ඉන්දියානු සිනමාවේ නොනිවෙන තාරකාව වූ සුන්දර ශ්‍රීදේවි ඉතා අවාසනාවන්ත ලෙස අකාලයේ මියගියේ 2018 අවුරුද්දේ පෙබරවාරි මාසයේ.
ඒ කියන්නේ ශ්‍රීදේවි මියගිහින් දැනටමත් අවුරුදු 7ක් පහුවෙලා. වචනෙට අපි කවුරුත් කියනවා මැරිච්ච තැන්වල ගසුන් පැළවෙලා කියලා. එහෙම බලනවා නම් ශ්‍රී මැරුණේ තැන මහා රූස්ස ගසුත් හැදිලා ඉවරයි කියලා කිව්වොත් ඒක හරියටම හරි.Sri Lanka Latest News
හැබැයි ඉතින් ඒ කියමන හරියටම හරි ගියාට මෙතැන වෙන වැරැද්දක් මතුවෙන්න අරගෙන තියෙනවා.
මොකක්ද ඒ වරද?
වරද ශ්‍රීදේවිගේ අකල් මරණය ස්වභාවික මරණයක් නෙමේය කියන ආන්දෝලනාත්මක ගින්නක් පහුගිය දවස්වල ඉන්දියානු සිනමා කර්මාන්තය පුරා පැතිර යෑමයි.
පහුගිය දවස්වල කියලා කිව්වට තවමත් ඒ ගින්නේ උණුසුම ගිහිල්ලා නැති බවයි ආරංචිය.
ශ්‍රීදේවිගේ මරණය මිනීමැරුමක් කියලද ඒ ගිනිදැල්වල ලියැවිලා තියෙන්නේ?
කතන්දරය සමාජ මාධ්‍ය පුරා යන්නේ එහෙමයි.
සැක කරන්නේ ඇගේ සැමියා බොනී කපූර්වද?
ඇඟිල්ල දිගුවෙලා තියෙන්නේ බොනීට තමයි. හැබැයි පැහැදිලි සාක්ෂි, ඇසින් දුටු සාක්ෂි මොනවත්ම නැහැ.
එතකොට අවුරුදු 7කට පස්සේ ශ්‍රීදේවිගේ මරණය මිනීමැරුමක් කියන ගින්න ඇවිළෙන්න ගත්තේ මොකද හිටි හැටියේ?
ඒකට හේතු කීපයක්ම තියෙනවා. ඒ හේතු එක්ක කතාව ඈඳෙන්නේ මේ විදියටයි.
කපූර් පවුලේ සමීපතම හිතවතකු වන මොහිඩ් මර්වාගේ වෙඩින් එකට සහභාගි වෙන්න බොනී කපූර් සහ දියණිය කුෂී කපූර් එක්ක ඩුබායිවල පිහිටි එමිරේට්ස් හොටෙල් එකට එනවා. උත්සවය ඉවර වුණාට පස්සේ ඈ එහිම නතර වෙන්නේ ඩුබායිවල ෂොපින් කරන්න යන්න ප්ලෑන් කරපු හින්දයි. 2018 පෙබරවාරි 24 වැනිදා හවස ශ්‍රීදේවි බාත්ටබ් එකේ මියගොස් සිටින බව මුලින්ම දකින්නේ බොනී කපූර්. එහෙම වෙන්නේ ඉන්දියාවට කුෂී එක්ක ගිය ඔහු ශ්‍රීදේවිව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන ආයෙම ඩුබායිවල පිහිටි එමිරේට්ස් හොටෙල් එකට පෙබරවාරි 24 ආව නිසයි. ඒ හදිසි ගමන නැවත පැමිණීම ගැන ඩුබායි පොලිසිය බොනී ගැන සැක පහළ කරලලු තියෙන්නේ.
තවත් සැකයක් පොලිසියට තියෙනවා.
ඒ, ශ්‍රීදේවි බාත්ටබ් එකේ මැරිලා ඉන්න බව බොනී හොටෙල් එකේ මැනේජ්මන්ට් එකට දැන්වූයේ තරමක ප්‍රමාදයකින් පස්සෙලු. ඒ හෝටලේම නැවතිලා හිටපු තමාගේ මිතුරෙක්ට තමයි බොනී ශ්‍රීගේ මරණය ගැන දන්වලා තියෙන්නේ. යාළුවෙක් හිටි අඩියේ එතැනට පැමිණීමත් සැක සහිත කාරණයක්. අනෙක හොටෙල් එකේ මැනේජ්මන්ට් එක දුන්න කටඋත්තරේ සඳහන් වෙන්නේ ශ්‍රීදේවි බාත්රූම් එකේ වැටිලා ඉන්නවා දැක්කා කියලලු. බොනී කපූර් කියන්නේ බාත්ටබ් එකේ ගිලිලා උන්නා කියලයි. එතැන තවත් සැකයක් තියෙනවා. ඒ, ශ්‍රීදේවිගේ උසයි, බාත්ටබ් එකේ දිගයි අතර තියෙන පරතරය. ශ්‍රී අඩි 5යි අඟල් 7ක් උසයි. බාත්ටබ් එකේ දිග අඩි 5යි අඟල් 1යි. ඉතින් කොහොමද ශ්‍රීදේවි ටබ් එකේ ගිලෙන්නේ. අන්න ඒකත් එක සැකයක්.
ඒ සියලු සැකකටයුතු කාරණා අතර ලොකුම සැකය තමයි ශ්‍රීදේවි හිටිඅඩියේ ඕමානයේ දී දාපු රුපියල් කෝටි 240ක ඉන්ෂුවරන්ස් එක. ඈ ඒ ඉන්ෂුවරන්ස් එක දාලා තියෙන්නේ ඇගේ සැමියා වූ බොනී කපූර්ට අයිති වෙන විදියටලු. ඒ වගේම ශ්‍රීදf්වි ඒක දාලා තියෙන්නේ ස්වභාවිකව තමා ඩුබායිවලදී මියගියොත් පමණක් ඔහුට හිමිවන විදියටලු.
මොකක්ද ඒ විලම්බීතය? එහෙම ඉන්ෂුවරන්ස් ක්‍රම තියෙනවද? ඔව්. ඒ හින්දයි ශ්‍රීදේවි ඒ විදියට ඉන්ෂුවරන්ස් එක දැම්මේ. කොහොමත් බොනීට සැකය අත වනන තවත් සාක්ෂියක් ඒක.
ඒ අතරවාරේ බොලිවුඩ්වල ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ සුනිල් සිං ශ්‍රී දේවිගේ හදිසි මරණය ගැන පරීක්ෂණයක් ඉල්ලලා අධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කරලා තිබුණත් ඒ පෙත්සම් දෙකම නිෂ්ප්‍රභ වුණා.
හැබැයි පෙත්සම් දෙක නිෂ්ප්‍රභ වුණාට ඉන්දියාවේ පොලිසිය නම් තවමත් බොනී පස්සෙන් පන්නනවා.
ඇත්තටම ශ්‍රීදේවි මැරුණද? නැත්නම් මැරුවද? ඇගේ ශරීරයේ සර්ප විෂක් ඔඩුදුවලා තියෙනවයි කියන කතාව ඇත්තක්ද? කෝටි 240ක ඉන්ෂුවරන්ස් එක ගන්න බොනී ශ්‍රීට වස ශරීරගත කළාද? කුෂී එක්ක ඉන්දියාවට ගිය බොනී ආයෙම පැමිණි හේතුව කුමක්ද?
ඒ ප්‍රශ්නවලට හරිම උත්තර තියෙන්නේ බොනී කපූර් ළඟ විතරමය. එහෙමත් නැත්නම් සියල්ල දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණය.
මල්මි කෞෂල්‍යා











