී ගැන රටම දැන ගත්තේ ඩී්‍රම් ස්ටාර් හරහා. ඒත් එතැනින් පස්සේ තමන්ටම සුවිශේෂී වූ අනන්‍යතාවයක් ගොඩනඟා ගන්න රවීට පුළුවන් වුණා. රවීගේ සංගීත ගමනේ විශේෂම කඩයිම තමයි හමාර බණවර. රියැලටි වැඩසටහන් නොබලන ලංකාවේ සංගීත රසිකයන් පවා ඒ හරහා රවී ගැන කතා කරන්න ගත්තා. අපි රවීට කතා කළේ ඒ හැමදෙනාම වෙනුවෙන්.

🔴 රවී අලුතෙන් වැඩ කිහිපයක්ම පටන් අරගෙන කියලා දැනගන්න ලැබුණා. ඒ ගැන මතක් කරලම අපි කතාව පටන් ගමු?
ඔව්. අලුත් සිංදු කිහිපයක්ම කරලා තියෙන්නේ. කාන්ති කියලා සිංදුවක් හැදුවා. තව තිරප්පන් කියලා සින්දුවක් හැදුවා. ඒක ද්‍රවිඩ ගායිකාවක් එක්ක එකතු වෙලා තමයි හැදුවේ. තව ඉන්දියානු රැපර් කෙනෙක් එක්කත් අලුත් සිංදුවක් හැදුවා.

🔴 ඒ කියන්නේ ඉදිරියේදී වෙනස්ම සිංදු කිහිපයක්ම අපිට අහන්න පුළුවන්?
මේ සිංදු ඔක්කොම එකිනෙකට එකක් වෙනස්. ඒ වෙනසට හැමෝම ආසා වේවි කියලා මම හිතනවා.

🔴 ඩී‍්‍රම් ස්ටාර්වලින් පටන් අරගෙන මේ දක්වා ආව ගමන ගැන දැන් මොනවද හිතෙන්නේ?
මම ඩී‍්‍රම් ස්ටාර් ආවේ 2018 අවුරුද්දේ. එදා මට තිබුණු දේවල් එක්ක දැන් බලද්දි මට ගොඩක් ආඩම්බරයි. දැන් මම මටම කියලා අනන්‍යතාවයක් නිර්මාණය කරගෙන තියෙනවා. මිනිස්සු මාව හඳුනනවා. ඇත්තටම මගේ තිබුණු ආශාවන් මම ඉෂ්ට කරගෙන තියෙනවා.

🔴 ඔබ ඔය කියන ආශාව ගැනත් අපි කතා කරමු?
මට ඒ ලෙවල් කරන කාලෙ ඉඳන්ම ලොකු ආසාවක් තිබුණා අවුරුදු 28, 29 වෙද්දි ජනප්‍රිය චරිතයක් වෙන්න. මම පාරේ යද්දි මිනිස්සු ඇවිත් මාත් එක්ක ෆොටෝ ගහන තත්ත්වයට එන්න මට ආසාවක් තිබුණා. ඒ ආසාව වෙනුවෙන් තමයි ඉගෙන ගත්තේ. දැන් ඒක සැබෑ වෙලා තියෙනවා.

🔴 ඒ ආසාව සැබෑ වුණේ ඩී‍්‍රම් ස්ටාර් හරහා. ඒත් ඔබ ඉගෙන ගත්ත දේවලුත් ඒකට ගොඩක් උදවු වුණා?
ඔව්. මගේ පාසල මාතර රාහුල විද්‍යාලය. එතැනින් පස්සේ මම ඉන්දියාවේ විශ්වභාරතී කලායතනයේ සංගීතය හැදෑරුවා.

🔴 ඔබ ඉගෙන ගත්ත දේවල් කොහොමද ඩී‍්‍රම් ස්ටාර් වගේ රියැලටි වැඩසටහනකට උදවු වුණේ?
මම හිතන්නේ ඕනෑම දෙයක නිරත වෙනවා නම් ඒ ගැන හදාරන්න ඕනෑ. නැත්තං ඒකෙන් ඉදිරියට යන්න අමාරුයි. ඇත්තටම මම ඉගෙන ගත්ත දේවල් මේ ගමන එන්න මට ගොඩක් උදවු වුණා.

🔴 ඩී‍්‍රම් ස්ටාර්වලින් පස්සේ ඔබ ගැන හැමෝම කතා කළේ හමාර බණවර හරහා කිව්වොත් ඒක වැරැද්දක් නැහැ. මෙතැනදි ඒ ගැන කතා නොකළොත් ඒක අඩුවක්?
ඉරේෂා හේමමාලි අක්කා තමයි මේ සිංදුව ලිව්වේ. එයා මට මේ ගැන කිව්වේ ඩී‍්‍රම් ස්ටාර් ඉවර වුණු ගමන්මයි. ඒත් මම ඒ සිංදුව නිර්මාණය කරන්න ටික කාලයක් ගත්තා. එයා මට දුන්නේ කවියක්. ඒකට වෙනස්ම දෙයක් කරන්න පුළුවන් කියලා පද පේළි ටික දැක්ක ගමන් මට හිතුණා. අවුරුදු 100, 200ක් ඇහුවත් මිනිසුන්ට එපා නොවෙන විදියේ වැඩක් ඒ පද පේළි ටිකෙන් කරන්න පුළුවන් කියලා මට හිතුණා. කොච්චර ඇහුවත් එපා නොවෙන නිර්මාණයක් කරන්නයි මට ඕනෑ වුණේ. ඒ වෙනුවෙන් මම කාලය ගත්තා. හැබැයි මේ තමයි මට ආව මුල්ම මෙලඩි එක. මේ සිංදුව මුල් සැරේ මටම කියා ගන්න බැරි වුණා. ඒ තරම් මාවත් මේකට හැඟීම්බර වුණා.

🔴 මේක ඇත්ත අත්දැකීමක් කියලත් බොහෝ අය කතා වෙනවා?
ඔව්. මේක ඉරේෂා අක්කගේ ඇත්තම අත්දැකීමක්.

🔴 ගායකයෙකුට අමතරව රවී දක්ෂ වාදකයෙක්. ලංකාවට ආගන්තුක බොහෝ සංගීත වාද්‍යපවා වාදනය කිරීමේ හැකියාව රවීට තියෙන බව අපි අහලා තියෙනවා?
මම වැඩිපුර වාදනය කරන්නේ තාල වාද්‍ය භාණ්ඩ. ඊට අමතරව කී බෝර්ඩ්, පියානෝ සහ ඉන්දියානු සංගීත භාණ්ඩ වාදනය කරනවා. හැබැයි සංගීත භාණ්ඩවලට වැඩිය බාහිර ශබ්ද භාවිතා කරලා සංගීතය නිර්මාණය කරන්න තමයි මම වඩාත්ම කැමැති. ඒ පිළිබඳ මම පර්යේෂණ රාශියක් කරලා තියෙනවා.

🔴 ඒ හරහා ලංකාවේ සංගීතයට මොන වගේ වෙනසක් එකතු කරන්නද ඔබ බලාපොරොත්තු වෙන්නේ?
චිත්‍රපට ශබ්ද සංකලනය කියන දේට අපේ රටේ රික්තකයක් තියෙනවා. අන්න ඒ හිඩැස පුරවන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මම මේ වෙද්දි චිත්‍රපට කිහිපයකම ශබ්ද සංකලනයට සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරියේදී ඒ චිත්‍රපට තිරගත වේවි. ඒ වගේම කෙටි චිත්‍රපට කිහිපයක් ශබ්ද සංකලනය කරලා තියෙනවා.

🔴 ඔබ ගායකයෙක්, වාදකයෙක් විතරක් නෙවෙයි සංගීතය හා සම්බන්ධ ඉසව් ගණනාවක දක්ෂතා දක්වන කෙනෙක්. රවී රෝයිස්ටර් කවුද කියලා ඇහුවොත් ඔබ කොහොමද උත්තර දෙන්න කැමති?
ශබ්ද නිර්මාණ ශිල්පියෙක් විදියට තමයි මාව හඳුන්වන්න මම කැමැති. ඒ වගේම සංගීත නිෂ්පාදකයෙක් විදියටත් මාව හඳුන්වන්න කැමැතියි. ගායකයෙක්, වාදකයෙක් විදියටත් මිනිස්සු කැමැති දෙයක් දෙන එක තමයි මගේ ආසාව.

🔴 ශබ්ද නිර්මාණ ශිල්පියෙක් විදියට ඔබ සම්මාන පවා දිනා ගෙන තියෙනවා නේද?
ඔව්. 2019 වසරේ රයිගම් සම්මාන උලෙලේදී හොඳම නිර්මාණාත්මක ශබ්ද සංකලනයට හිමි සම්මානය දිනා ගන්න මට පුළුවන් වුණා.

🔴 ඒ ලෙවල් කාලෙදි තිබුණු ආසාව මේ වෙද්දි සැබෑ වෙලා කියලා ඔබ කිව්වා. අනාගතයේදී ඒ වගේ සැබෑ කර ගන්න බලාපොරොත්තු වෙන ආසාවක් තියෙනවද?
ඔව්. කවදාහරි ග්‍රැමී සම්මාන උළෙලේදී සම්මානයක් දිනා ගන්න එක තමයි මගේ ලොකුම ආසාව. ඒක හරිම අමාරු වැඩක්. ඒ වෙනුවෙන් අමාරුවෙන් වැඩ කරගෙන යනවා. ඒක දිනවකවානු එක්ක තියෙන බලාපොරොත්තුවක් නෙවෙයි. ඒත් අපිට තව වයස තියෙනවනේ. ඒ හින්දා ඒ වෙනුවෙන් මහන්සි වෙනවා.
– චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මැතිව්ස්ට ක්‍රිකට් එපා වෙයි! බෝඩ් එකට සමුගැනීමේ ලියුම යවයි!

Next Post

ක්‍රීඩා ඇමැතිගේ ක්‍රීඩාව කොහොමද? (VIDEO)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.