• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

21 වැනිදා දළ ඇත්තු කොළඹට එනවා! Sri Lanka Latest News

October 12, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
21 වැනිදා දළ ඇත්තු කොළඹට එනවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

Legends of the wild ඡායාරූප ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණක් වෙන්නේ ලංකාවේ හිටපු සහ ඉන්න දළ ඇතුන් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවට අවබෝධයක් ඇති කරන්න. ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සහ සංවාදගත කරන්න. ආසියාවේ අලින්ගෙන් 10%කට විතරයි දළ එන්නේ. ඒ අතරිනුත් අපේ ලංකාවේ ඉන්න පිරිමි සත්තු ප්‍රමාණයෙන් 5%කට වඩා අඩු ප්‍රමාණයක තමයි දළ ඇත්තු ඉන්නේ. ඒ නිසා ලංකාවට දළ ඇතා කියන සත්වයා ඉතා සුවිශේෂයි. ඒ වගේම හරිම දුර්ලභ දෙයක්.Sri Lanka Latest News

අනික් එක තමයි, ලංකාවේ ඇතා කියන්නේ ලංකාවේ අවුරුදු 2500ක් පරණ අපේ ලිඛිත ඉතිහාසයත් සමග බද්ධ වුණු ඉතා විශේෂ සත්ව කොට්ඨාසයක්. අපේ හැම සංස්කෘතික මංගල්‍යයකටම සහ රටේ සිදුවුණු හැම විශේෂ අවස්ථාවකදීම ඇතා කියන සත්වයාගේ සහභාගිත්වයක් තිබුණු නිසා ඇතා ලංකාවේ සංස්කෘතිය සහ ලංකාවේ ජන ජීවිතයත් එක්ක බැඳුණු සංකේතයක්.

ගොඩක් දළ ඇත්තු ලංකාවේ දකින්න අමාරුයි. සාමාන්‍යයෙන් නැෂනල් පාර්ක් එකකටවත්, වනජීවී උද්‍යානයකට ගියයි කියලා ඒගොල්ලන්ව බලන්න බැහැ. ඉතින්, ලංකාවේ අලි ඇතුන් ඉන්න සෑම පළාතක්ම වගේ ආවරණය කරමින්, දැඩි උත්සාහයක් දරලා, අවුරුදු ගානක් මහන්සි වෙලා ගත්ත ඡායාරූප එකතුවක් තමයි තියෙන්නේ. මේ ඡායාරූපයේ ප්‍රදර්ශනයේ ඇතැම් ඡායාරූප තියෙනවා 1900, 1980 ගණන්වල, 90 ගණන්වල ගත්ත ඒවා. ඒ කියන්නේ, ෆිල්ම්ස්වලින් ගත්ත ෆොටෝස්. ඒවා ගොඩාක් වටිනවා. මොකද ඒ ෆොටෝග්‍රාෆ්ස්වල හිටපු ඇත්තු ලංකාවේ දැන් ඉන්න සමාජයේ ගොඩාක් කට්ටිය දැකලත් නැහැ. ඉතින් අපිට ඕනේ වෙලා තිබ්බේ ඒ කාලේ හිටපු පරණ සහ වර්තමානයේ ඉන්න සහ අනාගතයට එන්න පුළුවන් වුණු ඇතුන්ගේ එකතුවක් දාන්න.

මේ ප්‍රදර්ශනය සඳහා වනජීවී ඡායාරූප ශිල්පීන් 40කට වඩා ප්‍රමාණයකගේ එකමුතුවක් තියෙනවා. මෙතැනදි වඩාත් වැදගත් වෙන එකම තමයි, මේ වයිල්ඩ්ලයිෆ් ෆොටෝග්‍රැපර්ස් 40 දෙනා අතරත් පරම්පරා කිහිපයක ඡායාරූප තියෙනවා. අපේ ජ්‍යෙෂ්ඨම වනජීවී ඡායාරූප ශිල්පීන් නම් වශයෙන් කිව්වොත්, ලාල් ඇන්තනීස්. එතුමාගේ ඡායාරූප තුනක් අපි පළකරනවා. ඒ වගේම, තව අවුරුදු 15ක වගේ වයසේ පාසල් සිසුන්ගේ ඡායාරූප කිහිපයකුත් තියෙනවා.

ඒ වගේම මෙම ප්‍රදර්ශනයේදී ලංකාවේ ප්‍රවීණතම ඇතුන් ඡායාරූපයට නගන ඡායාරූප ශිල්පීන් වන රවීන්ද්‍රලාල් ඇන්තනී, වජිර විජේගුණවර්ධන, නාමල් කමල්ගොඩ, රවීන්ද්‍ර සිරිවර්ධන. ලලින් ගුණවර්ධන යන ජ්‍යෙෂ්ඨයන්ගේ දුර්ලභ ඡායාරූප රාශියක්ද ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ නිසා මෙහි විවිධත්වය ඉතාමත් වැඩියි. මොකද, අපි පරම්පරා ගානක ඡායාරූප ඉදිරිපත් කරන හින්දා.

අනිත් එක තමයි, ලංකාවේ ඇත්තු ගත්තාම, ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ ජාතික වනෝද්‍යානවල, රක්ෂිතවල. ඒ අලි ඇතුන් මිනිසාගේ ක්‍රියාකාරකම් එක්ක ගැටෙමින් සහ මිනිසාගේ ක්‍රියාකාරකම්වල තියෙන ප්‍රතිඵල හින්දා ඒ සතුන්ගේ ජීවිතවලටත් බාධා එන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඉතින්, අපිට ඇත්තටම කියන්න ඕනේ දේ තමයි, ලංකාවේ ඇතා කියන්නේ කොච්චර අහිංසක සතෙක්ද, කොච්චර වටිනා සතෙක්ද කියන එක. අපි නිකන් ඒගොල්ලන්ව මොනයම් හෝ ක්‍රමයකින් මරාදැමුවොත්, අපේ ලංකාවට ඇතිවෙන පාඩුව කොයි තරම්ද? මොකද, අලියා කියන සතා සාමාන්‍යයෙන් අපි වනාන්තරයේ ගත්තොත් එහෙම, ඉංජිනේරුවෙක් වගේ වැඩකරන සතෙක්. අපි ඒ සතාව වනාන්තරයෙන් අයින් කරලා දැම්මොත් අපිට වෙන්නේ අපේ පාරිසරික සමතුලිතතාව සම්පූර්ණයෙන්ම කැඩෙනවා. ඉතින් ඒ සමතුලිතතාව රකින සතෙක් හැටියට තමයි අපි අලියා කියන සත්වයා අපි හඳුන්වන්නේ. ඒ වගේම, මේ අලි ඇතුන් හින්දා ලංකාවට ගෙනෙන විදේශ විනිමය ප්‍රමාණය ඉතා විශාලයි. ඒ වගේම ඒගොල්ලන්ව පෙන්නලා විදේශ විනිමය ඉපැයීමේ හැකියාව තව ගොඩාක් තියෙනවා.

ඉතින් අලියා සහ ඇතා එක පැත්තකින් සංස්කෘතික බැඳීමක් තියෙනවා, අනික් පැත්තෙන් ආර්ථික වශයෙන් ලොකු වටිනාකමක් තියෙනවා. තුන්වැනි එක, ලංකාවේ පාරිසරික සමතුලිතතාව රකින්න.

ඉතින් අපේ මේ ප්‍රදර්ශනයේ තියෙන ප්‍රධාන අරමුණ තමයි, මේ අලි සහ ඇතාගේ වටිනාකම සමාජගත කරන්න, ලංකාවේ සාමාන්‍ය ජනතාවට පෙන්නන්න. ඒක හින්දා තමයි අපි සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරන්නේ, මේ 21 වැනිදා ඉඳලා 26 වැනිදා වෙනකන් කොළඹ ජාතික කෞතුකාගාරයට එන්න, ඇවිල්ලා ඒකේ ලෝටස් ගැලරි එකේ පැවැත්වෙන මේ ඡායාරූප ප්‍රදර්ශනය නරඹන්න. අලි ඇතුන්ට ආදරය කරන ගොඩක් කට්ටියට මේක වටිනා දෙයක් වෙනවා. මොකද, මේ වනජීවී ඡායාරූප ශිල්පීන් රාශියක් එකතු වෙලා අපි කරන මේ කටයුත්ත පහසු එකක් නෙවෙයි. මෙවැනි දෙයක් සිදුකරන්නේ පළමු වතාවටයි. ලංකාවේ මේ වගේ වැඩක් මීට කලින් වෙලා නැහැ. ඉතින්, මේක ගොඩක් වෙනස් අත්දැකීමක් ගෙන දේවි. ඒ හින්දා අපි සියලු දෙනාටම ආරාධනා කරනවා මේක බලලා, අලි ඇතුන් සංරක්ෂණය සඳහා දායක වෙන්න කියලා.

අපි මේ ප්‍රදර්ශනය හරහා ඉලක්ක කරන ඊළඟ කාරණාව තමයි නීතිරීති අණ පනත් මගින් වන අලින්ට හිංසා කිරීම නතර කිරීම වෙනුවට ජනතාව දැනුවත් කිරීම හරහා, ඒ සතුන්ට ආදරය කරන ප්‍රජාවක් බිහිකිරීම.

දළ ඇත්තු පිළිබඳ දැනුම අතින් ගත්තොත්, ලංකාවේ දැනට ඉන්න ගොඩක් ප්‍රවීණම අයගේ ඡායාරූප මේ ප්‍රදර්ශනයට ඇතුළත් වෙනවා. ඒ නිසා වනජීවී ඡායාරූප ශිල්පය ගැන ඉගෙන ගන්න ඕනෙ අයට, එහෙම නැත්නම් දළ ඇත්තු ගැන පර්යේෂණයක් කරන්න, විස්තර දැනගන්න ඕනෙ අයටත් මේ ප්‍රදර්ශනය ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

Legends of the wild ඡායාරූප ප්‍රදර්ශනයේ සංවිධායක කමිටුවේ සාමාජිකයන් වන මිලින්ද වත්තේගෙදර හා චන්දික ලක්මාල් සහෘදයන් සමග කළ සාකච්ඡාක් ඇසුරෙනි.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

මුලින් කිව්වා මහින්ද එල්ලන්න ඕන කියලා! දැන් කියනවා මම එහෙම කිව්වෙ නෑ කියලා! අනේ මන්දා ෆොන්සේකාත්…! VIDEO I Sri Lanka Latest News

Next Post

ශ්‍රීදේවි මැරුණේ නෑ මැරුවා! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.