• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මිනිස්සු තවමත් මට ආදරෙයි! Sri Lanka Latest News

August 5, 2025
in Heart
Reading Time: 2 mins read
A A
මිනිස්සු තවමත් මට ආදරෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ජනකාන්ත’ කියන විශේෂණය යම් කෙනකුගේ නමට මුලින් යෙදෙනවා කියන්නේ ඒක ලොකු වාසනාවක්. එහෙමත් නැත්නම් ලොකු පිනක්. Sri Lanka Latest News

ලස්සන රූපකායක් ඇතිව මෙලොව ඉපදෙන එකත් ඒ වගේම පිනට ලැබෙන වරප්‍රසාදයක්. ‘ජනකාන්ත’ බවයි ලස්සනයි දෙකම හිමිවෙනවා කියන්නේ ඊටත් වැඩිය පිනක්. ‘ජනකාන්ත’ කියන විශේෂණ පදය ලැබෙන්නේ අසීමිත ජනප්‍රියත්වයක් ලබන්න පුළුවන් කෙනකුටයි. ‘කේවලගේ විජය සිල්වා’ නොහොත් විජය කුමාරණතුංග කියන්නේ ඒ ජනප්‍රියත්වය මැරෙන තුරුම ලබාගත්ත කලාකරුවෙක්. මැරෙනතුරු නෙවෙයි මරණයෙන් පස්සේ අදටත් තවමත් විජයගේ නමට මුලින් ‘ජනකාන්ත’ කියන අකුරු පහ නොලියා බැහැ. නළුවෙක් වගේම ගායකයෙක් විදියටත් ඔහු හැමදාමත් ජනකාන්තයි. ඒ ජනකාන්ත බව ඔහුට ලැබුණේ සෝෂල් මීඩියාවල රඟලාවත් තමන්ගේ නමට එස්.එම්.එස්. කරන්නය කියලා තමා විසින්ම තමන්ගේ රසිකයන්ට සිම්පත් අරන් දීලාවත් නෙවෙයි. විජයට ඒ ජනකාන්ත බව ලැබුණේ ඔහුට ඇලුම් කරපු රසිකයන්ගේ හදවත ගැඹුරින්මයි. තවත් විදියකට කියනවා නම් බොක්කෙන්මයි. එයට වයස් භේදයක් හෝ තරාතිරමක් තිබුණේ නැහැ. අදටත් නැහැ.

විජයව අපිට නැති කළේ 1988 පෙබරවාරි 16 වැනිදා. 88ට පස්සේ ඉපදිලා අද තරුණ වයසේ ඉන්න දරුවොත් විජයගේ පින්තූරයක් මුහුණු පොතේ දැක්කම ඒකට කමෙන්ට් කරනවා. ඔවුන් කියන්නෙත් මේ වගේ කඩවසම් පෙනුමක් තියෙන නළුවෙක් ආයෙමත් සිංහල සිනමාවට එන එකක් නැහැ කියලයි. අන්න ඒක තමයි ජනකාන්ත කියන වචනෙ නියමම තේරුම. ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ගත්ත එක වතාවක විජය මෙහෙම කියනවා.

‘නළුවෙක් හැටියට සිනමාවට ආ දා ඉඳන් තවමත් මිනිස්සු මට ආදරේ කරනවා. මාව පිළිගන්නවා. කලාකරුවකුට තියෙන ලොකුම සතුට තමයි ඒ ඇල්ම. ඒ තරමට මට ආදරය කරන මිනිස්සු වෙනුවෙන් පෝරකයට යන්න වුණත් මම සූදානම්. මාව නරඹන්න ආපු මිනිස්සුන්ට මම දුන්නේ මගේ හදවතින්ම ආව හිනාවයි රංගනයයි විතරයි. හැබැයි එයාලා මට ඒ වෙනුවෙන් දුන්න මේ ජනකාන්ත බව මිල කරන්න බැරි තරම් අමිලයි….’

විජය ඒ ටික කිව්වේ ඔහුගේ අකල් මරණයට මාස ගණනකට කලින් වගෙයි. ඔහු කීවේ සම්පූර්ණ ඇත්ත. ඒ ජනකාන්ත බව මිල කරන්න කවදාවත් කාටවත් බැහැ. තමන්ව ජනප්‍රියම නළුවා කරන්න කියලා තමන් විසින්ම මුහුණු පොත හරහා පණිවුඩ දාන සැලෝලයිට් නළුවො ඉන්න කාලේ විජය කුමාරණතුංග වැනි නළුවෝ කියන්නේ ඉතින් පට්ටම නළුවො තමයි. ඉහත උපුටා දක්වපු විජය කියපු වචන සෙට් එකත් එක්ක ඔහු වෙනුවෙන් නිර්මාණය වුණු පෝස්ටුවක් මුහුණු පොතේ ඊයේ පෙරේදා දැක්කා. ඒ දැක්ම තමයි මේ සටහන ලියන්නත් හේතු වුණේ. ඇත්තම කියනවා නම් විජය කියන්නේ ජනකාන්ත අමරණීය නාමයක්. සුන්දර චරිතයක්.

මල්මි කෞශල්‍යා

SendShareShare
Previous Post

වාහන මිල ආයෙත් ඉහළ යන ලකුණු! 2013 සිට ආනයනය කරපු විදිහටම ගෙනාපු වාහන තොගයක් රේගුව නිදහස් කරන්න බෑ කියලා! I Sri Lanka Latest News

Next Post

මෙතෙක් වාර්තාව තියල තිබ්බ ලොකුම වංචාව මහ බැංකු වංචාව පරදවා ඊටත් වඩා ලොකු ලොකු වංචාවක් කරලියට අවිල්ලලු! ගම්මන්පිලගෙන් තවත් හෙලිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යෑමට සිදුවනු ඇති බව නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.