එක්සත් ජනපද නාවික හමුදාව හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා යුධ නෞකා දෙකක් යොදාගෙන මීට ටික වෙලාවකට පෙර හදිසි නාවික මෙහෙයුමක් සහ ආරක්ෂක සූදානම් කිරීමක් සිදු කර ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
එහිදී USS Michael Murphy (DDG-112) සහ USS Frank E. Petersen Jr. (DDG-121) යන යුධ නෞකා හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති අතර,එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිළධාරී අද්මිරාල් බැඩ් කුපර් සඳහන් කරන්නේ මෙය හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීම සහ අනාගතයේ ඇති විය හැකි බි!ම් බෝ!ම්!බ අවදානම් සඳහා සූදානම් වීමේ පෙර සුදානමක කොටසක් බවයි.
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ සම්පූර්ණ “mine-clearing operation” එකක් ආරම්භ කිරීමට සහ එවැනි මෙහෙයුම් සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීමක් ලෙස මෙම ගමන විස්තර කරන අතර එක්සත් ජනපදය ඉදිරියේදී හෝර්මුස් සමුද්‍ර සන්ධියේ මෙහෙයුමක් ආරම්භ කරන බවට හොඳම ඉඟියක් බවට මෙය පත් වේ.










