• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කට්ට කාලා කොහෙම හරි ඉස්සරහට යන්න ඕනේ…! නිළියක් වෙන්න හිතුවේ නැහැ…! ජීවිතේ දිනන්න ලේසි පාරවලින් බැහැ… ! සචින්තනී කෞෂල්‍යා I Sri Lanka Latest News

November 16, 2025
in Heart
Reading Time: 3 mins read
A A
කට්ට කාලා කොහෙම හරි ඉස්සරහට යන්න ඕනේ…! නිළියක් වෙන්න හිතුවේ නැහැ…! ජීවිතේ දිනන්න ලේසි පාරවලින් බැහැ… ! සචින්තනී කෞෂල්‍යා I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජීවිතය එක් භූමිකාවකින් නොනැවතී, තම ජීවිතය ලස්සනට ජයගත්, රටක් ආදරය කරන ආදරණීය චරිතයක් තමයි, සචින්තනී කෞෂල්‍යා කියන්නේ. ‘කියා දෙන්න ආදරේ තරම්’, ‘රාග’, ‘මා’ ආදී ටෙලිනාට්‍ය තුළින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය සමග ‘හාට්’ අපි ටිකක් කතා කළා.Sri Lanka Latest News

ඉතින් සචින්තනී, කොහොමද හොඳින් ඉන්නවද?
හොඳින්, සතුටින් ඉන්නවා.
සචින්තනී ඔබ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. රංගන ජීවිතයේ ආරම්භය ගැනත් කතා කරමු?
මම රංගන ශිල්පිනියක් වෙන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. කලාවේ මගේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ සහන් රන්වල ගුරුතුමා සහ රන්වල බළකාය සමග සම්බන්ධ වීමයි. පාසලේ උත්සවයකදී මගේ නර්තනයක් දැකල සර් කණ්ඩායමට ආරාධනා කළා. පසුව, 2017 රූපවාහිනී සහ 2019 හිරු අවුරුදු කුමරී තරග දෙකට සම්බන්ධ වීමත් සමග රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වුණා.


රංගන ශිල්පිනියක්, නීතිඥවරියක්, ගුරුවරියක්. ජීවිතේ හරි ලස්සනට බැලන්ස් කරන කෙනෙක් විදියට මේ සමබරතාව ගැනත් කතා කරමු…
සමබරතාව මම පොඩි කාලෙම හඳුනාගත්තු දෙයක්. තමන්ගේ කැපෑසිටිය තුළ කොච්චර දුරට වැඩකරන්න පුළුවන්ද කියන එක හඳුනා ගත්තාම කාල කළමනාකරණය පහසු වෙනවා. පොඩි කාලේ ඉඳලාම මම ක්‍රීඩා, නර්තන, පාසල් සංගම්, බාහිර වැඩත් එක්ක ඉගෙනීම් කටයුතුත් කරගෙන ගියා. ඒ ආභාසය තමයි වර්තමානයේ අනෙක් දේවල් බැලන්ස් කර ගන්න පුළුවන් වෙන්න හේතුව. විශේෂයෙන්ම ගැහැනු ළමයෙක් විදියට සමබරතාවය තිබිය යුතුයි කියලා මම හිතනවා. කාල කළමනාකරණය හරියට කර ගත්තාම සෑම දෙයක්ම හරියට කර ගන්න පුළුවන්.
සචින්තනී, මේ දවස්වල ‘මා’ ටෙලිනාට්‍ය තුළින් ලැබුණු ජනප්‍රියත්වය කොහොමද? කොහොමද ප්‍රේක්ෂක ප්‍රතිචාර?
“මා“ ටෙලිනාට්‍ය මහේෂ් රත්සර මද්දුම ආරච්චිගේ තිරපිටපත් රචනයක් සහ ඉරේෂ් ලොකුබණ්ඩාර මහතාගේ අධ්‍යක්ෂණයක්. ඒක හරි ලස්සන ටෙලිනාට්‍යයක්. කවිනි චරිතයට දුක, සතුට, බය, කේන්තිය වැනි හැමදේමත් එක්ක හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.
ක්ෂේත්‍රය තුළ ඔබ මුහුණ දුන් අභියෝග මොනවද?
කලා ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි, ඕනෑම ක්ෂේත්‍රයක හැමෝටම හම්බවෙන විදියේ අභියෝග මටත් හම්බවෙලා තියෙනවා. අපේ ගමනේදී ලේසි පාරක් හොයන්නේ නැතුව ඉස්සරහට යන්න ඕනේ. පැවැත්මක් තියෙන්න නම් කට්ට කාලා ඉස්සරහට යන්න ඕනේ. අභියෝග ලෙස මට විශේෂ දේවල් හම්බ වෙලා නෑ. හැම චරිතයක්ම අභියෝගයක් වන්නේ සචින්තනී, සචින්තනී නොවී ඒ ලැබෙන චරිතයට වෙනස් වෙනවා කියන එක නිසයි.
කලා ජීවිතයේ ඔබ ලබාගත් වටිනාම ජයග්‍රහණය මොකක්ද කියලා දැනගන්න කැමැතියි?
කලා ජීවිතයේ වටිනාම ජයග්‍රහණය ලෙස මම දකින්නේ ප්‍රේක්ෂක ආදරය. මගේ දෙවැනි ටෙලිනාට්‍ය වූ ‘කියා දෙන්න ආදරේ තරම්’ තුළින් ඉතාම ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා. රංගන ශිල්පිනියක් විදියට මට ලබන්න පුළුවන් ලොකුම දේ ඒක. කුඩා දරුවාගේ ඉඳලා වැඩිමහල් කෙනා දක්වාම හැම වයස් පරාසයකම ආදරය නොඅඩුව ලැබීම තමයි මට කලා ජීවිතේ ලැබුණු වටිනාම ජයග්‍රහණය.
ජීවිතය හරි ලස්සනට ජයගත්තු තරුණ ගැහැනු ළමයෙක් විදියට ඔබට කියන්න තියෙන්නේ මොකක්ද?
මමත් මගේ ගමන යන කෙනෙක්. ඕනෑම දේක පැවැත්ම රඳා පවතින්නේ අපි හෙමින් යන තරමට සහ ඒකේ කට්ට කාලා රැඳෙන තරමටයි. තමන් තමන්ට අවංක වෙලා ජීවිතේ ඉස්සරහට යන කොට ලේසි පාරවල් හොයන්නේ නැතුව හරි පාරෙන් හරි විදියට ලස්සනට ගමනක් යද්දි ඒ ගමන හෙමින් වුණත් කවදාවත් වරදින්නේ නැහැ. ඒක මම විශ්වාස කරන දෙයක්. හරි දේ කරන්න බය වෙන්න ඕනේ නෑ.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරලම කතා බහ අවසන් කරමු?
මේ දිනවල රූගත කිරීම් කරන ටෙලිනාට්‍යවල වැඩ කරගෙන යනවා. මගේ පළමුවැනි චිත්‍රපටය වන “සුපෙම් සුළඟක්“ ලබන අවුරුද්දේ එන්න තියෙනවා. ඊට අමතරව මගේ අධ්‍යාපන කටයුතු, පන්ති වැඩ කටයුතු සහ ව්‍යාපාර කටයුතු සමගයි මගේ ඉදිරිය සැලසුම් වෙන්නේ. ඉදිරියේදී අලුත් නිර්මාණවලින් හම්බ වෙමු.

හිරුෂිකා ධනංජලී

SendShareShare
Previous Post

කාලෙකට පස්සේ ධනංජි කොටුවක් පැන්නද? කටකාර, දඟකාර වුණාට මම හරිම සංවේදී කෙනෙක්…! ධනංජි තාරුකා ! Sri Lanka Latest News

Next Post

තිරය කලඹන්න 21 මාරියා එයි…! Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.