‘බුද්ධ ශාසන අමාත්‍යාංශයක් කියා එකක් දැන් රටේ නෑ. අපි ඒ ඔක්කොම එකකට දැම්මා’ යැයි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.Sri Lanka Latest News
‘අපට අමාත්‍යාංශ විසි ගණනකට සීමා කරන්න සිදුවුණු නිසා, ඇතැම් අමාත්‍යාංශ එකක් ඇතුළට දැම්මා. මා ඉන්න අමාත්‍යාංශයේ කලින් ජාතික උරුමයන් කියල අමාත්‍යාංශයකුත් තිබ්බා. දැන් එහෙම එකකුත් නෑ. ඒ කීව අමාත්‍යාංශ ඔක්කොම දැන් තියෙන්නෙ සංස්කෘතික අමාත්‍යාංශය ඇතුළෙ’ යනුවෙන් පසුගියදා රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමින් හිනිදුම සුනිල් සෙනෙවි අමාත්‍යවරයා මේ බැව් හෙළි කළේය.
වෙනම අමාත්‍යාංශයක් නොමැති වුවද, ව්‍යවස්ථාවට අනුව බුදුදහම සුරැකීමට හැකියාව ඇතැයි ද මෙම වැඩසටහනේ මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සුනිල් සෙනෙවි ඇමැතිවරයා කීය.
නන්දන ශ්‍රී දොරකුඹුර










