ශ්‍රී ලාංකේය සිනමාවේ සුපිරි තරුව ලෙස විරුදාවලිය ලත් ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක අධ්‍යක්ෂණය කර ප්‍රධාන චරිතය රඟපාන නවතම සිංහල චිත්‍රපටය ‘ඕ.අයි.සී. ගඩාෆි’ (OIC GADDAFI) තව නොබෝ දිනකින් තිරගත වීමට නියමිතය. සමාජයේ සත්‍ය සිදුවීම් කිහිපයක් තේමා කරගෙන නිෂ්පාදනය වී ඇති මෙම සිනමා නිර්මාණය අපරාධ, ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයක් ලෙස සැලකෙයි.Sri Lanka Latest News
ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ දුරස්ථ ගම්මානයක් පසුබිම් කරගෙන සිදුවූ අමිහිරි දේශපාලනික අපරාධ සිදුවීම් මෙම චිත්‍රපට කතාවට පසුබිම් වී ඇත. එහිදී එවක රජයේ බලවත් කැබිනට් අමාත්‍යවරයකු දූෂණය, ප්‍රචණ්ඩත්වය හරහා තම පාලනය ගෙනයන ආකාරය නිරූපණය කරයි. එතැනදී ඔහුට එරෙහි වන නිර්භය තරුණ පොලිස් නිලධාරියකු වන ‘ඕ.අයි.සී. ගඩාෆි’ තම මෙහෙවර තේජාන්විතව ඉටුකරයි.
ඕ.අයි.සී. ගඩාෆි නමැති ප්‍රධාන චරිතය ජනප්‍රිය නළු රන්ජන් රාමනායක විසින් රඟදක්වයි. ඔහුට අමතරව මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, ගිහාන් ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස්, පියුමි බොතේජු, ජයනි සේනානායක යන රංගන ශිල්පීහුද දායක වෙති.
ප්‍රියන්ත හෙට්ටිගේ











