• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රැයක් දවාලක් නැතුව දාන සුදික්ෂාගේ අමුතු නැටිල්ල! Sri Lanka Latest News

February 16, 2025
in Heart
Reading Time: 2 mins read
A A
රැයක් දවාලක් නැතුව දාන සුදික්ෂාගේ අමුතු නැටිල්ල! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දිනවල විකාශය වන ‘මායාවි’ ටෙලිනාට්‍යයේ සුවිශේෂ චරිතයක් කා අතරත් කතාබහට ලක්වෙලා. ලතා මංගේශ්වරී ලෙසට ඉතාමත් තාත්වික රංගනයක යෙදෙන ඇය, නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වන සුදික්ෂා සමාධි. සුදික්ෂාගේ කලා දිවියේ නවතම තොරතුරු දැනගන්න ‘හාට්’ අපි ඇයව සම්බන්ධ කරගත්තා. Sri Lanka Latest News

සුදික්ෂා ආදරවන්තයන්ගේ දිනය සැමරුවද?
මට ඉතින් හැමදාම වැලන්ටයින් තමයි.
ඒ කියන්නේ ආදරණීය පෙම්වතියක්?
අනිවාර්යයෙන්ම. මම ආදරය විඳිනවා. පවුලේ අයගේ ආදරයත්, මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගේ ආදරයත් හොඳට ලැබෙනවා. ඒ ආදරයත් එක්ක මම ජීවිතය උපරිම විඳිනවා සතුටින්.
ඔබේ ආදරණීය පෙම්වතා කලාවට සම්බන්ධ කෙනෙක්ද?
නැහැ. ඔහු ව්‍යාපාරිකයෙක්. මම හිතන්නේ මාව තේරුම් ගත්ත හොඳම ආදරණීය පෙම්වතෙක් මට ලැබුණා කියලා. ඒ ගැන මට සතුටුයි.
ඉතින් මේ දවස්වල කොහොමද වැඩකටයුතු?
මේ දවස්වල රැයක් දවාලක් නැතුව නටන එක තමයි.
ඒ කියන්නේ මේ දවස්වල හොඳට නටනවා වගේ?
ඔව්. මේ දවස්වල ඒ පුහුණුවීම් කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නේ. හිරු මෙගා ස්ටාර්වලට මම පළමුවතාවට තමයි සම්බන්ධ වෙන්නේ. එය මට වෙනස්ම අත්දැකීමක්.
මේ තරම් හැඩට නටන්නේ සුදික්ෂා නර්තන ශිල්පිනියක්ද?
අම්මෝ නැහැ. මම කවදාවත් නර්තනය හදාරලා නැහැ. පාසල් යන කාලේ මම නාට්‍ය හා රංග කලාව තමයි හැදෑරුවේ. අඩු තරමේ මම මැන්ඩියටවත් ඉන්න දන්නේ නැහැ. හිරු මෙගා ස්ටාර් තරගාවලියේ මට පුහුණුවීම් කටයුතු කරන්නේ රසික ප්‍රභාත්. ඔහු තමයි මගේ ගුරුවරයා. ඒ වගේම මගේ පාට්නර් විදියට මම සමග ඉන්නේ ප්‍රවීන්. ඔහුත් ඉතා දක්ෂ නර්තන ශිල්පියෙක්. මට මහන්සි දැනුණත් මාව ඇදගෙන ගිහින් පුහුණුවීම් කටයුතු කරනවා. මට ප්‍රවීන්ගෙනුත් ලොකු සහායක් ලැබෙනවා. ඉතින් අපි සියලු දෙනාගේ උත්සාහය කැපවීම මත ඉදිරියට යනවා. විනිශ්චය මණ්ඩලය අපේ අඩුපාඩු පෙන්වා දෙමින් හොඳ ප්‍රතිචාර ලබා දුන්නා. ඒ වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගෙනුත් මනාප ගොඩක් ලැබුණා.
මොනවද ලතා මංගේශ්වරීට ලැබෙන ප්‍රතිචාර?
‘මායාවි’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන්නේ ලතා මංගේශ්වරී චරිතය. මග තොටදී ඒ ප්‍රතිචාර හොඳට ලැබෙනවා. මම ඒ චරිතයට උපරිම සාධාරණයක් කරලා තියෙනවා කියලා ලැබෙන ප්‍රතිචාරත් එක්ක දැනෙනවා.
සුදික්ෂාට ලතා මංගේශ්වරී දැනුණු විදිය ගැන කිව්වොත්?
‘මායාවි’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා, ලලිත් වසන්ත, මහේෂ් රත්සර මද්දුමආරච්චි චරිතය ගැන මට හොඳට පැහැදිලි කරලා දුන්නා. මට උපරිම නිදහස දුන්නා චරිතය තුළ ජීවත් වෙන්න. ඒ අනුව අඩු මානසික මට්ටමේ දරුවන් කිහිප දෙනෙක් මම ඒ චරිතය වෙනුවෙන්ම ඇසුරු කළා. ඔවුන් සමග කාලය ගතකරමින් චරිතයට අවශ්‍ය මෙවලම් උපයෝගී කරගෙන, තාත්විකව මම ඒ චරිතය නිරූපණය කළා. ඇත්තටම මට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් පවා හොඳ ප්‍රතිචාර ලැබුණා.
ඒ කියන්නේ සම්මානයකුත් ලැබෙයි වගේ ලතා වෙනුවෙන්?
සම්මාන බලාගෙන මම චරිත නිරූපණය කරන්නේ නැහැ. මග තොටදී ජනතාවගෙන් ලැබෙන ආදරය, ගෞරවය මට සම්මානයකට වඩා වටිනවා. ඒ තමයි මට ලැබෙන හොඳම සම්මානය.
ආපු ගමනත් එක්ක ආපසු හැරිලා බැලුවොත්?
ඇත්තටම ගොඩක් සතුටුයි. මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා වසර 10ක් වෙනවා. මම වේදිකාවෙන් තමයි කලා ශිල්පිනියක් වුණේ. මේ වනවිට මම විවිධ චරිත රඟපාලා තියෙනවා. ඒ අතර බලද්දී ‘මායාවි’ ටෙලිනාට්‍යයේ ලතා මංගේශ්වරී චරිතයට තමයි හොඳම ප්‍රතිචාර ලැබුණේ. අද වනවිට මම සිනමාවටත් සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මේ වසරේ මම සම්බන්ධ වුණු චිත්‍රපට තුනක් විතර තිරගත වීමට නියමිතව තිබෙනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ලසන්ත ගැන CIDයට යවපු ලියුම උසාවියට දාන්න කලින් එළියට ගියේ කොහොමද? නීතිපති වැඩබලන පොලිස්පතිට වහාම පරීක්ෂණයක් කරන්න දැනුම් දෙයි! හෙට ලිඛිතවම යවනවා! I Sri Lanka Latest News

Next Post

ඇල්ල රොක් කඳුවැටියේ ගින්නට දැන් දවස් 4ක්! අක්කර 600ක් විනාශයි! තවම ගිනි ගන්නවා! වියදම් වැඩි නිසා ගින්න නිවන්න හෙළිකොප්ටර් යොදා ගන්න බෑ! ආචාර්ය සංචාරක නියෝජ්‍ය ඇමැති මාර කතාවක් කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.