• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලැබෙන දේවල් හොඳ නම් ආසාව වැඩිවෙනවා…! ඇත්ත ජීවිතයයි රංගනයයි කියන්නේ දෙකක්…! වාසනාව හොයාගන්න ඕනේ…! ෆර්නි රෝෂනී I Sri Lanka Latest News

January 10, 2026
in Heart
Reading Time: 3 mins read
A A
ලැබෙන දේවල් හොඳ නම් ආසාව වැඩිවෙනවා…! ඇත්ත ජීවිතයයි රංගනයයි කියන්නේ දෙකක්…! වාසනාව හොයාගන්න ඕනේ…! ෆර්නි රෝෂනී I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ක්ලැරන්ස්’ සිනමා පටය හරහා අතීත රසික සිතට ආමන්ත්‍රණය කරමින් “මංගෝ නැන්දා“ නමින් ඉතා ජනප්‍රිය වුණු ඇය ටෙලි තිරයේ බේකරි ගෙදර, ඉස්කොලේ හරහා ඔබේ ආලින්දයට පැමිණි ඇය රංගන ශිල්පිනී ෆර්නි රෝෂනීයි. ඇගේ මේ සුන්දර ගමන ගැන තොරතුරු දැනගන්න ආදරයෙන් එකතුවෙන්නයි ‘මව්රට’ ‘හාට්’ අපේ මේ වෑයම.Sri Lanka Latest News

දැනගන්න කැමැතියි මේ දවස්වල වැඩ කැටයුතු කොහොමද කියලා?
පසුගිය දවස් ටිකේම දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වුණු අයට සුරක්ෂිත මධ්‍යස්ථානවලට ගිහිල්ලා මෝටිවේෂන් ප්‍රෝග්‍රෑම් වගයක් කළා. වේදිකා නාට්‍ය ගොඩක් නතර වුණා. ජනවාරි මාසේ ඉඳන් දිගටම කරගෙන යනවා. ටෙලිනාට්‍ය ගැන කතා කළොත් රංගන ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කරන ‘ජැෆ්නා’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කරනවා. ඒ වගේම දෙරණ බේකරි ගෙදර, ඉස්කෝලේ ටෙලිනාට්‍යවල රූගත කිරීම් කරනවා. සුපුන් රත්නායකගේ “විලම්බීත“ කියන ටෙලිනාට්‍යයත් ශාන් ජයරත්නගේ “කාකි“ කියන නාට්‍යයෙත් රූගත කිරීම් කරනවා. තව අලුත් ටෙලිනාට්‍ය කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම අරුණ ජයවර්ධන මහතාගේ චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා.

ඔබ සිනමාවෙත් ටෙලි තිරයෙත් චරිතාංග නිළියක්. චරිතයකින් චරිතයකට වෙනස් වෙන්නේ කොහොමද?
ඒ සඳහා ප්‍රධානම අඩිතාලම වැටුණේ වේදිකාවෙන්. චරිතයක් ගොඩනැගීමේදී අධ්‍යක්ෂවරයා සහ පිටපත් රචකයා සමග කතා කරලා ඒ චරිතයේ ගමන් විලාසය, කතාව සහ ඇඳුම් පැලඳුම් ගැන අපි අධ්‍යයනය කළ යුතුයි. රංගනය කියන්නේ සියයට 75ක්ම තමන් සතු වියයුතු දෙයක්. ඉතිරි ටික අධ්‍යක්ෂවරයාට හදන්න පුළුවන්. අපිට හොඳ ප්‍රවීණ ඇසුරක් ලැබුණා. ඔවුන්ගෙන් ලැබුණු අත්දැකීම් සහ මගපෙන්වීම් නිසා තමයි චරිතවලට සාධාරණයක් කරන්න පුළුවන් වෙන්නේ.

රංගනය, ගායනය සහ හඬකැවීම් කියන අංශ තුනටම ඔබට දක්ෂතා තියෙනවා. ඒ වාසනාවද?
ඕනෑම කෙනෙක්ට මේ වාසනාව තියෙනවා. වාසනාව හොයාගන්නේ නැති එකයි වැඩේ. අපේ දක්ෂතා දකින්න ඕනෙ ඇත්තටම. මං මේ වෙලාවේ මතක් කරන්න ඕනෙ රවින්ද්‍ර පෝදාගොඩ මහත්තයව. ඔහු තමයි මගේ දක්ෂතා දැක්කේ. ගුවන්විදුලියේ නාට්‍ය හඬකැවීම් ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා දැකලා වේදිකාවට කතා කළා. ඕනෑම කෙනකුට කුසලතා වාසනා ගුණය දක්ෂතාව මේ හැමදේම තියෙනවා. ඒක හොයාගන්න ඕනෙ. නැත්නම් ඒක තව කෙනෙකු දකින්න ඕනේ. එහෙම නැත්නම් තමන්ම ඒ දේ හොයාගෙන ඉස්සරහට යන්න ඕනේ. හරිම දුෂ්කර ගමනක් හරි පරිස්සමින් යන්න ඕනෙ. හොඳ අය ඇසුරු කළොත් හොඳ මාවතකට වැටුණොත් මේක දීර්ඝ ගමනක් දිගටම යන්න පුළුවන්. වාසනා ගුණයත් මේ හැම දේකටම බලපානවා. එක එක්කෙනාගේ වාසනාවේ මහිමය අනුව තමයි රංගන ශිල්පිනියන් ඒ ඒ තැන්වල ඉන්නේ කියලා මං විශ්වාස කරනවා.

පෞද්ගලික ජීවිතයේ අත්දැකීම් රංගනයට බලපානවාද?
ඇත්ත ජීවිතයයි රංගනයයි කියන්නේ දෙකක්. කැමරාව ඉදිරිපිට රඟපෑවට ඇත්ත ජීවිතේ රඟපාන්න අවශ්‍ය නැහැ. පෞද්ගලික ජීවිතේ ලැබෙන හැලහැප්පීම් සහ අත්දැකීම් හරහා මිනිස්සුන්ව තේරුම් ගන්න පහසු වෙනවා. මගේ පෞද්ගලික ජීවිතය මගේ රංගන දිවියට කිසිම බාධාවක් වෙලා නැහැ. ඒ වෙනුවට එය ලොකු ශක්තියක් වෙලා තියෙනවා.

මුල් කාලයේ ගෙදරින් රංගනයට කැමැති වුණේ නැහැ නේද?
මං විවාහ වෙන්න කලින් මගේ මවුපියන් ගොඩක්ම කැමැති වුණේ මං ගායනය පැත්තට යොමු වෙනවට. මං ගායනය හැදෑරුවා ප්‍රේමදාස මුදුන්කොටුව මහතා යටතේ. එයාලා ආසා කළේ මං ගායිකාවක් විදිහට ඉස්සරහට යනවා දකින්න. මොකද ඒ කාලේ හැටියට එයාලා බය වුණා මම පවුලේ එකම ගැහැනු දරුවා හින්දා කලාව පැත්තට යොමු කරන්න. හැබැයි දැන් මවුපියෝ ගොඩක් සතුටු වෙනවා. අපි හැරවෙන ලක්ෂ්‍යය කොහෙද කියන්න බෑ. ගුවන්විදුලියට රැකියාවට ආවට පස්සේ තමයි මේ හැම දේම වෙනස් වෙන්නේ. විවාහ වුණාට පස්සේ ඔහුත් බොහොම ආදරේ කරනව කලාවට. ඔහුත් නිදහසක් දුන්නා මට කලාව කරගෙන යන්න.

මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර ගැනත් කතාකරමු?
ප්‍රතිචාර ගොඩක් හොඳයි. මේ දවස්වල ක්ලැරන්ස් ෆිල්ම් එකට ලැබෙන ප්‍රතිචාර අතිවිශාලයි. ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනෙ අධ්‍යක්ෂ තේජ ඉද්දමල්ගොඩ මහතාට සහ සාරංගට මාව මේකට තෝරගත්තට. ඇත්තටම මම හිතන්නේ අපිට සම්මාන ලැබෙන්නේ රසිකයන්ගෙන්. එක එක පළාත්වලට යන්න ලැබෙනවා. ඒක තමයි රංගනයේ තියෙන වාසනා ගුණය. රංගන ශිල්පිනියක් වුණාම අද තව තැනක හෙට තව තැනක. ඒ වගේ තැන්වලදී අපට ලැබෙන ප්‍රතිචාර තමයි අපිට ලැබෙන සම්මාන. ඉතින් මම හිතන්නේ අපි ඒවායෙන් තවත් ප්‍රබෝධමත් වෙනවා. චරිත කරන්න පිපාසයක් ඇති වෙනවා. ආශාවක් ඇතිවෙනවා. ඉතින් මම හිතන්නේ නිර්මාණකරණයේදී විවිධ චරිතවලට විවිධ අයගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ආදරණීයයි. බොහොම සතුටින් හැම ප්‍රතිචාරයක්ම බාරගන්නවා.

ඉන්දු ජයවර්ධන

SendShareShare
Previous Post

ග්‍රහ ලොව රජු මකරයට එයි! ඔබට උදාවන කලදසාව මෙන්න…! Sri Lanka Latest News

Next Post

අනුර අනුරපුරෙන් කුරුණෑගලට! රනිල් කියපු 2048 කතාවට පොඩි ෂොට් එකක් දෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ පාලක...

Read more
ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.