• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

යටි හිත කිව්වෙම නළුවෙක් වෙන්න කියලා…! ඕනෙම දෙයක් චුට්ටෙට ඔට්ටුයි ඉතින්…! දිනේෂ් විජේසිංහ I Sri Lanka Latest News

March 7, 2026
in Heart
Reading Time: 3 mins read
A A
යටි හිත කිව්වෙම නළුවෙක් වෙන්න කියලා…! ඕනෙම දෙයක් චුට්ටෙට ඔට්ටුයි ඉතින්…!  දිනේෂ් විජේසිංහ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිනේෂ් විජේසිංහ කියන්නේ මේ දිනවල පුංචි තිරය හරහා ප්‍රේක්ෂක හදවත්වලට සමීප වුණු දක්ෂ රංගන ශිල්පියෙක්. විශේෂයෙන්ම ඔහු රඟපාන ‘චුට්ටේ‘ නමැති චරිතය ගැන දැන් බොහෝ දෙනෙක් කතා කරන්න පටන් අරගෙන. රංගනයට වගේම තිර පිටපත් රචනයටත් උපන් හපන්කම් දක්වන දිනේෂ්, හෙට දවසේ සිනමාව ජයගන්න හීන දකින නව පරපුරේ බලාපොරොත්තුවක්. ක්ෂේත්‍රය තුළ තමන්ගේම සලකුණක් තබන්නට වෙහෙසෙන මේ අපූරු කලාකරුවා සමඟ ‘හාට්‘ අපි කළ පිළිසඳරයි මේ…Sri Lanka Latest News

දිනේෂ් මේ දවස්වල මහව පැත්තේ අලුත් ව්‍යාපාරයක් පටන් අරගෙන නේද?
මහව ඉන්නේ මම නෙවෙයි. චුට්ටේ තමයි මහව ජීවත් වෙන්නේ. ‘දොරකඩ දෙවොල’ ටෙලිනාට්‍යය බැලුවොත් චුට්ටෙගෙ වැඩකිඩ බලාගන්න පුළුවන්.
ගිනි වතුර මිනිස්සුන්ට පොවන එක හොඳ දෙයක් නෙවෙයි නේද?
ඒක නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒත් ඉතින් මගේ චරිතය ගලාගෙන යන විදියට චුට්ටේ ජීවත් වෙන්නේ ඔය දේවල් කරගෙන තමයි. කාත් කවුරුවත් නැතිව අන්ත අසරණ වෙලා ජීවත් වෙන චුට්ටෙට ඕනෙම දෙයක් ඔට්ටුයි ඉතින්. මහව මේ විදියට ජීවත් වෙනකොට, කොළඹට ගියාම මැණික් ව්‍යාපාරිකයෙක්ගේ පුතෙක් වන රවිඳු ලෙසත් ‘මම සහ ඔබ’ ටෙලිනාට්‍යයේ ජීවත් වෙනවා. ඔහොම ඉතින් ප්‍රදේශ දෙකක ගනුදෙනුවක් තමයි මේ දවස්වල කරන්නේ.
ඔබ වඩාත් කැමැති චුට්ටෙටද එහෙම නැත්නම් රවිඳු චරිතයටද?
මට මේ චරිත දෙකම අහසයි පොළොවයි වගෙයි. හාත්පසින්ම වෙනස් චරිත දෙකක්. සමහර ප්‍රේක්ෂකයන්ට පවා මාව අඳුනගන්න බැරි තරම් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් මම රංගන ශිල්පියෙක් විදියට මේ චරිත දෙකටම කැමැතියි. නමුත් ප්‍රතිචාර නම් එකිනෙකට වෙනස්. ගොඩක් ප්‍රතිචාර චුට්ටෙ චරිතයට තමයි. ඒ තරමටම චුට්ටෙ සමග ප්‍රේක්ෂකයන් බැඳිලා ඉන්නවා. ගොඩ දෙනෙක් ‘දොරකඩ දෙවොල’ ටෙලිනාට්‍යය ඉතා සීමිත කාලයක් තුළ වැලඳගෙන තිබෙන එක සතුටු විය යුතු කාරණාවක්.
දිනේෂ් මේ තැනට එන්න ගහපු ගේම පිටුපස ලොකු කතාවක් තියෙනවා නේද?
අම්මෝ ඔව්. මම ඒ ගැන කෙටියෙන් කියන්නම්. මම මුලින්ම සේවයට බැඳුණේ ගුවන් හමුදාවට. හැබැයි මම ගුවන් නියමුවෙක් විදියට සේවය කළත් මගේ යටි හිත හැමදාමත් මතක් කළේ නළුවෙක් වීමේ සිහිනය. පස්සේ මම ගුවන් හමුදාවෙන් ඉවත් වෙලා විවිධ රැකියාවල් කළා. ඒත් ඒ ආයතනවලින් මගේ සිහිනයට බාධා එන්න ගත්ත නිසා මම ඒවත් නතර කරලා රට යන්න හිතුවා. රට යන්න බැරි වුණා. පස්සේ යාළුවෙක් හඳුනාගන්න ලැබුණා. ඔහුගේ මාර්ගයෙන් අංජලී අක්කාව හඳුනාගන්න ලැබුණා. මම කවදාවත් ඔඩිෂන් එකක් ගැන දන්නේ නැති නිසා ඇගේ මාර්ගයෙන් අඩිතාලම හදාගෙන ඔඩිෂන් ගිහින් පොඩි පොඩි නිර්මාණ සඳහා සම්බන්ධ වුණා. මම ටෙලිනාට්‍යයක කියලා මුලින්ම රඟපෑවේ ‘කොළඹ අපි ආවා’ ටෙලිනාට්‍යයේ සමනලී ෆොන්සේකා සමගයි. ඔය විදියට ආපු ගමන අද චුට්ටෙ දක්වා ආවා.

ජනප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ඔබේ ගමන් මග වෙනස් කළා?
ඔබ අහන්නේ ලලිත් රෝහිත එදිරිසිංහ අයියා ගැන වෙන්න ඇති. ඇත්තටම ඔහු මට ලොකු ශක්තියක් වුණා. ලලිත් අයියාගේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මාව තෝරාගත්තා. හැබැයි තවම ඒක තිරගත වුණේ නැහැ. පස්සේ ඔහුගේ ‘ඉරගිනි මද්දහන’ ටෙලිනාට්‍යයේ සිසිර ලෙස මම රඟපෑවා. ඒ චරිතය ගොඩක් කතාබහට ලක්වුණා. ලලිත් අයියාගෙම තමයි ‘දොරකඩ දෙවොල’ ටෙලිනාට්‍යයත්. මගේ කලා ජීවිතයේ ගුරුවරයෙක් ලෙස මම ඔහුට ගරු කරනවා. මගේ ගමන පිටුපස ලලිත් අයියා සෙවණැල්ලක් වගේ අද මට ශක්තියක් වෙලා ඉන්නවා.
ඔබේ උපන් ගම කෙහෙද?
මම මිද්දෙණිය ගල්පොත්තයායේ.
අධ්‍යාපනය හැදෑරුවෙත් එහෙමද?
ඔව්. මම ගමේ කොල්ලෙක්. ගමේ සුවඳට මම ආදරෙයි. මම පාසල් ගියේ බැද්දේවත්ත ප්‍රාථමික විදුහලට සහ මීගස්ආර මධ්‍යමහා විද්‍යාලයට.
මොකද හිතෙන්නේ ඒ අතීතය මතක් වෙනකොට?
මම මේ තැනට ආවේ ගොඩක් දුෂ්කරතා මැද. මේ තැනට එන්න අඬපු වාර අනන්තයි. බලාපොරොත්තු ගොඩක් මට තියෙනවා. ඒ අතර තිබුණු ලොකුම සිහිනය නළුවෙක් වෙන හීනය. ඒ තරමට මම කලාවට පණ වගේ ආදරෙයි. මේ තැනට එන්න මට වචනයකින් හරි ශක්තියක් වුණු හැමෝටම හදවතින්ම ස්තුතිය පුදකරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මගේ දක්ෂතා මේ විදියට අකුරු බවට පත්කරමින් අගය කරන ‘මව්රට’ පුවත්පතටත් මගේ විශේෂ ස්තුතිය පිරිනමනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

බරපතළ චෝදනා 2ක්! විදුලිබල ඇමැති කුමාර ජයකොඩිට විශ්වාසභංගය ලෑස්තියි! EXCLUSIVE I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව ඇමෙරිකාවට බයයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.