අද වන විට අපේ රට මුහුණ දී සිටින අවාසනාවන්ත තත්ත්වයෙන් රට බේරා ගැනීම උදෙසා වඩාත් ප්‍රායෝගික, සාමූහික ප්‍රයත්නයක අවශ්‍යතාවය දැඩිව පැන නැගී ඇති අතර සමගි ජනබලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන් දේශපාලන පක්ෂ ,සිවිල් සංවිධාන,සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් සම්බන්ධ කොටගත් පුළුල් බලවේගයක් ගොඩනැගීමට ඒ හරහා තීන්දුකර ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම කටයුත්ත සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත පස්දෙනෙකුගෙන් යුක්ත විශේෂ කමිටුවක් පත්කොට තිබේ.
එම කමිටුව පහත සදහන් පරිදි වෙයි.
1 පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර.
2.පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක.
3.පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්.
4.පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරාල.
5.පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න.










