• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මාරියා කියන්නේ මගේ සිනමා දිවියේ ලබපු adventure experience එකක්! ප්‍රේක්ෂකාගාරය තමයි අපිව ජීවත් කරවන හුස්ම පොද! සම්මානයක් කියන්නේ ධෛර්යට කාරණාවක්වත් මේ ක්ෂේත්‍රයේ පැවැත්මට හේතුවක්වත් නෙවෙයි! Sri Lanka Latest News

November 9, 2025
in Heart
Reading Time: 2 mins read
A A
මාරියා කියන්නේ මගේ සිනමා දිවියේ ලබපු adventure experience එකක්! ප්‍රේක්ෂකාගාරය තමයි අපිව ජීවත් කරවන හුස්ම පොද! සම්මානයක් කියන්නේ ධෛර්යට කාරණාවක්වත් මේ ක්ෂේත්‍රයේ පැවැත්මට හේතුවක්වත් නෙවෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද ‘මව්‍රට’ හාට් අපිත් එක්ක එකතු වෙන්නේ 2025 ඉන්දියානු විචාරක සම්මාන උළෙලේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය වගේම 2025 සරසවි සම්මාන උළෙලේ හොදම හාත්ස්‍ය උත්පාදන නළුවාට හිමි සම්මානයත් දිනාගත් නිහතමානී රංග පෞරුෂයක් සමග. ඉදිරියේ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන ‘මරියා’ චිත්‍රපටයෙනුත් ඔහුව ප්‍රේක්ෂකයාට දැකගන්න පුළුවන්. ඒ තමයි අපි කවුරුත් ආදරය කරන ප්‍රවීණ නළු මහේන්ද්‍ර පෙරේරා.Sri Lanka Latest News

මේ දිනවල ඔබතුමාගේ වැඩකටයුතු කොහොමද?
මේ
දිනවල මා විසින්ම පවත්වාගෙන යන මගේ රංගන වැඩමුළුව වගේම සෞන්දර්ය කැම්පස් එකේ වැඩත් එක්ක කාර්යබහුලයි. ඒ වගේම අලුතින් ආරාධනා ලැබුණු චිත්‍රපටයකටත් සූදානම් වෙමින් තමයි ඉන්නේ.
ඉදිරියේදී තිරගතවීමට නියමිත අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන මරියා චිත්‍රපටයෙන් ඔබව දැකගන්න පුළුවන්. ඒ අත්දැකීම ගැන කතාකරමු?
මරියා කියන්නේ මගේ සිනමා දිවියේ ලබපු adventure experience එකක්. දවස් ගාණක් ගැඹුරු මුහුදේ ඉන්න වුණා. දුෂ්කරයි. නමුත් දුෂ්කර බව දැනුණෙත් නෑ අපි ඒ හැම අවස්ථාවක්ම රස විඳපු නිසා. කොහොම වුණත් මම නම් බයෙන් හිටියේ. ආපහු ඒ වගේ චිත්‍රපටයකට ආරාධනාවක් ආවොත් නම් භාරගන්න දෙපාරක් හිතනවා. අරුණ ජයවර්ධන, චන්න දේශප්‍රිය අපිට කිසිම අඩුපාඩුවක් කරේ නෑ වගේම මරියා කෲ එකම සෑහෙන්න මහන්සියකින් කරපු වැඩක්. ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වේවි.
මරියා චිත්‍රපට වගේ එකකට එකක් වෙනස් සිනමා නිර්මාණ බිහිවීම වර්තමානයේ සිනමා ප්‍රේක්ෂකත්වයේ වර්ධනයට හේතුවක් නේද?
ඔව්. මං හිතන්නේ ‘කතුරු මිතුරු’ චිත්‍රපටයෙන් ඇරඹුණු ගමනක් මේ. කතුරු මිතුරු හවුස් ෆුල් මට්ටමින් දින 160-170ක් වගේ තිරගත වුණා. වර්තමාන චිත්‍රපට ප්‍රේක්ෂකයාට යහපත් රසවින්දනයක් ලබාදීම නිසා ප්‍රේක්ෂකයා නැවත ප්‍රේක්ෂකාගාරය වෙත ඇදිලා එනවා. ප්‍රේක්ෂකාගාරය තමයි අපිව ජීවත් කරවන හුස්ම පොද, ප්‍රේක්ෂකයා නැතිනම් කලාවක් ලෙස පවතින්න බෑ. මෝඩ තරිඳු, ආයු චිත්‍රපට මේ දවස්වල ඉහළ ප්‍රේක්ෂක මනාපත් සමග තිරගත වෙනවා. ඉදිරියේදීත් හොඳ නිර්මාණ එන්න තියෙනවා. මේක සුබවාදී තත්ත්වයක්.
සිනමා ප්‍රේක්ෂකත්වයේ වර්ධනයට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය ප්‍රධාන හේතුවක් වෙලා නේද?
සමාජ මාධ්‍ය එක්ක හැමදේම දැන් වෙනස්ම තැනක තියෙන්නේ. සිනමාවේදීත් සමාජ මාධ්‍ය වෙනම තැනකින් පත්තු වෙලා තියෙනවා. වෙනස්ම ප්ලොට්වලින් නිර්මාණ බිහිවීමත් ඒ නැවුම් රස වින්දනාත්මක අත්දැකීම සමාජ මාධ්‍ය උපක්‍රම භාවිත කරලා සමාජගත කිරීමත් නිසා චිත්‍රපට ප්‍රේක්ෂකත්වය වර්ධනය වෙලා තියෙනවා.
මහේන්ද්‍ර පෙරේරා කියන දැවැන්ත නළුවාගේ ආරම්භය ගැන කතා කළොත්?
අරිසෙන් අහුබුදු සූරීන් මාව සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහත්මයාට හඳුන්වලා දෙනවා. ඒ වගේම රංගනය ගැන සොයායන්න වෙනස්ම තලයකින් හිතන්න උගන්වන්නේ ආචාර්ය සාලමන් ෆොන්සේකා. මේ ගුරුවරු මතක් කරන්නම ඕනෙ. එතනින් තමයි මගේ රංගන ජීවිතයට ආරම්භයක් ලැබෙන්නේ.
රංගනය සම්බන්ධ විෂයාත්මක හැදෑරීම රංගන ශිල්පියකුට කොයිතරම් වැදගත්ද?
ලෝකයේ ඕනෑම දෙයක් විෂයක්. ඕනෑම විෂයක් හැදෑරීම වගේම සොයා යාමෙන් පුද්ගලයාගේ දියුණුවක් ඇතිවෙනවා. රංගනයත් හැදෑරීම කළ යුතුයි. නව්‍යතාවන් සමග යාවත්කාලීන විය යුතුයි. අලුත් විය යුතුයි. විශේෂයෙන්ම හැදෑරීමටත් වඩා සොයා යාමක් කළ යුතුයි. ඒ වගේම තමන් එක්ස්පීරියන්ස් කරපු දේ අනිත් අය සමග බෙදාගත යුතුයි. නැතිනම් ඕනෑම කෙනෙක් රංගනය කියන විෂය තුළ එක තැන පල් වෙනවා.
ඔබතුමා රංගනය ගවේෂණය කළ යුතුයි සොයා යා යුතුයි කියලා අදහස් කරන්නේ මොකක්ද?
රංගනය සොයා යාම කියන්නේ වේලපහ හිඟන්නෙක් වෙන්නෙ කොහොමද? ඇමැති කෙනෙක් වෙන්නේ කොහොමද? වෛද්‍යවරයෙක් වෙන්නේ කොහොමද? කියන එක ඉගෙන ගැනීම නෙවෙයි. තමන් විසින්ම ජීවිතේ වියදම් කරලා සමාජයේ චරිත සොයාගෙන යාමක් කළ යුතුයි. පසුව රංගන ශිල්පියෙක් ලෙස මානසික සමබරතාව, හඩ පාලනය, ශ්වසන ව්‍යායාම වගේ දේවලින් පෝෂණය විය යුතුයි. මොකද අපේ ශරීරය තමයි අපේ ඉන්ස්ටෘමන්ට් එක. සමාජය දෙස උකුසු ඇසින් බලා හිඳීමත් වඩාත් වැදගත්. මේ දේවලින් චින්තන ශක්තියක් හැදෙනවා. හොඳ රංගන ශිල්පියකුට රංගනය හැදෑරීම වගේම ගවේෂණය කිරීම ඉතාමත් වැදගත්.
ඔබ චරිතයකට පණපෙවීමට පෙර ඒ චරිතය පිළිබඳ කරන ස්වං ගවේෂණය කොයි වගේද?
ස්වයං ගවේෂණයත් වැදගත්, මම චරිතයේ ස්වභාවය ගැන පළමුවෙන්ම අධ්‍යයනය කරනවා. මීළඟට අධ්‍යක්ෂවරයා සමග දීර්ඝ සාකච්ඡාවක් කරනවා. අධ්‍යක්ෂවරයා චරිතය විය යුත්තේ කෙසේද යන්න මාව ෆීඩ් කරනවා. පසුව අධ්‍යක්ෂවරයාගේ අනුදැනුම මෙහෙයවීම මත චරිතයට මගේ දේවලුත් එකතු කරලා 200%ක් උපරිමයෙන් මං රංගනයේ යෙදෙනවා. අනෙක අපි හැමෝටම ආධ්‍යාත්මයක් තියෙනවා. මගේ රංගනයේදී මගේ ආධ්‍යාත්මය සම්පූර්ණයෙන්ම නැතත් යම් සුවඳක් ලැබුණු චරිතයට සමග මුසු කිරීමත් චරිතය සාර්ථක කරගන්න හේතුවක්.
ඔබ ප්‍රේක්ෂකයාගේ වගේම විචාරක අවධානයත් නොඅඩුව ලබාගැනීමේ රහස මොකක්ද?
මෙහෙමයි. මට එකම විදියේ චරිතයක් ලැබුණත් මම එහි විවිධත්වය සොයායාමට බර වෙනවා. ඒ සඳහා වෙනම ඉමැජිනේෂන් එකක් තිබිය යුතුයි. ඒ චරිතයට ආවේණික රිදම් එක, ටෙම්පො එක. ටයිමින්, මේ සියල්ලක්ම මම සොයායාමක් කරනවා. චරිතයේ සැඟවුණු විවිධත්වයන් සොයාගනිමින් ඒ චරිතය මගේ මනසේ මවාගැනීම තමයි රහස. කවර චරිතයක වුවත් රංගනයෙන් සාර්ථක වෙන්න වේශනිරූපණ ශිල්පියාගේ සිට කණ්ඩායමේම සහයෝගයත් වැදගත්.
ඔබතුමා දේශීය විදේශීය සම්මාන රැසක් ලබාගත් සම්මානලාභී රංගන ශිල්පියෙක්. දිගින් දිගටම සම්මානයට පාත්‍රවීම ඔබතුමාට දැනෙන්නේ කොහොමද?
සම්මානයක් කියන්නේ ධෛර්යට කාරණාවක්වත් මේ ක්ෂේත්‍රයේ පැවැත්මට හේතුවක්වත් නොවෙයි. නමුත් මට ලැබෙන සම්මානයන් මගේ රංගන ජීවිතය වෙනුවෙන් මම කරපු කැපකිරීමට, යොදපු මහන්සියට ගෞරවයක් විදියට සලකනවා.
මේ වෙනකොට ඔබේම රංගන වැඩ මුළුවක් පවත්වගෙන යනවා. ඒ ගැනත් කතා කරමු?
ඔව්. රඟපෑම සහ කලාව සොයාගෙන යන පිරිසක් එකතු කරගෙන කරගෙන යන වැඩක් මිස ආර්ථික වාසියකින් කරගෙන යන වැඩක් නොවෙයි. මම හැමතිස්සෙම හිතන දෙයක් තමයි ඊළඟ පරම්පරාව මේ ක්ෂේත්‍රය ගැන දැනුවත් කළ යුතුයි කියන එක. නැතිනම් කලාව අයාලේ යනවා. මම විසින්ම සොයාගත් දැනුම් සම්භාරය අනාගත පරපුර සමග බෙදාගැනීමට වගේම මේ ක්ෂේත්‍රයේ ගෞරවයක් ඇතුව රැදෙන්න කියා දීම තමයි මගේ වැඩමුළු හරහා වෙන්නේ.
කලාවට සම්බන්ධ වන ආධුනික රංගන ශිල්පීන්ගේ රංගනය හැදෑරීම ගැන ඔබතුමාගේ අදහස කුමක්ද?
මේ ක්ෂේත්‍රයට ආදරයෙන් එන අය හැදෑරීමක් කරනවා. නමුත් රියලිටි වේදිකා, ටික් ටොක් හරහා එන අයත් යම්කිසි ප්‍රමාණයකට හරි මේ ක්ෂේත්‍රයේ හැදෑරීමක් කළ යුතුයි. මෙඩිකල් කොලේජ් යනවා වගේ හැදෑරීමක් නැතත් යම් දැනුවත්භාවයක් අවශ්‍යයි. මොකද හැමදාම ප්‍රේමවන්තයා ප්‍රේමවන්තියගේ චරිතය ලැබෙන්නෙ නෑ. කාලයක් එක්ක වයසට යනවා. ඒ නිසා හැදෑරීමක් නැති කලාවට සම්බන්ධ වන්නන්ගේ පැවැත්ම ගැන නම් හිතාගන්න බෑ.
කලා ජීවිතයේ ඔබතුමාට තිබුණු අභියෝග මොනවාද?
ජීවිතය ගත්තාම ජීවිතය ගැටගහගන්න එක තමයි මට තිබුණු ලොකුම අභියෝගය. රගපෑම මට ලොකු අභියෝගයක් නොවේ. මොකද අධ්‍යක්ෂවරයා මාව තෝරාගන්නේ විශ්වාසයෙන්. මම මගේ උපරිමය නිර්මාණයට ලබාදෙනවා. නමුත් මේ ක්ෂේත්‍රයේ හොඳ තත්ත්වයෙන් පවතින්නේ කෙසේද? ප්‍රශ්නයට උත්තර හොයන එක තමයි මට තිබුණු ලොකුම අභියෝගය.
ඔබව අධ්‍යක්ෂවරයෙක් විදියට ඉදිරියේදී දකින්න පුළුවන් වේවිද?
අධ්‍යක්ෂණයට පොඩි කැමැත්තක් තියෙනවා. හැබැයි ඒක වෙනමම කාරණාවක්. කාලය, ශ්‍රමය විශාල ලෙස කැපකරන්න ඕනේ. ආශාව තිබුණට පවතින කාර්යබහුලත්වයත් එක්ක තාම අවස්ථාවක් ලැබුණෙ නෑ.
සමාජ මාධ්‍ය තුළ මෙතරම් සාමකාමී වීමට හේතුව කාර්යබහුලත්වයමද?
මටත් පේජ් එකක් තියෙනවා. ඇඩ්මින් කෙනෙක් ඉන්නවා. නමුත් මේ ෆෝන් එක හරිම වදයක්. ඒ වෙනුවෙන් කාලය කැපකරනවට වඩා මේ සරලකමට මම කැමැතියි. වෙලාවකට මගේ ඇඩ්මින් කියනවා මං යන තැනක ෆොටෝ එකක් ගහලා වීඩියෝ එකක්වත් හදලා දාමු කියලා. අනේ ඒකත් මට අමතක වෙනවා. අනික ඕනිම දේක අන්තයට යන්නත් හොඳ නෑ.
රංගනට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න වගේම ආධුනික රංගන ශිල්පීන්ට ඔබතුමාට දෙන්න තියෙන උපදෙස මොකක්ද?
මේ විශය සැහැල්ලුවට ගන්න එපා. ඉගෙන ගන්න සොයාගෙන යන්න. අවංක වෙන්න. මේ ක්ෂේත්‍රයේ ගෞරවයෙන් රැඳෙන්න.

රසාංජලි වාසල

SendShareShare
Previous Post

අසරණ වෙලා මැරිලා ගියා කියලා ලේබල් ගහන්න ඕනෙ නෑ! පුළුවන් කාලේ හොඳට හම්බකරගන්න ඕනෙ! ගොඩ දෙනෙක් යමක් කමක් නැතිව අසරණ වෙලා! කලාව සල්ලිවලට යටවෙන එක ගැන හිතට දුකයි…! – සුරාජ් මාපා Sri Lanka Latest News

Next Post

මගේ කියලා ටාගට් තියෙනවා! වැඩිපුරම ඉන්නේ පිරිමි ළමයි එක්ක! ඒ විශ්වාසය මම හදවතින්ම රකිනවා…! සාවින්දි සෙනාලියා ! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.