• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අසරණ වෙලා මැරිලා ගියා කියලා ලේබල් ගහන්න ඕනෙ නෑ! පුළුවන් කාලේ හොඳට හම්බකරගන්න ඕනෙ! ගොඩ දෙනෙක් යමක් කමක් නැතිව අසරණ වෙලා! කලාව සල්ලිවලට යටවෙන එක ගැන හිතට දුකයි…! – සුරාජ් මාපා Sri Lanka Latest News

November 9, 2025
in Heart
Reading Time: 2 mins read
A A
අසරණ වෙලා මැරිලා ගියා කියලා ලේබල් ගහන්න ඕනෙ නෑ! පුළුවන් කාලේ හොඳට හම්බකරගන්න ඕනෙ! ගොඩ දෙනෙක් යමක් කමක් නැතිව අසරණ වෙලා! කලාව සල්ලිවලට යටවෙන එක ගැන හිතට දුකයි…! – සුරාජ් මාපා Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනප්‍රිය ටෙලි තරුව, ආකර්ෂණීය නර්තන ශිල්පියා… තවත් විදියකට කියනවා නම් කඩවසම් විලාසිතා නිරූපණ ශිල්පියා. මෑතක ඉඳන් වැඩිපුර දකින්න හිටියේ නැහැ කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. ඇත්තටම සුරාජ් මේ දවස්වල ටෙලියකවත් පේන්න නැහැ. හේතුව මොකක්ද කියලා අතැනින් මෙතැනින් විමසනවට වැඩිය සුරාජ්ටම කතා කරලා බලන්න හිතුවා ඔන්න.Sri Lanka Latest News

ඉතින් සුරාජ්, කියමු බලන්න කොහොමද මේ දවස්වල ජීවිතේ?
ජීවිතේ සුන්දරව ගලා යනවා. දහසකුත් එකක් වැඩ කටයුතු අතර දවස ගෙවෙනවා.
දහසකුත් එකක් වැඩකටයුතු කියලා කිව්වේ?
මේ දවස්වල අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගහන්න සැලසුම් කරගෙන යනවා. ව්‍යාපාර කටයුත්තක්ය කිව්වේ අලුත් තාලේ රසවත් කෑම වර්ග තියෙන කෑම කඩයක් ඕපන් කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.
ඒ කියන්නේ කලා කටයුතුවලින් ඈත්වෙලා බිස්නස්වලට බහින්නද කල්පනාව?
කොහොමත් මම මේ වෙනකොටත් ව්‍යාපාර කිහිපයක්ම කරනවා. මගෙ ඩාන්සින් ඇකඩමි එකත් ඒ අතර එකක්. අලුත් කෑම කඩේ තව අමතර බිස්නස් එකක් විදියටයි පටන් ගන්න යන්නේ.
ප්‍රශ්නෙට උත්තර ලැබුණේ නැහැ සුරාජ්. කලාවෙන් සමු අරන් ව්‍යාපාරිකයෙක් වෙන්නද මේ සූදානම?
එහෙම අදහසක් නම් තවම නැහැ. හැබැයි රඟපානවාට අමතරව හරිහම්බ කරලා වැඩිපුර යමක් ඉතිරි කරගන්න ඕනෙ කියලා හිතෙන තැනයි මම අද ඉන්නේ. අන්න ඒ සිතුවිල්ල තුළ ව්‍යාපාර කිහිපයක නියැලෙනවා. මම විතරක් නෙවෙයි. බොහෝ කලාකරුවන් අද රඟපෑමට අමතරව වෙනත් ආදායම් මාර්ග හොයන්න පුළුවන් පුංචි හෝ ලොකු ව්‍යාපාර කරමින් තමයි ඉන්නේ.
යමක් ඉතිරි කරන්න ඕනෙ කියන සිතුවිල්ල තදින්ම සුරාජ්ගෙ හිතට වැදිලා වගේ?
ඔව්. සත්තකින්ම ඒක එහෙමයි. මොකද කියනව නම් පහුගිය කාලවකවානුව තුළ අපේ හුඟක් කලා ශිල්පීන් මරණයට පත්වුණේ හරි අසරණ විදියටයි. හැම තැනකම වගේ එය දකින්න ලැබුණා. අද ඊයේ විතරක් නෙවෙයි මීට අවුරුදු දෙක තුනකට සහ හතර පහකට කලින්ද එහෙම කනගාටුදායක සිදුවීම් දකින්න තිබුණා. මට මතකයි කොරෝනා සමයේ පුද්ගලික ටීවී චැනල් එකක් කොරෝනා දවස්වල රෝගීව සිටින වැඩිහිටි කලා ශිල්පීන්ට උදව් උපකාර කරන සේවාවක් දියත් කර තිබුණා. මමත් මගේ කැමැත්තෙන් ඊට සහභාගි වුණා. ඒ ගමන් බිමන්වලදී හිතට දැනුණු සංවේගය අප්‍රමාණයි.
සමහර කලා ශිල්පීන්ට තමන්ගේ බේත් ටික ගන්නවත් හැකියාවක් නැහැ. බොහෝ අය අතට යමක් කමක් නැතිව අසරණ වෙලා. මට හිතුණා කාලයක් ප්‍රේක්ෂකයන්ව පිනවූ කලාකරුවන්ට මෙලෙස විය යුතුද? ඇයි මෙහෙම වෙන්නේ? ඊට වගකිව යුත්තෝ කවුද කියලා මම කල්පනා කරන්න ගත්තා.
ඔබ එතැනදී ඇඟිල්ල දික්කරන්නේ කාටද?
කාටවත් ඇඟිල්ල දික් කරලා ඵලක් නැහැ. මොකද ලංකාවේ කලාකරුවන්ට රජයකින් අතහිත ලැබෙන අවස්ථා බොහොම අඩුයි. සමහර විට ඇත්තෙම නැති තරමයි. ඒ වගේම වැදගත් මෙහෙවරක් කළ කලාකරුවන්ව කවුරුත් එහෙම බලාගත යුතුයි කියලවත් ඔවුන් එහෙම කාගෙන්වත් සරණක් ලැබිය යුතුයි කියලවත් මම හිතන්නේ නැහැ. අන්න එතැනදී මම හිතන්නේ අපි වගේ කලාකාරයන් පුළුවන් කාලේ යමක් හරිහම්බ කරනවා වාගෙම බැරි කාලෙක ජීවත් වෙන්න යමක් ඉතිරි කරගන්න ඒනෙ. ඇයි කලාකාරයන් විදියට නමක් හදාගත්ත අපි අසරණව මියගියා කියලා ලේබල් එකක් ගහගන්නේ? කවදාවත් එහෙම විය යුතු නැහැ. ඒ නිසා රඟපානවා වාගෙම අපි අපේ හෙට දවස ගැනත් හිතන්න ඕනෙ.
එහෙම හිතලා රංගනයෙන් බැහැරව ඉන්න එක ඔබේ ප්‍රතිරූපයට හානියක් නෙවෙයිද?
කලාවෙන්බැහැරව යන්නෙ කොහොමද? රංගනය කියන්නේ මගේ ජීවිතේ කොටසක්. මට හිතන තරම් ලෙහෙසියෙන් එයින් මිදෙන්න බැහැ.
මේ දවස්වල මම අසම්මතය, පාද සහ මහාරාණි කියන ටෙලිවල රඟපෑවා. තවත් ටෙලියක ෂූටින් ලබන සතියෙ පටන් ගන්නවා. ෆිල්ම් දෙකකට ආරාධනා ලැබුණා. එහි වැඩකටයුතුද නුදුරු දිනයකදී ආරම්භ වේවි. ඒ අතර මගේ ඩාන්සින් ඇකඩමියෙන් තරමක් උත්කර්ෂවත්ව නර්තන ප්‍රසංගයක් කරන්න මේ දවස්වල සූදානම් වෙනවා. ඒක හුඟක් ලස්සනට කරන්නයි මගේ එකම බලාපොරොත්තුව. ඒ වගේම රංගන ප්‍රේමරත්නගේ අලුත්ම ටෙලියක ෂූටිනුත් මේ මස අගදී ආරම්භ වෙනවා. මම එහි රඟපානවා. එය කොටස් 60කට පමණක් සීමාවන ටෙලියක්.
කොටස් 60ක් කියන කතාව ඔබ ටිකක් විශේෂයෙන් සඳහන් කළා?
දිගට ඇදෙන මෙගා නාට්‍ය කලාවට මම කැමැති නැහැ. මගේ උපරිමය කොටස් 100යි. සමහර අවස්ථාවක අධ්‍යක්ෂවරයාගේ හිතවත්කම හෝ ඉල්ලීම මත 150-200 වන තැන් එනවා. හැබැයි මම ඒ ටික කලින් කළේ බොහොම අසීරුවෙන්. දැන්නම් ඉන්නේ කොටස් 100 අතර තමයි.
ටෙලිනාට්‍යවල මෑතක ඉඳන් ඔබව දකින්න නැති හේතුව එයද?
වෙන්න පුළුවන්. ටෙලියක් බොරුවට අදින එකෙන් වැඩිපුර හානියට පත්වෙන්නේ අපි වගේ නළු නිළියෝ. දිගටම රඟපෑවත් ප්‍රේක්ෂකයාගේ විවේචනයට බඳුන් වෙනවා. අතරමග දාලා ගියත් දොස් අහන්න වෙනවා. කොටස් ගණන ගැන තීරණයකට එන්න පුළුවන් නිර්මාණ විතරක් තෝරාගෙන රඟපාන එක තමයි හොඳම තීරණය.
කලින් ඇග්‍රිමන්ට්වලදී එහෙම තීරණයක් ගත්තේ නැද්ද?
නැත්තේ නැහැ. හැබැයි රැවැටීම්වලට ලක්වුණු අවස්ථා ආවා. කොටස් 60-70 කියලයි අපිට කතා කරන්නේ. ඒත් 200 සහ ඊට වැඩිය එය අද්දන්න ගන්නවා. ඉතින් අපි අතරමං වෙනවා. හිතවත්කම් සහ කඩාකප්පල් කරලා දාලා යන්න බැරි නිසා එයට නතුවෙච්ච අවස්ථා තිබුණා.
කාටද සුරාජ් ඔබ එතැනදී දොස් පවරන්නේ? අධ්‍යක්ෂවරයාටද නිෂ්පාදකවරයාටද?
කාටවත් දොස් පවරන්නේ නැහැ. වරද තියෙන්නේ අධ්‍යක්ෂවරයාගෙද නිෂ්පාදකවරයාගෙද, එහෙම නැත්නම් රූපවාහිනී චැනල්වලද කියන එක කියන්න බැහැ. හැබැයි මේ හැම දේටම මූලික හේතුව හැමෝම පත්ව සිටින ආර්ථික පරිහානියයි. ඒ නිසා කාටවත් දොස් පවරන්න ඇඟිල්ල දික්කරන්න බැහැ. තෝරාගැනීම සහ කොටස් ගණන ගැන ස්ථිරවම තීරණයකට පැමිණීම තම තමන් කළ යුතුයි. එයද තම තමන්ගේ කැමැත්තට සිදුවිය යුත්තක්. කාටවත් කොටස් 400-500ක රඟපෑවා කියලා දොස් පවරන්න බැහැ.
ඔබට ආයෙමත් කොටස් ගනන ගැන රැවැටීමකට ලක්වෙන්න වුණොත්?
එහෙම වෙන්නේ නැහැ. කොටස් ගනන පැන්නොත් මම අයින් වෙනවා කියන සුහද විධානය දීලා තමයි ගිවිසුමට අස්සන් කරන්නේ.
ඔබ ඉන්නේ විශාල කලකිරීමකද?
සත්තකින්ම. කලාව යන පූජනීය නිර්මාණ කාර්යය මුදල් මත යැපෙන්න ගත්තම හිතට දුකයි. විසඳුමක් නැහැ. හැමෝම අසරණයි. හැමෝටම ඊට හේතු තියෙන්න පුළුවන්. ඒකයි ඇත්ත.

මල්මි කෞශල්‍යා

SendShareShare
Previous Post

සිප වැලඳගැනීම්, නිරුවත් දර්ශන කරන්නේ නෑ… ! ඒ හින්දා ගොඩක් චාන්ස් නැති වුණා…! පොඩි තැනක ඉඳලා ගමනක් ආපු කෙනෙක්…! Sri Lanka Latest News

Next Post

මාරියා කියන්නේ මගේ සිනමා දිවියේ ලබපු adventure experience එකක්! ප්‍රේක්ෂකාගාරය තමයි අපිව ජීවත් කරවන හුස්ම පොද! සම්මානයක් කියන්නේ ධෛර්යට කාරණාවක්වත් මේ ක්ෂේත්‍රයේ පැවැත්මට හේතුවක්වත් නෙවෙයි! Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.