• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටෙන් දහයෙන් එකක් තනිවෙලා! I Sri Lanka Latest News

April 12, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
රටෙන් දහයෙන් එකක් තනිවෙලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 10.5 (දහයයි දශම පහ) ක් එනම් 640,070 ක් තනි පුද්ගල නිවාස (තනිවම එක් අයකු පමණක් පදිංචි නිවාස)වල පදිංචි බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 වසරේදී සිදු කරන ලද ජන හා නිවාස සංගණනයේදී අනාවරණය වී ඇත. මේ අතරින් වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයන් 370,229 ක් තනිවම නිවාසවල පදිංචිව සිටින බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මින් සියයට 71.3 ක් (හැත්තෑ එකයි දශම තුන) කාන්තාවන්ය.Sri Lanka Latest News

මෙරට සමස්ත ගෘහ කාණ්ඩ සංඛ්‍යාව 6,111,315 කි. ඇතැම් විට නිවාසයක ගෘහ කාණ්ඩ දෙකක් සිටින අවස්ථාද ඇත. සංගණන දත්ත අනුව සමස්ත නිවාස ඒකක සංඛ්‍යාව 6,030,541 කි. 2024 වසරේ ජන හා නිවාස සංගණනය අනුව මෙරට සමස්ත ජනගහනය 21,781,800 ක් වන අතර ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පදිංචි පුද්ගලයන් සංඛ්‍යාව 350 කි. මෙම සංගණනයේ දත්ත අනුව, මෙරට වියපත් ජනගහනය එනම් වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ජනගහනයේ කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කරන්නේය. මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 18 ක් වැඩිහිටි ජනගහනය (වයස අවුරුදු 60 හෝ ඊට වැඩි) වාර්තා වේ. ‘වයස්ගත වීමේ දර්ශකය’ (Aging Index) අනුව මෙරට සෑම ළමුන් (වයස අවුරුදු 0 ත් 14 ත් අතර) 100 දෙනකුටම සිටින වැඩිහිටියන් සංඛ්‍යාව 87 ක් ලෙස වාර්තාවී තිබේ. මෙරට ළමා ජනගහන ප්‍රතිශතය සියයට 20.7 ක් (විස්සයි දශම හත) දක්වා අඩුවී තිබේ.

ජනගහනයේ මධ්‍යස්ථ වයස අවුරුදු 35 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඉකුත් 2012 වසරේ කරන ලද සංගණනයට සාපේක්ෂව වසර පහකින් වැඩිවී ඇත. එමෙන්ම රටේ පුරුෂ ජනගහනයට සාපේක්ෂව කාන්තා ජනගහනය ඉහළ ගොස් ඇත. ඒ අනුව, ස්ත්‍රී-පුරුෂ අනුපාතය 93.3 ක් වේ. 2012 වසරේ සංගණනයේදී එය වාර්තා වූයේ 93.8 ක් ලෙසය. විවාහක තත්ත්වය සම්බන්ධ දත්තවලට අනුව ජනගහනයෙන් සියයට 41.8 ක් (හතළිස් එකයි දශම අට) කිසි දිනක විවාහ නොවූවන්ය. මෙය 2012 වසරේ සංගණයේ පැවැතියේ සියයට 30 ක් ලෙසය. පළමු විවාහයේදී මධ්‍යන්‍ය වයස පිරිමි පුද්ගලයන්ගේ 29.2 ක් සහ කාන්තාවන්ගේ 25.6 ක් දක්වා ඉහළ ගොස් ඇත. 2012 වසරේ සංගණනයේදී එය පිරිමි පුද්ගලයන් සඳහා 27.2 ක් වූ අතර කාන්තාවන්ගේ 23.4 ක් විය.

අවුරුදු 65 සහ ඊට වැඩි ස්ත්‍රින්ගෙන් සියයට 44.2 ක් (හතළිස් හතරයි දශම දෙක) වැන්දඹුවන් වන අතර, එම අගය පිරිමින් සඳහා සියයට 10.5 කි (දහයයි දශම පහ).

සමස්ත ජනගහනයෙන් සියයට 61.3 ක් වැඩකරන වයස් කාණ්ඩය (වයස අවුරුදු 15-59) වන අතර සමස්ත ජනගහනයෙන් වැඩිහිටි යැපීමේ අනුපාතිකය සියයට 29.4 ක් (විසි නමයයි දශම හතර) දක්වා ඉහළ ගොස් තිබේ. ළමා යැපුම් අනුපාතිකය සියයට 33.7 කි.

මෙරට සමස්ත ජනගහනයෙන් පුද්ගලයන් 3,223,413 ක් විවිධ මට්ටමේ ක්‍රියාකාරී අපහසුතාවලින් පෙළෙන්නේය. මෙය ජනගහනයෙන් සෑම පුද්ගලයන් 1000 කට 35 දෙනකු වන අනුපාතයකි. මෙරට විරැකියා අනුපාතය සියයට 6 කි. වැඩිම විරැකියාවක් වාර්තා වන්නේ වයස අවුරුදු 20 ත් 24 ත් අතර තරුණ කාණ්ඩයෙනි. මෙරට ජනගහනයෙන් සියයට 19.2 ක් එනම් මිලියන 4.18 ක් බෝ නොවන රෝග එකකින් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් පෙළෙන්නේය. අධික රුධිර පීඩනය, දියවැඩියාව මින් මුල් තැනක් ගන්නේය. වයස අවුරුදු 60 ට වැඩි ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් අවම වශයෙන් එක් නිදන්ගත රෝගී තත්ත්වයකින් පෙළෙන බව වාර්තා වන්නේය.

මෙරට ජනවර්ග අනුව බැලීමේදී විශාලතම ජන වර්ගය සිංහල වන අතර, එය ජනගහන සංඛ්‍යාවෙන් 16,144,037 කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 74.12 කි. ශ්‍රී ලංකා දෙමළ ජනගහනය 2,681,627 ක් වන අතර, ශ්‍රී ලංකා යෝනක (මුස්ලිම්) ජනගහනය 2,283,246 කි.

සමස්ත ජනගහනයෙන් සියයට 69.8 ක් බෞද්ධයන් වන අතර හින්දු ප්‍රතිශතය සියයට 12.6 කි. ඉස්ලාම් ප්‍රතිශතය සියයට 10.7 කි.

අධ්‍යාපනය සහ සාක්ෂරතා දත්ත අනුව විශේෂිත කාරණයක් වන්නේ වයස අවුරුදු 70 සහ ඊට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් පවා සියයට 15 කට වැඩි පිරිසක් ඩිජිටල් සාක්ෂරතාවයෙන් යුතුවීමය. ඉහළම පරිගණක සාක්ෂරතාව පෙන්නුම් කරන්නේ වයස අවුරදු 20 ත් 24 ත් අතර කාණ්ඩය වන අතර, ඩිජිටල් සාක්ෂරතාවයෙන් පෙරමුණ ගෙන සිටින්නේ වයස අවුරුදු 15 ත් 19 ත් අතර කාණ්ඩයයි.

2012 වසරේ ජන හා නිවාස සංගණනයට සාපේක්ෂව 2024 වසර වන විටදී මෙරට නිවාස සංඛ්‍යාව 822,801 කින් ඉහළ ගොස් ඇත. ගෘහ කාණ්ඩවලින් සියයට 93.8 කට භාවිතය සඳහා ජංගම දුරකථන පවතින බවද අනාවරණය වේ. රටේ සමස්ත ජනගහනයෙන් සියයට 13 ක් සිය උපන් ස්ථානයෙන් බැහැරව වෙනත් ප්‍රදේශවල පදිංචිවූ ‘ජීව කාලීන සංක්‍රමණිකයන්ය’. වැඩිම සංක්‍රමණිකයන් පිරිසක් පැමිණ ඇති දිස්ත්‍රික්කය වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයයි (+357,528). දෙවනුවට වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ (+191,524) දිස්ත්‍රික්කයෙනි.

SendShareShare
Previous Post

සිංහල සිනමාවේ සුපිරි තරුව රන්ජන්ගේ ඕ.අයි.සී. ගඩාෆි! Sri Lanka Latest News

Next Post

තුනෙන් දෙකේ ආණ්ඩුව එකෙන් හොල්ලපු සජබයේ ත්‍රීශූලය! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!
Exclusive

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.