• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කටකතා පැතිරුනාට ඇත්ත දන්නේ මම…

July 21, 2021
in Heart
Reading Time: 3 mins read
A A
කටකතා පැතිරුනාට ඇත්ත දන්නේ මම…
Share on WhatsAppShare on Facebook

මාව අයින් කරන තැනට වැඩ සිද්ධ වුණා…
මගේ තාත්තා පිළිකාවක් හැදිලා නැතිවුණා…

සහෝදර ප්‍රේමය තරම් තවත් උත්තරීතර ප්‍රේමයක් මේ මිහිපිට බැඳී ඇතිද? එලෙස බැඳුණු සහෝදරත්වයක් ගොඩනැඟුණු ආදර කතාවකට පණපොවන ආදරණීය කතාවක් තමයි ‘පාරදිගේ’ ටෙලිනාට්‍යය. ඉතින් තම සහෝදරයාගේ දියුණුවට වගේම ඔහුගේ රැකවරණයට නිරන්තරයෙන්ම සොයා බලන ආදරණීය නැඟණියක් අපට හමුවුණා. හැබැයි ඉතින් තම සහෝදරයා පවුලේ අයට හොරා කරන සිදුවීම් මාලාව තම නැඟණිය දැනගත්දාට මොනවගේ ඉරණමක් උදාවෙයිද කියා අප කාටවත් තවම හිතාගත නොහැකිය. ඉතින් මේ දිනවල විකාශ වන ‘පාරදිගේ’ ටෙලිනාට්‍යයේ ‘රුවිනි’ ලෙසින් ඔබට සමීප වන ආදරණීය නැඟණිය තමයි නිත්‍යා දේවින්දි. ඇය මේ දිනවල ‘පාරදිගේ’ සැරිසරණ අතරතුර ‘මව්රට – හාට්’ පිටු අතරතුර නතර කරගත්තේ මේ විදියටයි.

නිත්‍යාව මේ දවස්වල ‘පාරදිගේ’ සැරිසරන බව අපි දකිනවා. කොහොමද ‘පාරදිගේ’ යන ගමනේ සොඳුරු අත්දැකීම්?
මෙතෙක් මම රඟපාපු ටෙලිනාට්‍ය අතර සුවිශේෂී නිර්මාණයක් ලෙසට ‘පාරදිගේ’ ටෙලිනාට්‍ය හඳුන්වන්න කැමැතියි. මගේ රංගන ජීවිතයට ගොඩාක් දේවල් මම ‘පාරදිගේ’ යනගමන් එකතු කර ගැනීමට වාසනාව ලැබුණා. විශේෂයෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් සමග මට වැඩ කරන්න ලැබීම සතුටක්. ඒ වගේම දැනට ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ ඉහළින්ම සිටින නිර්මාණවේදියෙක් වන ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ නිර්මාණයක වැඩ කිරීමට මාව තෝරාගත් එතුමාටත්, ඒ වගේම චාමර සමරවික්‍රම අයියාටත් මම විශේෂ ස්තුතිය පුදකරනවා අපේ මේ මාධ්‍ය සාකච්ඡාව පටන්ගැන්මට පෙර ඔවුන්ව අමතමින් කතාවට මුලපිරීමට.

ඔබේ මුල්ම රංගනය අපි දැක්කේ ‘මුතුලෙන්දොර’ ටෙලිනාට්‍ය තුළින්. ඒ ගැන යමක් පැවැසුවොත්?
2019 දෙරණ අවුරුදු කුමරිය තරගාවලියේ අවසන් දොළොස් දෙනා අතරට මාව තේරුණා. ඒ හරහා තමයි මම කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ වන්නේ. ‘මුතුලෙන්දොර’ ටෙලිනාට්‍යයේ නෙලුම්ගේ චරිතය තමයි මම නිරූපණය කලේ. ඒ ටෙලිනාට්‍ය පසුගිය කාළේ දහවල් කාලයේ තමයි විකාශය වුණේ. ඒ කාලය තුළින් වෙනම ප්‍රේක්‍ෂක පිරිසක් මට සමීප වුණා. නමුත් ඒ සියල්ලටම වඩා දැන් ‘පාරදිගේ’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන ‘රුවිනි’ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ඇයි ඔබ හිටිගමන් ‘මුතුලෙන්දොර’ ටෙලිනාට්‍ය තුළින් ඉවත් වුණේ?
‘මතුලෙන්දොර’ ටෙලිනාට්‍යයේ විවිධ ප්‍රශ්න මතුවුණා. නමුත් මම කිසිම මොහොතක ඒ නිර්මාණයට අසාධාරණයක් කිරීමට මම උත්සාහ කළේ නැහැ. මාව ඒ නිර්මාණයෙන් ඉවත් කරන තැනට ප්‍රශ්න මතුවෙලා ආවා. ඒ නිර්මාණයේ වැඩ කරපු පිරිස තමයි මාව ඉවත් කළේ.

හැබැයි පැතුරුණු කටකතාව නම් වෙනස් දෙයක් නේද?
කාට මොනවා කියන්න බැරි. ඕනෑම කෙනෙකුට විවිධ දේවල් කටකතා තුළින් පතුරන්න පුළුවන්. නමුත් ඇත්ත දන්නේ මම විතරයි. මම ටෙලිනාට්‍යවල රඟපාලා අතරමග චරිත දාලා යන කෙනෙක් කියලා විවිධ කටකතා පැතිරුණා. නමුත් මම කවුද, කොහොම කෙනෙක්ද කියලා ‘පාරදිගේ’ ටෙලිනාට්‍ය එයට පිළිතුරු දෙයි. මට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරමින් නිර්මාණය සාර්ථක කිරීමට තමයි මම නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ.

‘මතුලෙන්දොර’ නිර්මාණයෙන් පසු ඔබ මේ ක්‍ෂේත්‍රය ගැන ගොඩාක් කලකිරීමෙන්ද සිටියේ ඔබට සිදුවුණු දේවල් එක්ක?
ඇත්තටම ඔව්… මම ගොඩාක් කලකිරීමකින්, වේදනාවකින් තමයි හිටියේ. නමුත් ඒ හැම වේදනාවක්ම නැතිවුණා ‘පාරදිගේ’ ටෙලිනාට්‍යයේ වැඩ කරමින් කාලය ගෙවී යන විට.

ඔබේ ජීවිතයට ආපු ප්‍රශ්නත් එක්ක කොහොමද මේ සියල්ලටම මුහුණ දුන්නේ?
මගේ පියා 2018 වසරේ පිළිකාවක් හැදිලා නැතිවුණා. එදායින් පසු අපේ ජීවිතවලට විවිධ ප්‍රශ්න ආවා. මගේ මව නිර්භීත, ශක්තිමත් ගැහැනියක්. ඇයගෙන් ශක්තිය අපට ලැබුණා. ඒ වගේම කිසිම මොහොතක මගේ අයියා මාව තනිකළේ නැහැ. මගේ පවුලේ සියලුම දෙනාම මං එක්ක හිටියා.

–වසන්ත විතාණගේ

SendShareShare
Previous Post

සයිනොෆාම් මිලියන 2ක් හෙට ලංකාවට! ඔක්කොම ගණන ලක්ෂ 91ක්!

Next Post

කප්පම් ගන්න මම හිඟන්නෙක් නෙමෙයි! ‌මට කෝටි 15ක ඉස්සන් කොටු තියෙනවා! ප්‍රියංකර කී කප්පම් ඇමැතිලා කතාවේ තොප්පිය සනත් නිශාන්ත දාගෙන!

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ශ්‍රී ලන්කන් ගුවන් සමා­ග­මට 2013 වස­රේදී යානා දහ­ය­කින් සම­න්විත ගුවන් බල­ඇ­ණි­යක් මිලදී ගැනී­මේදී යුරෝ­පීය ගුවන් සමා­ග­ම­කින් අමෙ­රි­කන් ඩොලර් මිලි­යන 2ක...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.