• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වාහන මිල ආයෙත් ඉහළ යන ලකුණු! 2013 සිට ආනයනය කරපු විදිහටම ගෙනාපු වාහන තොගයක් රේගුව නිදහස් කරන්න බෑ කියලා! I Sri Lanka Latest News

August 5, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මැයි මස සිට මෙරටට ආනයනය කරන ලද වාහන 500ක් පමණ නිදහස් කර ගැනීමට නොහැකිව රේගුවේ සිර වී ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.Sri Lanka Latest News

එම සංගමය මේ බව සඳහන් කළේ, කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

ඇතැම් වාහනවලට අදාළ බදු ද ගෙවා ඇති පසුබිමක ණයවර ලිපිවලට (Letter of Credit) අදාළ ලිපි ලේඛන සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් මැයි මස 27 වන දා සිට රේගුව මෙම වාහන නිදහස් නොකරන බව එම සංගමයේ සභාපති මදුෂාන් මාන්නප්පෙරුම පැවසීය.

“2013 ඉඳන් ලංකාවට වාහන ආව ක්‍රමයට තමයි අපි දැනටත් LC ඇරලා වාහන ආනයනය කරන්නේ. ඒ දවස්වල කිසි ම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. හැබැයි 2025 මැයි 27න් පස්සේ රේගුවෙන් අපේ වාහන විශාල ගණනක් නවත්තලා තියෙනවා.

“ඒකට අපිට කිසි ම ලිඛිත දැනුම් දීමක් කරලා නැහැ. එයාල කටින් අපිට කියනවා, ජපානයේ බැංකුවෙන් ම සීල් එක ගහලා ගෙනැල්ලා දෙන්න කියලා,” ඔහු සඳහන් කළේ ය.

හම්බන්තොට වාරයේ මෙන් ම කොළඹ වරායේ ද අදාළ වාහන සිරවී ඇති අතර ඒ හේතුවෙන් ඉදිරියේදී “විශාල ප්‍රමාද ගාස්තු” ගෙවීමට සිදුවන බව සභාපතිවරයා පැවසීය.

“දැනට රේගුවේ වාහන අඩු ම තරමේ වාහන 500ක්වත් අපේ වාහන හිර වෙලා තියෙනවා. සමහර වාහනවල කට්ටිය ඩියුටිත් ගෙවලා තියෙනවා. අපිට ලොකු බලපෑමක් වෙලා තියෙනවා,” ඔහු අවධාරණය කළේ ය.

“හොරට ගෙනැල්ලා නෙවෙයි, මෙයාලා කියන්නේ මේ වාහන ආනයනය කරන රටින් ම ලංකාවට පටවන අවස්ථාවේ එහේ බැංකුවෙන් සීල් එක ගහල තියෙන්න ඕනේ කියලා. රේගුවෙන් දැන් කියන්නේ අපි වරදක් කරනවා කියලා.”

ගැටලුව කුමක් ද?

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උපසභාපති අරෝෂ රොද්‍රිගෝ මෙම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේ ‘cross-border LC’ යටතේ මෙරටට ආනයනය කරන ලද වාහන මෙම ගැටලුවට මුහුණ පා ඇති බව ය.

ණයවර ලිපි විවෘත කිරීමේ පවතින සංකීර්ණ බව හේතුවෙන් ජපානය එම ක්‍රමවේදය යටතේ වාහන අපනයනය කිරීමට දක්වන අකමැත්ත හේතුවෙන් මෙලෙස ‘cross-border LC’ යටතේ වාහන ආනයනය කිරීමට සිදුව ඇතැයි ඔහු පැවසීය.

“ජපානය මේ ණයවර ලිපි කියන සංකල්පයට කැමති නැහැ. ඒකට යද්දී සෑහෙන ඩොකියුමන්ටේෂන් පාට් එකක් තියෙනවා. මේ ණයවර ලිපිවල තියෙන ප්‍රොසෙස් එක නිසා ඒ බැංකු කැමති නැහැ ලංකාව එක්ක ගනුදෙනු කරන්න.”

“කොවිඩ් කාලේ වාහන ආනයනය කරද්දී ණයවර ලිපි අපි යවපුවා, Irrevocable Letter of Credit (LC) ලංකාවේ ආණ්ඩුව අවලංගු කළා. සමහර අතරමග තියෙන වාහන නැවත යවන්න කිව්වා.

“ඒ හේතුව නිසා ඔස්ට්‍රේලියාව වගේ රටවල්වලින් අපේ ණයවර ලිපි භාර ගන්නේ නැහැ. එතකොට අපිට ඔස්ට්‍රේලියාවෙන් වාහනයක් ගේන්න අවශ්‍ය නම් LC හරහා ඒ සැපයුම්කරුගෙන් වාහනය අරගෙන නැව්ගත කරනවා ඔස්ට්‍රේලියාවෙන්. මේ හේතුව නිසා තමයි Cross Border LC අරින්න වෙලා තියෙන්නේ අපිට,” ඔහු පැහැදිලි කළේ ය.

මෙරටට වාහන ආනයනයේදී අවශ්‍ය ලිපි ලේඛන කිහිපයක් ඇති බවත් ණයවර ලිපි විවෘත කිරීමේදී ආනයනයකරු වෙත ඒවා ලැබෙන බව ත් උපසභාපතිවරයා පැවසීය.

එම ලිපි ලේඛන අතරින් ‘ඩී රෙජිස්ට්‍රේෂන්’ සහ ‘ප්‍රී ශිප්මන්ට් ඉන්ස්පෙක්ෂන්’ යන සහතික සඳහා වාහන නැව්ගත කරන රටේ අදාළ බැංකුවේ මුද්‍රාව තිබිය යුතු බවට රේගුව පැවසීමත් සමග මෙම ගැටලුව උද්ගතව ඇතැයි ඔහු සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් රේගුව තමන් වෙත ලිඛිත දැනුවත් කිරීමක් සිදු කර නොමැති බව ඔහු පෙන්වා දුන්නේ ය.

“ශ්‍රී ලංකා රේගුව කියන්නේ, මේ වාහනය පටවන රටින් ‘ඩී රෙජිස්ට්‍රේෂන් සහතිකය’ සහ ‘ප්‍රී ශිප්මන්ට් ඉන්ස්පෙක්ෂන්’ එකේ බැංකුවේ මුද්‍රාව තියෙන්න ඕනේ කියලා. 2025 මාර්තු 19 වන දා ගැසට් නිවේදනයේ පැහැදිලිව කියනවා මේ ලිපි ලේඛන ඒ රටේ බැංකුවෙන් ලංකාවේ බැංකුවට ඍජුව ලැබෙනවා නම්, සීල් එක අවශ්‍ය නැහැ කියලා,” ඔහු පැවසීය.

නමුත් 2013 නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් පදනම් කරගෙන මෙම වාහන රේගු භාරයේ රඳවා ගෙන ඇති බවට සංගමය චෝදනා කළේ ය.

“බැංකුවකින් අපිට කියලත් නැහැ. බදුත් ගෙව්වා ම රේගුව කියනවා මේ වාහනය ගේන ක්‍රමය වැරදියි කියලා.”

“ජනාධිපතිතුමාට කියන්නේ මේ ප්‍රශ්නය දිහා හරියට බලලා ප්‍රයෝගික විසඳුමක් දෙන්න. ආනයනකරුවන් වශයෙන් අපි කිසි ම වරදක් කරලා නැහැ,” උපසභාපතිවරයා පැවසීය.

එම සංගමය පෙන්වා දුන්නේ, 2013 වසරේ සිට මෙම ක්‍රමයට වාහන ආනයනය කර ඇති බව ය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කළ ද තවමත් ඊට විසඳුමක් ලැබී නොමැති බව ද “මේ ප්‍රශ්නය නිසා වෙළෙඳපොළේ වාහන මිලත් ඉහළ යන්න පුළුවන්,” බව ද ඔහු පැවසීය.

Cross-border LC කියන්නේ මොකක් ද?

Cross-border LC සම්බන්ධයෙන් ද මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උපසභාපති අරෝෂ රොද්‍රිගෝ කෙටි පැහැදිලි කිරීමක් කළේ ය.

“ඩුබායි, සිංගප්පූරුව වගේ රටවල්වල මහා පරිමාණ සැපයුම්කරුවන් ජපානය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය වගේ රටවල්වලින් වාහන මිල දී අරගෙන ඒ අවශ්‍ය රටවල්වලට වාහන සපයනවා.”

“එතකොට අපි කරන්නේ LC (ණයවර ලිපිය) එක අරිනවා ඩුබායිවලට හරි. සිංගපූරුවට හරි. එතකොට අපි ඒ වාහනේ ඉල්ලුවා ම ඒ නිෂ්පාදනය කරන රටින් ඒ අය අපිට වාහනය නැව්ගත කරලා දෙනවා,” වැඩිදුරටත් පැවසීය.

‘ගැසට් එකට විරුද්ධව ගෙනල්ලා තියෙන්නේ’

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මීට පෙර අවස්ථාවක ද මාධ්‍ය මගින් දැනුවත් කිරීමක් කර තිබුණු අතර එහිදී ඔවුන් ප්‍රකාශ කර තිබුණේ, “බහුතරයක්, වාහනයේ වටිනාකම අඩු කර තීරු බදු වංචා කිරීමට තුන්වන රටක් භාවිත කරන බව ය.

කෙසේ වෙතත්, බීබීසී සිංහල රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩගෙන් විමසීමක් කළේ ය.

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, අදාළ වාහන ගැසට් පත්‍රය උල්ලංඝනය කර මෙරටට ආනයනය කර ඇති බව ය.

“අදාළ වාහන ගැසට් එකට විරුද්ධව තමයි ගෙනල්ලා තියෙන්නේ. නීතියට පිටින් ගෙනාවොත් අපි කොහොමත් ක්ලියර් කරන්න දෙන්නේ නැහැ,” ඔහු පැවසීය.

නීතියට අනුව එවැනි වාහන නැවත අපනයනය කිරීම සිදු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.

“ගැසට් එකේ තියෙනවා ආනයනය කරද්දී ඩොකියුමන්ට්ස් වගයක් අවශ්‍යයි කියලා. ඒ එක ඩොකියුමන්ට් එකක් නැහැ,” මෙම වාහන රේගු භාරය රඳවා තබා ගැනීමට හේතුව මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කළේ ය.

ඔහු තවදුරටත් මෙසේ පැවසීය:

“Cross-border LC එකේ නෙවෙයි ප්‍රශ්නය තියෙන්නේ. ඩොකියුමන්ට් එකක් තියෙනවා. ඒක වාහනය එන රටින් ජෙනරේට් වෙලා අදාළ බැංකුව හරහා එන්න ඕනේ අත්සන් කරලා. ඒක නැති නිසා තමයි මේ හිර වෙලා තියෙන්නේ. ‘කැන්සලේෂන් ඔෆ් රෙජිස්ට්‍රේෂන්’, ඒක නැතුව අපි මාසයක් නෙවෙයි, දෙකක් තිබ්බත් අපි දෙන්නේ නැහැ.”

මේ අතර, BYD වාහන සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක වන බව ත් එය අවසන් වූ පසු ඊට අදාළ තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කරන බව ත් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල වෙත වැඩිදුරටත් පැවසීය.

ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු වසරේ මේ දක්වා කාලය තුළ වාහන 30,000ක් දිවයිනට ගෙන්වා ඇතැයිද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

BBC සිංහල

SendShareShare
Previous Post

සජිත්ගේ ඉංග්‍රීසිවලට හිනාවුණු උන්ට හිනාවෙන සේපාලයි චරිතුයි..! බලන්න ‘පච හන්ටර්ස්’! VIDEO I Sri Lanka Latest News

Next Post

මිනිස්සු තවමත් මට ආදරෙයි! Sri Lanka Latest News

MORE NEWS

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.