• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

නීතිය නවන්න ගිය ජනාධිපතිලාගේ බලය නවපු.. කවුද මේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

July 26, 2025
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
නීතිය නවන්න ගිය ජනාධිපතිලාගේ බලය නවපු.. කවුද මේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2015 මෛත්‍රී-රනිල් ආණ්ඩුවට එන්න පාර කපන්න හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක කළේ විශ්වකර්මයකි. රාජපක්ෂලා හොරු කියන ලේබලය අලවන්න මෛත්‍රීලාට, රනිල්ලාට, අනුරලාට පුළුවන් වුණේ ශිරාණිව ඉවත් කරන්න රාජපක්ෂලා ගහපු ගේම නිසාය. ඇය දිවිනැගුම සම්බන්ධව දුන්න තීන්දුවකට රාජපක්ෂලාට මේ තරම් ඩෝං යෑම රාජපක්ෂලා වන්දනාමාන කළ මිනිස්සුන්ටත් සැකයක් ඇති කරන්න සමත් විය. ඇයට එරෙහි දෝෂාභියෝගය නීතිඥවරු මහපාරට ගෙන ආ අතර හොරකමට එරෙහි යහපාලන සටන් පාඨය නිර්මාණය කළේ ඔවුන්ය.
මෛත්‍රී-රනිල් බලයට ආ පසු රාජපක්ෂවරු පත්කළ අගවිනිසුරු මොහාන් පීරිස් ඉවත් කොට යළි ශිරාණිව අගවිනිසුරු පදවියට පත් කරන ලෙස නීතිඥ සංගමයෙන් යෝජනා ඉදිරිපත් විය. රාජපක්ෂ කාලයේ හොරකම් අල්ලන්න ඇය අගවිනිසුරු ධුරයේ සිටිය යුතු යැයි නීතිඥවරු පෙන්වා දුන්හ.Sri Lanka Latest News

ඒත් මෛත්‍රී සහ රනිල් දෙන්නාම ඒකට කැමැති වුණේ නැත. රනිල් දෝෂාභියෝගයේදී උසාවියට වඩා පාර්ලිමේන්තුව උත්තරීතරයි කියමින් හොර පාරෙන් රාජපක්ෂලාට කඩේ ගියේය. මෛත්‍රීත් ඔහු සමග රනිල්ට එක්වූ ආණ්ඩුවේ හිටපු මැති ඇමැතිවරුන් ශිරාණිට එරෙහි දෝෂාභියෝගයේදී ඊට පක්ෂව කතා කොට ඡන්දය පාවිච්චි කොට තිබූ නිසා ඔවුන්ද ඇයව පත්කරන්න බය විය. ඒ වෙනුවට මෛත්‍රී-රනිල් හෙව්වේ ආන්දෝලනාත්මක නැති බැලන්ස් අගවිනිසුරුවරයෙකි. ශ්‍රී පවන් අගවිනිසුරු ධුරයට පත්වුණේ ඒ අනුවය. ඒ වෙලාවේ මෛත්‍රී-රනිල් කළේ ලොකු අත්වැරැද්දකි. ශිරාණිව පත්කළා නම් මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ හොරු ඇල්ලීම විහිළුවක් නොවන්න ඉඩ තිබිණි.

2015 යහපාලන ආණ්ඩුවට වගේම වත්මන් අනුර කුමාර ආණ්ඩුවටත් ජන වරම ලබාදී තිබෙන්නේ හොරු අල්ලන්නටය. හොරු අල්ලන්න නම් ඍජු තීන්දු දෙන විනිසුරුවන් අධිකරණයේ සිටිය යුතුය. එවැනි අධිකරණයකට හොරු බයය. අගවිනිසුරු ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේන විනිසුරුතුමා නම්කිරීමට අනුර ගත් තීරණය තමන්ට හිමිවූ ජනවරමේ අරුත තේරුම් ගත් තීරණයකි.

‘ඇයි එහෙම කියන්නේ…?’

ප්‍රීති පද්මන් විනිසුරුතුමා කලක් මධ්‍යම පළාතේ මහාධිකරණ විනිසුරුවරයෙක් වශයෙන් සේවය කළේය. එකල රටම සලිත කළ හිටපු විගණකාධිපති ලලිත් අඹන්වෙලට ඇසිඩ් ගැසීමේ නඩුව ආවේ ප්‍රීති පද්මන් මහාධිකරණ විනිසුරුවරයාටය. ඔහු ලලිත් අඹන්වෙලට ඇසිඩ් ගහපු චූදිතයන් 7 දෙනාට අවුරුදු 10 සිට 70 දක්වා සිර දඬුවම් නියම කළේ රාජකාරිය අකුරට ක්‍රියාත්මක කරන විගණකාධිපතිවරුන්ට සහ විගණකාධිපති කාර්යාලයේ නිලධාරීන්ට බය නැතිව රාජකාරිය ඉටුකරන්න ශක්තිය දෙමිනි. ඔහුගේ එම තීන්දුව එකල රටේ මහත් ආන්දෝලනයක් ඇති කරනු ලැබීය.
ප්‍රීති පද්මන් විනිසුරුතුමා අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත්වුණේ මෛත්‍රී-රනිල් ආණ්ඩු කාලයේය. ඔහුව අභියාචනාධිකරණ විනිසුරු ධුරයට පත්කළේ එවක ජනාධිපති මෛත්‍රීය. 2018දී මෛත්‍රී, රනිල්ව අගමැති ධුරයෙන් ඉවත් කොට මහින්දව අගමැති ධුරයට පත්කළේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයකිනි. ඒ වෙලාවේ රටම අවුල් විය. ලංකා ඉතිහාසයේ කවදාවත් ජනාධිපති පත්කළ අගමැතිවරයෙකුගේ නීත්‍යනුකූලභාවය අධිකරණයකදී ප්‍රශ්න කර නැත. පාර්ලිමේන්තු බහුතරය නැතිව ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් මෛත්‍රී, මහින්දව අගමැති කිරීම ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශයට පත්කරමින් මහින්දට අගමැති ධුරයේ වැඩ කිරීම තහනම් කරමින් අභියාචනාධිකරණය නියෝගයක් දුන්නේය. එම නියෝගය දුන් අභියාචනාධිකරණයේ එක් විනිසුරුවරයෙක් වූයේ ප්‍රීති පද්මන් විනිසුරුතුමාය. පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ මහින්දගේ මන්ත්‍රීවරු ප්‍රීති පද්මන් විනිසුරුතුමාව විවේචනය කළත් ඔහු සැලුණේ නැත. විනිසුරුවරයෙක් ලෙස ඔහුගේ නම රටම දැනගත්තේ ඒ නියෝගය දුන් අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙසය.

මෛත්‍රීපාල ජනාධිපති ධුරයෙන් ඉවත්ව යනවිට රනිල්ගේ ඇමැති මණ්ඩලය ඔහුට තෑග්ගක් ලෙස කොළඹ පැජට් පාරේ ඔහු ජනාධිපති නිල නිවස ලෙස පාවිච්චි කළ නිල නිවස ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගියාට පසු පාවිච්චි කරන්න දුන්නේ මෛත්‍රීගේ ඉල්ලීමටය. එය කැබිනට් තීරණයකි. ගෝඨාභය ජනාධිපති වූ පසු මෙම නිවස මෛත්‍රීට දීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් විය. මේ වනවිට ප්‍රීති පද්මන් විනිසුරුතුමා හිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේය. මෛත්‍රීට පැජට් පාරේ නිවස පාවිච්චි කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ ප්‍රීති පද්මන් සූරසේන විනිසුරුතුමාද විය.

අරගලයෙන් ගෝඨා පැනගියාට පසු ජනාධිපති වූ රනිල් 2023 පවත්වන්නට නියමිත පුංචි ඡන්දය මුදල් නැහැ කියමින් කල් දැමුවේය. පුංචි ඡන්දයට මුදල් නොදීමට එරෙහිව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය. ශ්‍රේෂ්ඨාධිකරණය පළාත් පාලන ඡන්දයට වෙන්කළ මුදල් වැය නොකර සිටීම නතර කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. එවක මුදල් අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති රනිල්ව නියෝජනය කළ අතර, නියෝගය නිකුත් කළේ මුදල් අමාත්‍යාංශ ලේකම්ටය. ජනාධිපති ඡන්දය තියන්න මුදල් නැහැ කියමින් ඡන්ද කල් දමද්දී ඡන්දයට සම්මත කළ මුදල් වැය කරන ලෙස ජනාධිපති නියෝජනය කළ මුදල් ලේකම්ට දුන්න නියෝගය ඓතිහාසික තීන්දුවක් විය. එම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ ප්‍රීති පද්මන් සූරසේන විනිසුරුතුමාද සිටියේය. ප්‍රීති පද්මන් විනිසුරුතුමා ඇතුළු විනිසුරු මඬුල්ල දුන් තීන්දුව පාර්ලිමේන්තුවේදී රනිල්ගේ මන්ත්‍රීවරු සමච්චලයට ලක් කළහ. විනිසුරුවන්ව පාර්ලිමේන්තු තේරීම් කමිටුවකට ගෙන එන්න තර්ජනය කළහ. ඒත් ප්‍රීති පද්මන් විනිසුරුතුමා ඇතුළු විනිසුරුවරුන් තීරණය කළේ පුංචි ඡන්දය නොපැවැත්වීමෙන් ජනාධිපති රනිල් මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවය.

රනිල් ජනාධිපති කාලේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ගණන් ගත්තේ නැත. ඔහුත් පාර්ලිමේන්තුවේ අධිකරණ තීන්දු සමච්චලයට ලක් කළේය. දූෂිත වී.එෆ්.එස්. වීසා නිකුත් කිරීමේ ගනුදෙනුව තහනම් කොට කලින් වීසා නිකුත් කළ ක්‍රියාපටිපාටිය නැවත ක්‍රියාත්මක කරන ලෙස නියෝග දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ ප්‍රීති පද්මන් විනිසුරුවරයාද විය. වීසා නිකුත් කිරීමේ ඒ දූෂිත ගනුදෙනුවට එරෙහිව දුන්න තීන්දුවද රනිල්ගේ ආණ්ඩුව සමච්චලයට ලක් කළේය.

රනිල් ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසු දේශබන්දු පොලිස්පති ධුරයට පත් කිරීම නීති විරෝධී බව ප්‍රකාශයට පත් කරන්න යැයි ඉල්ලා ගොනුකළ පෙත්සමට රනිල්වත් වගඋත්තරකාරයෙක් ලෙස නම් කරන්න යැයි පෙත්සම්කරුවන් කළ ඉල්ලීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ ප්‍රීති පද්මන් විනිසුරුවරයාද විය.

රනිල්ට 2018 අගමැතිකම යළි හිමිකර දුන් නියෝගය ප්‍රීති පද්මන් විනිසුරුතුමා ඇතුළු විනිසුරු මඬුල්ල දෙද්දී කීවේ යුක්තිය ඉටුවුණා කියාය. ඒත් පුංචි ඡන්දය පවත්වන්න ප්‍රීති පද්මන් විනිසුරුතුමා ඇතුළු විනිසුරු මණ්ඩලය තීන්දුව දුන් විට ඔහු විනිසුරුවන්ව පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවට ගේන්න උත්සාහ කළේය.

නීතිය නවන්න ගිය විධායක ජනාධිපතිවරුන්ගේ බලය නවපු විනිසුරු මඬුල්ලේ සිටි ප්‍රීති පද්මන් විනිසුරුතුමා අගවිනිසුරු කිරීමේ තීරණය හරිම තීරණයක් කියා කීවේ නිකම්ම නොවේ. ඔහුගේ පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවේදී අනුමත කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ව්‍යවස්ථාදායක සභා සාමාජිකයන්ද රට හොරුන්ගෙන් බේරා ගැනීමට 2022 තරුණ තරුණියන් දියත් කළ අරගලයට සාධාරණය ඉටුකර ඇත. මීට පෙර අනුර එවූ ඇතැම් විනිසුරු පත්වීම් ප්‍රතික්ෂේප කළ සජිත් ඇතුළු ව්‍යවස්ථාදායක මණ්ඩලය ප්‍රීති පද්මන් අගවිනිසුරු ධුරයට පත් කිරීමට අත් ඔසවා අනුමැතිය දුන්නේ මේ මොහොතේ අගවිනිසුරු පුටුවේ අසුන්ගත යුතු හොඳම මිනිසා ඔහු නිසා විය යුතුය. හොරුන්ට දඬුවම් කරන්න ඔහු සැබැවින්ම සූරයෙකි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කොල්ලෙක් වගේ රඟපාන ට්‍රැක්ටර්කාරි! Sri Lanka Latest News

Next Post

පහේ විභාගෙ දහය! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.