• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කොල්ලෙක් වගේ රඟපාන ට්‍රැක්ටර්කාරි! Sri Lanka Latest News

July 26, 2025
in Heart
Reading Time: 2 mins read
A A
කොල්ලෙක් වගේ රඟපාන ට්‍රැක්ටර්කාරි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දිනවල රූපවාහිනියෙන් ඔබගේ නෙත් අද්දරට එන සුවිශේෂ ටෙලි චරිතයක් සමගයි අද අපි කතාකරන්නේ. ‘ඉර හැංගිලා’ ටෙලිනාට්‍යයෙන් කාගේත් සිත් දිනාගත් ‘බක්මී’ චරිතයට පණ පොවන ඇය කසුනි කාවින්දියි. අපි ඇයගෙන්ම දැනගමු බක්මීගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැන.

කසුනි මේ දවස්වල ඉර හැංගිලා නේද?
ඉර නම් හැංගිලා. හැබැයි ඉතින් ඒ සැඟවුණු ඉර යට තරු පොකුරක් එළිය දෙනවා. මමත් ‘බක්මී’ ලෙසින් තරු පොකුරු සමග සතියේ දිනවල රාත්‍රි 8.30ට ජාතික රූපවාහිනියේ ‘ඉර හැංගිලා’ ටෙලිනාට්‍යය තුළින් අදාරණීය ප්‍රේක්ෂකයන් අතරට එනවා.

ඔබ මේ දවස්වල තවත් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා නේද?
ඇත්තටම මම එහෙම කාර්යබහුල රංගන ශිල්පිනියක් නෙවෙයි. ඒත් මේ දවස්වල භාරගත්තු වැඩකටයුතුවල එක දිගට රූගතකිරීම් සිදුවෙන නිසා ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. ස්වර්ණවාහිනියේ විකාශය වන ‘පැබ්ලෝ’ ටෙලිනාට්‍යයේ සහ වාසවබදුගේ හීරා චිත්‍රපටයේත් මම සුවිශේෂ චරිතයක් රඟපානවා. ඒ වැඩකටයුතු සියල්ල එක්ක තමයි මේ දවස්වල කාලය ගතකරන්නේ.

බක්මී චරිතය ගැන කතා කළොත්?
ටෙලිනාට්‍ය පිටපත කියවලා බලද්දී මට ගොඩක් ආසා හිතුණා බක්මී චරිතයට. ඒ චරිතය මට අභියෝගාත්මක චරිතයක් වුණා. මම මෙයට පෙර මේ වගේ චරිතයක් රඟපාලා නැහැ. කෙටියෙන්ම කිව්වොත් බක්මී චරිතය කොල්ලෙක් වගේ චරිතයක්. දඟකාර, ශක්තිමත් පෞරුෂයක් තියෙන, අසාධාරණයට අකැමැති චරිතයක්. බක්මී චරිතය තුළින් මටත් ඉගෙනගන්න ගොඩක් දේවල් තිබුණා. ලැබෙන ප්‍රතිචාරත් සමග ප්‍රේක්ෂකයන් ඉර හැංගිලා ටෙලිනාට්‍යය වැලඳගෙන තිබෙනවා.

අත්ට්‍රැක්ටරය සමග ගෙවපු කාලය කොහොමද?
මම ජීවිතේටවත් අත්ට්‍රැක්ටරයක් පදවලා නැහැ. එය මට වෙනස්ම අත්දැකීමක් වුණා. පොඩි කාලයක් තුළ මට කියලා දුන්න විදියට මම පදවන්න පුරුදු වුණා. දැන් ඉතින් මට අත්ට්‍රැක්ටර් පදවන්නත් පුළුවන්. ඒ වගේ අභියෝගාත්මක චරිත කරන්න මම ගොඩක් කැමැතියි. මම නිතර දෙවේලේ රූපවාහිනියේ දකින රංගන ශිල්පිනියක් නෙවෙයි. හිතට දැනෙන මටත් දෙයක් කරන්න පුළුවන් මගේ දක්ෂතාවන් ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න පුළුවන් හොඳ නිර්මාණවලට මම සම්බන්ධ වෙනවා.

මෙතෙක් ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටුයි. හැබැයි මම ආවේ සුන්දර ගමනක් නෙවෙයි. අභියෝග සියල්ලට මම තනියම මුහුණ දීපු කෙනෙක්. මගේ මවුපියන්ට නිතරම මගේ පස්සෙන් රූගත කිරීම් සඳහා යන්න එන්න අමාරුයි. ඔවුන් දුන්න මගපෙන්වීම, පාසලෙන්, ගුරුවරුන්ගෙන් ලැබුණු අවවාදවලින් මගේ ආරක්ෂාව මම රැකගෙන යනවා. මගේ ගෞරවය රැකගනිමින් අද ඇවිත් ඉන්න තැන ගැන ආපසු හැරිලා බලද්දී මට තියෙන්නේ පුදුමාකාර සතුටක්.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

බුද්ධ ශාසන අමාත්‍යාංශයක් නෑ! Sri Lanka Latest News

Next Post

නීතිය නවන්න ගිය ජනාධිපතිලාගේ බලය නවපු.. කවුද මේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.