• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මේක දෙවියෝ දීපු වරමක්! ඒ මිම්මෙන් මාව මනින්නෙපා!

March 22, 2022
in Heart
Reading Time: 4 mins read
A A
මේක දෙවියෝ දීපු වරමක්! ඒ මිම්මෙන් මාව මනින්නෙපා!
Share on WhatsAppShare on Facebook

අමුතුවෙන් හැඩගැහෙන්න දෙයක් තිබුණේ නැහැ…
සමහරු ඕවර් ඇක්ටින්වලට ගන්න හදනවා…

මේ දිනවල හිරු ටී.වී නාලිකාවේ විකාශය වන ”‍රැල්ල වෙරළට ආදරෙයි”‍ නාට්‍යයේ බන්ටිගේ චරිතයෙන් ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගෙන සිටින රංගන ශිල්පියෙක් තමයි කිරාන් ජී. සොයිසා (Kiraan G. Soysa) කියන්නේ. ඒ වගේම ඔහු රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු ලෙස හඳුන්වන්න පුළුවන්. ඔහුගේ කලා ලොව තොරතුරු ගැන කතාබහට මව්රට හාට් අපි කිරාන්ව සම්බන්ධ කරගත්තා.

මේ දවස්වල මොකද වෙන්නේ?
පසුගිය කාලයේ ඇති වූ කොවිඩ් වසංගත තත්ත්වය නිසා විවාහ මංගල කටයුතු නතර වුණානේ. ඉන් පසු රට යථා තත්ත්වයට පත්වීමත් එක්ක දැන් බොහෝ වෙලාවට මගේ රූපලාවණ්‍යගාරයේ වැඩකටයුතු කරගෙන තමයි ඉන්නේ.

කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
ටෙලිනාට්‍ය, චිත්‍රපට, රූපවාහිනි වෙළෙඳ දැන්වීම් හා මියුසික් වීඩියෝවල අවුරුදු විස්සක් පමණ වේෂ නිරූපණ ශිල්පියෙක් විදිහට වැඩකරලා තියෙනවා. ඒ හරහා මට බොහෝ දෙනා හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණා. මුලින්ම රංගනයට සම්බන්ධ වෙන්නේ වේදිකා නාට්‍ය හරහායි. ටෙනිසන් කුරේ මහතා නිෂ්පාදනය අධ්‍යක්ෂණය කරපු කැප්ටන් කූල්, ලා රෝසා වගේ වේදිකා නාට්‍ය කිහිපයක රඟපෑවා. වේදිකාවෙන් ලබපු ආභාෂය එක්ක තමයි ටෙලිනාට්‍ය හා චිත්‍රපටවලට සම්බන්ධ වෙන්නේ.

රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ බන්ටිගේ චරිතයට අවස්ථාව ලැබුණේ කොහොමද?
රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ අධ්‍යක්ෂ නිවන්ත ප්‍රසාර බොහෝ කල් සිට මා හඳුනන කෙනෙක්. ඔහුගේ ඊට කලින් නිර්මාණයන්ටත් මම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ හරහා තමයි සැලු‍න් එකක චරිතයක් තියෙනවා කියලා මට ආරාධනා ලැබුණේ.

ඔබට චරිතය තාත්වික ලෙස කිරීමට යම් කිසි අධ්‍යයනයක් කිරීමට සිදු වුවා ද නැත්නම් එය ඔබේ සැබෑ ස්වභාවයද?
මම වෘත්තීය රූපලාවණ්‍ය ශිල්පියෙක්. සැලු‍න් එකක් තුළ තියෙන වැඩකටයුතුවලට හැඩගැසෙන්නට අලු‍තින් පන්නරයක් අවශ්‍ය වුණේ නැහැ. මට චරිතය ගොඩනඟා ගැනීමට මෙහෙය වීමට අධ්‍යක්ෂතුමා ලොකු පිටිවහලක් වුණා. මට ජීවිතයේ රඟපාන්න ලැබුණේ පරිණත ප්‍රවීණ නළු නිළියන් සමඟයි. ඉතින් ඔවුන් සමඟ රඟපානකොට ඒක මට චරිතයේ සාර්ථකත්වයට ලොකු පහසුවක් වුණා. ඔවුන්ගෙන් ලැබෙන සහය ප්‍රබලයි. දර්ශන තලයකට ගියහම මට නුහුරු බවක් තේරෙන්නේ නැහැ. මොකද මම මේක සෙල්ලම් කරපු පිට්ටනිය වගේනේ.

ඔබේ චරිතයට විවේචන එල්ල වෙනවාද?
මට ලැබෙන්නේ ගොඩක් හාස්‍ය උත්පාදක චරිතනේ. නමුත් මගේ මිනිස්සු මට ආදරෙයි. මේ චරිතය නපුංසක චරිතයක් වගේ දැක්කාට හරිම ආසාවෙන් මම ඉන්න නිසාම නාට්‍ය බලන පිරිසක් ඉන්නවා. මගේ පෙනුම විලාසය එක්ක ඒ චරිතය නිරූපණයේදී ඉතා ඉක්මනින් ප්‍රේක්ෂකයන් මාව වැලඳ ගන්නවා. පාරේ තොටේදී වත් ප්‍රේක්ෂකයින් නරක විදිහේ වචනයක් කියලා නැහැ.

පවුලේ අයගෙන් කලා කටයුතුවලට ලැබෙන සහයෝගය?
අපේ පවුල්වල අය සමාජය හා ලෝකය ගැන වැටහීමක් තියෙන ඉතා බුද්ධිමත් අය. ඒ අය කවදාවත් නීති දාලා කොටු කරලා නැහැ. නමුත් කලාවට සම්බන්ධ වෙන්න කියලා ඊට යොමු කරන්න තරම් කැමැත්තක් තිබුණෙත් නැහැ. ඕන කෙනෙක්ට තමන් කැමති දෙයක් තෝරා ගැනීමේ නිදහස තියෙනවා. ඒ නිදහස මගේ පවුලේ අයගෙන් ලැබුණා.

ඔයා පෙම්වතෙක් ද?
මට ගොඩක් ගැහැනු හා පිරිමි යාළුවන් ඉන්නවා. ඉතින් මම ප්‍රේමවන්තයෙක්.

මෙතෙක් දායක වූ කලා නිර්මාණවල නිරූපණය කළ චරිත ගැන සතුටුයි ද?
අපි යම් කිසි නිර්මාණයක් කළාට පසුව ඒ චරිතයට ඊට වඩා දෙයක් කරන්න තිබුණා නම් කියන එක හිතිලා තියෙනවා. යම් අවස්ථාවලදී සමහර අධ්‍යක්ෂවරු ඕවර් ඇක්ටින්වලට යොමු කරන්න උත්සාහ කරනවා. නමුත් මම ඊට වැඩි කැමැත්තක් නැහැ. එහෙම කරලා අපි කවුද කියලා පෙන්නුම් කරන්න අවශ්‍ය නැහැනේ. ඉතින් ලැබුණු කලා නිර්මාණවල කරපු චරිත ගැන තෘප්තිමත් වෙනවා.

ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ?
යම්කිසි කෙනෙක් කරන චරිතය දිහා බලලාවත් හැසිරීම් රටාව ගැන බලලාවත් ඇය ගැන හෝ ඔහු ගැනඒ මිම්මෙන් මනින්නෙපා. මට නම් කවදාවත් කිසිවෙක් වරදක් කියලා නැහැ. එයාලා ගොඩක් මට ආදරේ වගේම මාත් ඔවුන්ගේ ඒ ආදරයට ආදරෙයි.

මේ ආ ගමන් මග ගැන අවසාන වශයෙන් කියන්න යමක් ඇති?
මම ගොඩක් තෘප්තිමත්. වෘත්තිය කුමක් වූවත් ඉතාමත් දුක් මහන්සියෙන් තමයි වෘත්තියට අවතීර්ණ වෙන්නේ. අපට අඩුපාඩුකම් තිබුණා කියලා ඕනැම වෘත්තියකදී රටේ ලෝකේ මිනිසුන්ට බැනල වැඩක් නැහැ. උත්සාහයෙන් ජයග්‍රහණය කළ යුතුයි. කිසිවෙක්ට අත පාන්නේ නැති අය තමයි රූපලාවණ්‍ය ශිල්පීන් කියන්නේ. මේ කලාව හැමෝටම පිහිටන්නේ නැහැ. මේක දෙවියන් දීපු වරමක්.‍ රංගනයට මම දෙන්නේ දෙවෙනි තැන. මම රංගනය වෘත්තියක් කරගන්න කෙනෙක් නෙවෙයි. මම කරපු ටෙලිනාට්‍ය කිහිපයක්ම ඉදිරියට විකාශය වීමට නියමිතයි.

-ස්ටෙෆනි කොතලාවල

SendShareShare
Previous Post

ලංකාවේ අහස ඉන්දියාවට දීලා! ඊයේ කැබිනට් පත්‍රිකාවක් දාලා! රටේ ආරක්ෂාව අනතුරේ! හරීන් භයානක ප්‍රකාශයක් කරයි! (VIDEO)

Next Post

ලොකු වැඩකට සජිත්ගෙන් 5ක්!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.