• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

‘මොන දේ අහිමි වුණත් වේදිකාව අහිමි කර ගන්නෙ නෑ’ – ඉෂාර වික්‍රමසිංහ ! Sri Lanka Latest News

November 8, 2025
in Heart
Reading Time: 2 mins read
A A
‘මොන දේ අහිමි වුණත් වේදිකාව අහිමි කර ගන්නෙ නෑ’ – ඉෂාර වික්‍රමසිංහ ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කලාව කියන්නේ පුද්ගලයකුගේ ඇතුළාන්තය තුළින් බිහිවෙන අපූරු මායාවක්. ඒ කලාව ජීවිතය කරගත් අපූරු මිනිසුන් නිසාම තවත් දහසක් මිනිසුන්ගේ ජීවිතවලට ආලෝකය ලැබෙනවා. ඉතින් කලා ක්ෂේත්‍රය තුළ කරණම් ගහන හරි අපූරු මිනිසෙක් විදිහට ඉෂාර ප්‍රමුදිත වික්‍රමසිංහ අපිට හඳුන්වා දෙන්න පුළුවන්. වේදිකාව ජීවිතය කරගත් ඔහුත් එක්ක ‘හාට්’ අපි ටිකක් කතා කළා.

ඉෂාර, කොහොමද හොඳින් ඉන්නවද?
ඉතා හොඳින් ඉන්නවා. මේ දවස්වල නම් ටිකක් කාර්යබහුලයි.
ඉෂාර ප්‍රමුදිත වික්‍රමසිංහ කියන්නේ කවුද කියලා කියමු?
මම කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. හය වසරෙදී ජයලත් මනෝරත්නයන්ගේ ‘තලමල පිපිලා’ නාට්‍යයෙන් තමයි වේදිකාවට ආවේ. පාසල් කාලයේදීම ටෙලිනාට්‍යවලටත් එකතු වුණා. මම මුලින් විද්‍යා අංශයෙන් උසස් පෙළ කරලා, පස්සේ නාට්‍ය කලාවට තිබූ කැමැත්ත නිසාම කලා අංශයෙන් නැවත උසස් පෙළ කරලා කැලණිය විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳ ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධියක් ලබාගෙන සහකාර කථිකාචාර්යවරයෙක් විදියටත් අවුරුදු 2ක් සේවය කළා. මේ වෙද්දි මම රංගන ශිල්පියෙක්, නිවේදකයෙක්, දේශකයෙක්, ගායකයෙක් සහ හඬකැවීම් ශිල්පියෙක් විදිහට නිදහසේ වැඩකරනවා.
රංගන ජීවිතයේ ආරම්භයට මතකය අරන් ගියොත්?
ආරම්භය වුණේ 1999දී, හය වසරෙදී, මනෝරත්නයන්ගේ ‘තලමල පිපිලා‘ නාට්‍යයේ ‘හේතු‘ චරිතයෙන්. හත වසරෙදී මට ‘සිත නිවන කතා’ කතා මාලාව ඇතුළුව ටෙලිනාට්‍ය කීපයක් ලැබුණා. හත වසරෙ ඉදන් මට පළවෙනි ටෙලිනාට්‍යය ලැබුණා. ඒ, සිත නිවන කතා කතා මාලාවේ. ‘උතුම් තෑග්ග‘, ‘මුනුබුරාණෝ‘ කියන ටෙලිනාට්‍යවල රඟපෑවා. අට වසරෙදී තවත් ප්‍රාසාංගික ටෙලිනාට්‍යයක රඟපානවා, දී.ග. සෝමපාලයන්ගේ ‘සඳවතක වරුණ‘ කියලා. ඊට පස්සේ උසස් පෙළ කරන කාලේදී දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘ගජමන් පුවත’ නාට්‍යයෙන් නැවත වේදිකාවට ඇවිත්, පස්සේ කේ.බී. හේරත්ගේ ‘කුරුලු පාළුව’ කියන ටෙලිනාට්‍යයේ රඟපානවා. ඒ වගේම ජයලත් මනෝරත්නයන්ගේ ‘ගුරු තරුව’, ‘අන්දරේලා’, ලූෂන් බුලත්සිංහලයන්ගේ ‘තාරාවෝ ඉගිලෙති’, ‘රතු හැට්ටකාරී’, ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ‘ධවල භීෂණ’, ‘මකරාක්ෂයා’, රාජිත දිසානායකයන්ගේ ‘සිහින හොරු අරන්‘, ‘මට වෙඩි තියන්නැද්ද’, ‘නැතුව බැරි මිනිහෙක්’ වැනි නාට්‍ය ඇතුළුව මේ වනවිට වේදිකා නාට්‍ය පනහකට වැඩිය රඟපාමින් ඉන්නවා. එහෙම තමයි මගේ ආරම්භයේ ඉඳන් ගමන අවේ.
ලංකාවේ වේදිකා නාට්‍ය කලාව ගැන ඔබ මොකද හිතන්නේ?
යුද්ධය, ආර්ථික හා දේශපාලන අර්බුද නිසා කලාව යම් පසුබෑමකට ලක්වෙලා තිබුණා. හැබැයි, දැන් හොඳ කාලයක් ඇවිත්. නාට්‍ය ශාලා හවුස් ෆුල් වන තරමට ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා. සමහරුන්ට ටිකට් නැතුව හැරිලා යන්නත් වෙනවා. මෙය හොඳ නිර්මාණ බිහිවීමටත්, නාට්‍ය කර්මාන්තය ඉදිරියට යෑමටත් ඉතා හොඳ තත්ත්වයක්. සිනමාවේ වුණත් මේ හොඳ තත්ත්වය දකින්න පුළුවන්.
වේදිකාව ගැන කතාකරද්දි මේ දවස්වල ‘හරිම බඩු තුනක්‘ ගැන කතා නොකළොත් අඩුවක්?
මම හිතන්නේ උදයසිරි වික්‍රමරත්නයන්ගෙ ‘හරිම බඩු තුනක්‘ එක්තරා රැල්ලක් නිර්මාණය කළා. හැත්තෑව, අසූව දශකවල වගේ අදත් හොඳ නිර්මාණ බලන්න සෙනඟ පැමිණෙනවා. ‘හරිම බඩු තුනක්‘ වගේම ‘ගරු කටානායකතුමනි’ වැනි නාට්‍යත් මේ රැල්ල ඇතිකරන්න හේතු වුණා. ප්‍රේක්ෂකයෝ ටෙලිනාට්‍යවලින් අපිව දැකලා සජීවීව නාට්‍ය බලන්න එනවා. නාට්‍ය බැලීම පුරුද්දක්, ඇබ්බැහියක් වෙලා. කර්මාන්තය පවතින්න සම්භාව්‍ය වගේම ජනප්‍රිය නිර්මාණත් තිබීම වැදගත්. ඒ නිසා ‘හරිම බඩු තුනක්‘ කියන්නේ ලංකාවේ නාට්‍යාවලියේ හැරවුම් ලක්ෂ්‍යයක්.
වර්තමාන කලා ක්ෂේත්‍රය තුළ ඉෂාර කියන්නේ අපි අර කියන ‘මාර චරිතයක්‘ කියලා. ඉතින් ඉෂාර තමන්ගේම කියලා කලා නිර්මාණයක් ක්ෂේත්‍රයට ගේන්න අදහසක් නැද්ද?
අවුරුදු දහයක් පහළොවක් තිස්සේ මගේම නිර්මාණයක් කරන්න ආසාවක් හිතේ තියෙනවා. නමුත් අනුන්ගේ වැඩවල හිරවෙලා නිසා වෙලාවක් නැහැ. සති අන්තවල රඟහල්වලත්, සතියේ දිනවල ටෙලිනාට්‍ය රූගත කිරීම්, දේශන සහ වැඩමුළු නිසා මම අතිශය කාර්යබහුලයි. මෙම කාර්යබහුලත්වය මට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට වැදගත් වගේම, නිරන්තරයෙන් රංගනයේ යෙදීම නිසා රංගනය් හැදෑරීමටත්, අත්හදා බැලීමටත් පුළුවන්. ලෝකෙ වටේ ගිහින් නාට්‍ය දර්ශන වාරවලට සහභාගි වෙන්න ලැබෙන්නෙත් මේ නිසා. නිදහසක් ලැබුණු වහාම මගේම නාට්‍ය නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මේ දවස්වල තවත් විශේෂ දෙයක්නේ ‘සිත නිදි නෑ’ කියන්නේ. කොහොමද ප්‍රේක්ෂක ප්‍රතිචාර?
‘සිත නිදි නෑ’ කියන්නේ ප්‍රේක්ෂකයෝ මාව හොඳටම අඳුනගත්ත නාට්‍යයක්. සමහරු මට කතා කරන්නේ මගේ චරිතයේ නම වන ‘විශ්ව ප්‍රභාත් රාජපක්ෂ‘ කියලා. මේ ජනප්‍රියත්වයේ ගෞරවය රචකයා, අධ්‍යක්ෂවරයා සහ සහය අධ්‍යක්ෂවරයාට හිමිවිය යුතුයි. අපි එපිසෝඩ් 550ක් පමණ කරලා තියෙනවා. මුලින් නවත්වන්න හිටියත්, ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා නාට්‍යය දිගටම යනවා. මේ අවුරුද්ද අග වෙද්දි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මැදි වියේ වගේම තරුණ ප්‍රේක්ෂකයෝ විශාල පිරිසක් මේ නාට්‍යයට ආදරය කරනවා. ඒ අය කියන්නේ, රඟපානවා වගේ දැනෙන්නේ නැහැ, ඕගොල්ලෝ ඇත්තටම අපේ ගෙදර ඇවිත් ඉන්නවා වගේ තමයි දැනෙන්නේ කියලයි.
ඉෂාර, සමාජයේ මතයක් තියෙනවා වේදිකාවෙන් ගමන පටන් ගත්තු පිරිස, ක්ෂේත්‍රයේ අනෙක් රංගන ශිල්පීන්ට වඩා සාපේක්ෂව අතිදක්ෂයෝ කියලා. මේ මතය ගැන ඔබ දරන අදහස මොන වගේද?
වේදිකාව කියන්නේ සජීවී අභියෝග රාශියක්. දෙබස් පාඩම් කරගෙන, ආලෝක, ශබ්ද, ඇඳුම් පැලඳුම් වැනි සියලු අභියෝග ජයගෙන, සජීවී ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ රඟපාන එක ලේසි නැහැ. ඒ අභියෝග ජයගන්න පුළුවන් වුණාම නළුවෙක්ට හොඳ සංවේදනයක් හැදෙනවා. මේ සංවේදන ශක්තීන් වර්ධනය වීම නිසාම, දර්ශනයෙන් දර්ශනයට රූගත කරන ටෙලිතිරයේ සහ සිනමාවේ රඟපෑම පහසුවෙන් කරන්න පුළුවන්. අඩු පහසුකම් යටතේ වේදිකාවෙන් පුහුණුව ලබපු නළුවන්ට වැඩි පහසුකම් යටතේ රඟපෑම එතරම් අමාරු නැහැ. ඒ නිසා, වේදිකාවේ නළු නිළියන්ට අනිත් අයට වඩා පහසුවෙන් අභියෝග ජයගන්න පුළුවන් කියලා මට හිතෙනවා.
ඉස්සරහට රසිකයන්ට ඉෂාරව දකින්න පුළුවන් අලුත් නිර්මාණ ගැන වගේම ඔබේ අනාගත බලාපොරොත්තු ගැනත් කතා කරමු?
සති අන්තවල වේදිකාවට හිරවීම නිසා සිනමා සහ ටෙලිනාට්‍ය නිර්මාණ ගණනාවක් මට අහිමි වුණා. නමුත් මොනදේ අහිමි වුණත් මම වේදිකාව අහිමි කරගන්නේ නැහැ. අලුත් වේදිකා නාට්‍ය කීපයකටම මේ කාලේ සූදානම් වෙනවා. ලබන අවුරුද්දේ විදේශ සංචාර කීපයකුත් තියෙනවා. ටෙලිනාට්‍ය ආරාධනා කීපයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මුලින් කතා කරපු විදියට, ලබන අවුරුද්දේවත් මගේම නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් වේදිකාවේ සහ ටෙලි තිරයේ නම් අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දෙත් මාව දකින්න ලැබෙයි.

හිරුෂිකා ධනංජල

SendShareShare
Previous Post

ගල්කිස්සේ පොලිස් වීරයා මාරුකරලා! Sri Lanka Latest News

Next Post

වංචාවලට අහුවෙන්න පුළුවන්…! ණයට දෙනවනම් පරිස්සමෙන්…! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.