• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බොලිවුඩ් සිනමාවේ පාවෙන වලාකුළ.. ජුහි චව්ලා…

August 7, 2021
in Heart
Reading Time: 5 mins read
A A
බොලිවුඩ් සිනමාවේ පාවෙන වලාකුළ.. ජුහි චව්ලා…
Share on WhatsAppShare on Facebook

ජුහි-මධුරි සීතල යුද්ධය…
මම මධුරිට දෙවැනි වෙන්නේ කතාවෙන් විතරයි…
සුපිරි තරු අතරේ නිහඬ තරග කුළල්කාගැනීම් ඕනේ තරම් තියෙනවා…

ජුහි චව්ලා එක රැයින් සුපිරි තරු ගොන්නට එක් වූයේ ‘Qayamat Se Qayamat Tak’ චිත්‍රපටය තුළින්ය. ජුහීට තිබුණේ හරි අමුතු දඟකාර ලස්සනකි.., ලගන්නාසුලු මිහිරි සිනහව… අවිහිංසක නෙතඟ බැල්ම… ප්‍රේක්‍ෂකයන් කෙරෙහි ඈ ආකර්ෂණය කරන්නක් විය. උතුරු ඉන්දීය සිනමාවට ජුහී පැමිණියේ සිය ඥාතියකුගේ බලකිරීමටය. රඟපාන්නට ආශාව තිබුණද දිගින් දිගට සිනමාවේ රැඳී සිටින්නට හෝ තරු පොරය සමග සටන ජුහීට රුචි නොවීය.
එහෙත්..,
ජුහී නිරායාසයෙන්ම ජනප්‍රිය තරුවක විය. චිත්‍රපට නිෂ්පාදකයන් ඇගේ දින පොතෙහි පිටුවක් ඉල්ලමින් දුරකතන ඇමැතුම් දීම ඉවරයක් නොවීය. සුපිරි නළුවන් ජුහීව තම සහාය නිළිය ලෙස ඉල්ලා සිටීමද විලාසිතාවක් වී තිබිණි. එහෙත්… කවුරුත් හිතුවාට වැඩිය ඉක්මනින් ජුහි චව්ලා රංගනයෙන් ඈත් විය. තව බොහෝ කල් ඉන්නට කාලය තිබියදී ජුහී එලෙස ඉවත් වූයේ ගිවිසුම් අස්සන් කරන්නට චිත්‍රපට පෙළක්ම ඈ ඉදිරියේ තිබියදීය.
මෑතකදී… ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’හී සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිටි ජුහී.., තම අතීතය, වර්තමානය සහ සිනමාවේ රසමුසු තැන් ගැන කතාබහ කොට තිබිණි.
එහිදී ජුහී වෙත ඉදිරිපත් වූ ප්‍රශ්න කිහිපයකට ඈ දුන් පිළිතුරු මෙලෙස සටහන්ව තිබිණි.

හිටි අඩියේ ඔබ සිනමාවෙන් ඉවත් වුණේ ජේ මේතා කළ බලපෑමක් නිසාද?
කිසිවිටෙකවත් මේතා මට හෝ මගේ මනාපයට බලපෑම් කරන්නේ නැහැ. මා සිනමාවට ආවේ අහම්බෙන්. පිටව ගියේද නිනව්වක් නැති ගණනටයි. ඒ අහඹු පිටව යෑමට මා මිස කිසිවෙකු වගකිව යුතු නැහැ. එලෙසම නැවැත රංගනයට එක්වෙන්නැයි කියමින් මා වෙත පැමිණෙන බාල වැඩකට නැති චරිත මා බාර ගන්නේද නැහැ.

ඔබ සිනමාව තුළ සැරිසැරුවේ මඳක් ඉහළින්?
ඔව්… අහස් තලයේ පාව යන වලාරොදක් වීමට මම කුඩා අවධියේ ඉඳන්ම ආසයි.

මා අදහස් කළේ ඔබේ පාරට්ටුව ගැනයි. ඔබ යාෂ්ජීටද ඔබේ ලොකුකම පෙන්නුවා?
නැහැ… මම යාෂ්ජීට ගරු කරනවා. ‘ඩර්’ තුළින් ඔහු මාව මුරුංගා අත්තක් මත ඔසවා තැබුවා… දකින, මුණගැහෙන හැම මොහොතකම මම නිතර ඒ ගැන ඔහුට තුති පුදන්නට අමතක කළේ නැහැ.

එහෙනම් ඔබ ‘දිල් තෝ පාගල් හේ’ රිජෙක්ට් කළේ මධුරිට දෙවැනි වන්නට බැරි නිසාද?
නැහැ… මගේ දින පොතේ ඒ වෙනුවෙන් ඉඩක් ඉතිරිව තිබුණේ නැහැ. කොහොමත් මා එය රිජෙක්ට් කිරීම තුළ කරිෂ්මා කපූර්ට තරුවක වීමේ වාසනාව උදා වුණා.

ඔබ පසුකලෙක එම චරිතය මගහැරීම ගැන දුක්වුණා?
ඔව්… ඒ අලංකාර ගීතමය රංගනයන් දකින විට මම තරමක විස්සෝපයට පත්වුණා තමයි.

ඔබ මධුරි ඩික්සිත්ට වඩා ප්‍රථම යැයි ඔබ හිතනවද?
මම මධුරිට දෙවැනි වන්නේ ඇමෙරිකන් බස උච්චාරණය කිරීමේදී පමණයි.

මධුරි සහ ඔබ අතර තිබූ නිහඬ, සීතල යුද්ධය ‘ගුලාබ්’ චිත්‍රපටයෙන් නිමවුණා නේද?
සුපිරි තරු හැමෝම උත්සව අවස්ථාවල් තුළදී ෂැම්පේන් බොන්නට එකට එකතු වුණාට ඒ හැමෝම අතර නිහඬ තරග සහ කුලල් කාගැනීම් තිබෙනවා.
සම්මාන උළෙලවල්වලදී පවා ඔවුන් හාදු දෙන්නේ වැලඳගෙන සුබ පතන්නේ එය සම්මත සිරිතක් නිසයි. ඉතින්… ඒ හැමෝම අතර තිබෙන ගැටුම් මා සහ මධුරි අතර නොතිබෙන්නේ කොහොමද?

ෂාරුක් සමග ඔබ ඇතිකර ගත් අමනාපයට හේතුව පසු කලෙක ඔහුට ලැබෙන චිත්‍රපට සඳහා ඔබේ නම සඳහන් නොකිරීමද?
එය අපූරු විහිළුවක්, කිසිවිටෙකත් මගේ සහායක රංගනය සුපිරි නළුවකු විසින් රිජෙක්ට් කර නැහැ. ෂාරුක් ද එවැන්නක් කළ බවක් මමවත් දන්නේ නැහැ.
ෂාරුක් සහ මා අතර තද මිත්‍රත්වයක් ගොඩනැඟුණා. ඒ සමීප බව තුළ අප ව්‍යාපාර කටයුත්තකට මැදි වුණා. එතැනදී සිදුවූ යම් මත ගැටීමක් නිසා ආරවුලක් ඇති වුණා.
එය එපමණයි.., ෂාරුක් සමග ජෝඩු ක්‍රමයට රඟපාන්නට බැරි වුණා කියා අමනාප වන්නට තරම් මම නූගත් නැහැ.

රාජ්‍ය හින්දුස්ථානී චිත්‍රපටය රිජෙක්ට් කිරීම මත ආමීර් ඔබ සමග අමනාපව සිටියාද?
ආමීර් සහ මම සිනමාවට පැමිණියේ එකම කාලයකයි. අප ඉතා හොඳින් මිතුරුව සිටියා. නමුත් ආමීර් ප්‍රසිද්ධියේ කළ යම් විහිළුවක් නිසා ඒ මිතුරු බව බිඳී ගියා. ආමීර් කළ ඒ විහිළුව මඳක් සීමාව ඉක්මවා ගිය එකක්. එය මට එතරම් දිරවූයේ නැහැ.
රාජා හින්දුස්ථානි චිත්‍රපටයට ඇරැයුම ලැබෙන විට ඒ අමනාපය ඇති වී තිබුණා. ඒ නිසාමයි ඒ අපූරු චිත්‍රපටයට මා පයින් ගැසුවේ.

ඔබ රිජෙක්ට් කරන හැම චරිතයක්ම කරීෂ්මාට යන හේතුව කුමක්ද?
මමත් ඒ දවස්වල ඒ ගැන නිකමට වාගේ හිතුවා. හැබැයි උත්තරයක් හිතට ආවේ නැහැ. හැබැයි ඒ සියල්ල හරහා කරිෂ්මා තරුවක් වීම ගැන මම සතුටු වෙනවා.

සල්මන් ඛාන් සමග රංගනය ඔබට රිසි නොවූයේ ඇයි?
සල්මන් සමග මට නොරිසි බවක් තිබුණේ නැහැ. කිසිවකු සල්මන් සමග සිනමා පෙමකට මට ඇරැයුම් කොට තිබුණේද නැහැ. හැබැයි ඔහු සමග රඟපාන්නට බැරි බැරියරයක් මා හමුවේ තිබුණේද නැහැ. කෙසේ වුවද ඔහු සහ රේවතී රඟපෑ (Love) චිත්‍රපටයට මම පුදුම විදියට ආසා කළා. එය හරිම සිත්කලු පෙම් පුවතක්.

කොෆි විත් චැට් ප්‍රසංගයේදී ඔබ සල්මන්ව කෙයාර් නොකළේ ඇයි?
එහෙම දෙයක් නෙවෙයි එතැන සිදුවුණේ. අප දෙදෙනා එකට වැඩ කර නොතිබූ නිසාදෝ මා සහ ඔහු අතර සුහද කතාබහකට එය බාධාවක් වුණා. ඔහු මා දිහා බලා සිටියා. මම ඔහු දිහා බලා සිටියා. යම්තමට හිනා වෙන්නටවත් අපට එදා නොසිතුණේ ඇයිද මන්දා.

සිනමාව තුළ ඔබ ගරු කරන යම් අයකු වේ නම්, ඒ කවුද?
සුන්දර ‘ශ්‍රී දේවිය’ මගේ සිහින කුමරියයි. ඈ මෙන් රඟපාන්නට, ඇස්වලින් හිනා වෙන්නට, දෙතොලින් මඳහස පාන්නට දන්නා තාරකාවියක් යළි මතුව ඒ නම් එය පුදුමයක්.

ඔබේ සැමියා ජේ මේතා ගැන යමක් කියනවා නම්?
ඔහු හරිම ප්‍රේමාන්විත සැමියෙක්. තවමත් ඔහු මගේ උපන් දිනයට නැවුම් රෝසමල් වරුසාවකින් මාව සතුටු කරවනවා. ‘පීසා ෂොප් හට්’ එකක් ඔහු විවෘත කළේද මම පීසා කන්න දක්වන දැඩි කැමැත්තටයි.

සමහර දවසට ඔහු මා සමග ඒ පීසා හට් එකට ගිහින් පාරිභෝගිකයන් දෙදෙනකුගේ පැමිණියා සේ පීසා ඇණවුම් කර කතා බහේ යෙදෙමින් එය අනුභව කරනවා. ඇත්තටම ජේ… මරු හස්බන්ඩ් කෙනෙක් බව නොකියාම බැහැ.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සල්ලි අරන් කට්ටි පනින නීතීඥයන්ට ඇමැති සබ්‍රි තදින් සිටී! (VIDEO)

Next Post

දොස්තරවරුන්ගේ ඉල්ලීමට හිස නමයි! ගුරු විරෝධය පස්යාලෙන් නවත්වයි! (VIDEO)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.