• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගැහැනියක් තනියම ඉන්නකොට මිනිස්සු එන්නේ වැරැදියට…

September 15, 2021
in Heart
Reading Time: 3 mins read
A A
ගැහැනියක් තනියම ඉන්නකොට මිනිස්සු එන්නේ වැරැදියට…
Share on WhatsAppShare on Facebook

ඒ අයට මම උත්තර දුන්න විදිය ඒ මිනිස්සුම දන්නවා…

ජීවත් වෙන්න පොඩි ගානක් ලැබුණම ඇති…

ජීවිතය ගැටගහ ගන්න තමයි අපි කවුරුත් දඟලන්නේ. නමුත් ගැහැනියක් තනියම ජීවිතයක් ගැටගහගන්න දරන උත්සාහයත් එක්ක ඇයගේ ජීවිතයට ඇතිවන බාහිර බලපෑම් සමඟ ගෙවන ජීවිතය මොනවගේද කියා ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. ඉතින් එලෙස ජීවිතයට එන අභියෝග ජයගනිමින් මුහුණ දෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මේධා ජයරත්න. ඇයගේ ජීවිතය සහ ඒ බලපෑම් කොයි වගේද කියා අපි ඇය සමග කතාබහ කළා.

මේ දවස්වල මේධාගේ කාලය ගෙවීයන්නේ කොයි විදියටද?
මේ දවස්වල ඉතින් මම කාලය ගතකරන්නේ ගෙදර වැඩ කටයුතුත් එක්ක තමයි. එළියට බහින්නවත් බැහැනේ. ඉතින් නිදහසේ ගෙදරට වෙලා ඉන්නවා.

පසුගිය දවස්වල ඔබ සමග වැඩ කළ ශිල්පීන් කිහිපදෙනෙකුට කොරෝනා ප්‍රශ්න මතු වුණා. ඔබත් බයෙන්ද හිටියේ?
ඔව්… මම සමග වැඩ කරපු ශිල්පීන් කිහිපදෙනෙකු අසනීප වුණා. බයක් නම් ඇති වුණේ නැහැ. අපිට දැන් කොරෝනා එක්ක ගැටෙමින් තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. අද හොඳට හිටියත් හෙට මොනවගේ තත්ත්වයක් උදාවෙයිද කියලා කියන්න බැහැ. හැමදේටම මුහුණ දෙන්න බලන් ජීවත් වෙනවා.

පසුගිය දවස්වල නටපු නැටිල්ලට නිර්මාණ ගොඩාක් මගහැරෙන්නට ඇති?
‘හිරු මෙගා ස්ටාර්ස් 2’ වගේම ‘හිරු මෙගා ස්ටාර් සීසන් 2’ ඒකෙත් මට වැඩ කිරීමට හැකි වුණා. හැබැයි ‘සීසන් 3’ වැඩ සටහනේදී මගේ ලොකු වෙනසක් ප්‍රේක්‍ෂකයන්ට දැනුණා. ඒ වගේම මම ඒ වෙනුවෙන්ම මහන්සි වුණු නිසා නිර්මාණ ගොඩාක් මට මගහැරුණා.

දැන් ඔබට නිර්මාණවලින් ලැබෙන ආරාධනා කොයි වගේද?
‘හිරු මෙගා ස්ටාර්’ එකෙන් පසු මට නිර්මාණවලින් ආරාධනා ගොඩාක් ලැබුණා. මොකද පසුගිය දවස්වල මාව සම්බන්ධ කර ගැනීමට ටිකක් අපහසු වුණා. මම සම්බන්ධ වුණු ටෙලිනාට්‍ය විස්සක් විතර තිබෙනවා විකාශය වීමට.

තනිකඩව ගෙවන ජීවිතයත් එක්ක බාහිරින් එන බලපෑම් පීඩනවලට ඔබ ගැහැනියක් ලෙසට මුහුණ දෙන්නේ කොහොමද?
එවැනි ප්‍රශ්නවලට මුහුණ දීමේ ආත්මශක්තියක් මට තියෙනවා. මම ප්‍රශ්නවලින් පැනලා, හැංගිලා ඉන්න කෙනෙක් නෙවේ. විවිධ අයගෙන් විවිධ බලපෑම් ආවා. ගැහැනියක් තනියම ඉන්නකොට මිනිසුන් බලාපොරොත්තු වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එවැනි පුද්ගලයන්ට මම පිළිතුරු දුන්න විදිය ඒ මිනිසුන්ම දන්නවා.

ඔබේ සැමියා ජනප්‍රිය අධ්‍යක්‍ෂවරයෙක්. පසුගිය කාලේ සිදුවුණු ප්‍රශ්නත් එක්ක නැවැත ඔබට ඔහුගේ නිර්මාණයකට ආරාධනා කළොත්?
මගේ පෞද්ගලික ජීවිතය නිර්මාණ සමග සසඳන්න යන්නේ නැහැ. ආරාධනාවක් ලැබුණොත් මම නිර්මාණය මගේ වෘත්තීය ගැන හිතලා මම සම්බන්ධ වෙනවා.

ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක්. එහෙත් දැන් තිබෙන වාතාවරණයත් එක්ක වෙන දෙයකට යොමු වෙන්න අදහසක් නැද්ද?
මට ජීවත් වීමට සාමාන්‍ය මුදලක් තිබුණාම ඇති. මහා පරිමාණයෙන් මම හොයන්න යන්න කැමැති නැහැ. ලද දෙයින් මම සතුටුවෙලා ජීවත් වෙනවා.

– වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ප්‍රහාරයක තොරතුරක්! මත්තලට දැඩි ‌ආරක්ෂාවක්!

Next Post

විරෝධතා මැද කබ්රාල් පත්වීම් ලබයි!

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.