ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්. තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබෙනවා.Sri Lanka Latest News
ඒ අනුව, ඔහු අදාළ තනතුරේ සිට වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර සිටියේ.
පසුගියදා ගල්කිස්ස උසාවි සංකීර්ණය අසලදී නීතිඥවරයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ සිදුවීමේදී පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සිදු කෙරෙන විශේෂ විමර්ෂනකට අදාළව මෙම ස්ථාන මාරුකිරීම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරනවා.










