• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තව සති දෙක තුනකින් මගේ මුල්ම ඇල්බම් එක එළියට එනවා…

July 27, 2021
in Heart
Reading Time: 4 mins read
A A
තව සති දෙක තුනකින් මගේ මුල්ම ඇල්බම් එක එළියට එනවා…
Share on WhatsAppShare on Facebook

ගීතයක් හදද්දී ඒක ජනප්‍රිය වේවිද කියන එක මම හිතන්නේ නැහැ…
එදත් මා වටේ එකතු වුණේ වෙනස් රසයක් හොයපු පිරිසක්…

දුමාල් වර්ණකුලසූරිය කියන්නේ නව පරපුරේ දක්ෂ ගායකයෙක්. ඒ වගේම සංගීත අධ්‍යක්ෂවරයෙක්. හැබැයි දුමාල් ක්ෂේත්‍රයට ආව දවසේ ඉඳන්ම යන්නේ වෙනස් ගමනක්. ඒ ගමනට කැමැති බොහෝ දෙනෙක් දුමාල් එක්ක එකතු වෙලා ඉන්නවා. දුමාල් අලුත් විදියේ වැඩ කිහිපයකටම අත ගහලා කියලා දැනගන්න ලැබුණා. ඒ හැම දෙයක් ගැනම දුමාල් අපි එක්ක දොඩමලු වුණේ මෙහෙමයි.

දුමාල් අලුත් වැඩ කිහිපයකටම අත ගහලා කියලා දැනගන්න ලැබුණා?
ඔව්. ගිය සතියේ “කාලය” කියලා අලුත් සිංදුවක් එළියට දැම්මා. ඒ වගේම අභිසාරිකාවන්ගේ ගැටලු ගැන කතා කෙරුව ගීතයකුත් එළියට ආවා. ඒ වගේම තවත් ගීත කිහිපයක්ම එළියට එන්න තියෙනවා.

ඒ එක්කම දුමාල්ගේ මුල්ම ගීත ඇල්බම් එකේ වැඩ කටයුතු අවසන් බවකුත් අපිට දැනගන්න ලැබුණා. ඒ ගැනත් මතක් කරමු?
ඔව්. තව සති දෙක තුනකින් මගේ මුල්ම ගීත ඇල්බම් එක එළියට දාන්න ඉන්නේ. ඒ වගේම දෙවැනි ඇල්බම් එකෙත් ගීත කිහිපයක් දැන් පටිගත කරලා ඉවරයි.

පළමුවැනි ගීත එකතුව එළියට එන්න පරක්කු වුණා වැඩි නැද්ද?
පරක්කුවක් තියෙනවා. මම මේ වෙද්දි මගේම කියලා ගීත 150ක් විතර ගායනා කරලා තියෙනවා. ඒ වුණත් ගීත ඇල්බම් එකක් කරන්න ඕනෑ කියලා මම හිතාගෙන හිටියේ නැහැ. ඒ හින්දා ඒ ගැන උනන්දුවක් තිබුණෙත් නැහැ. ඒත් මගේ රසිකයන්ගෙන් නිතරම ඒ ඉල්ලීම ආවා. වාහනයක යද්දි හරි අහන්න ගීත එකතුවක් ඕනෑ කියලා ඒ අය ඉල්ලීම් කළා. ඒ හින්දයි ගීත ඇල්බම් එකක් කරන්න හිතුවේ.

මේ ගීත ඇල්බම් එකේ තියෙන විශේෂත්වය ගැන කතා කළොත්?
ඉන්ද්‍රජිත් මිරිහාන කියන සංගීත අධ්‍යක්ෂවරයා සංගීතවත් කෙරුව ගීත තමයි මේ ඇල්බම් එකට ඇතුළත් වෙන්නේ. ඒ අතරේ විවිධ පද රචකයෝ රචනා කෙරුව විවිධ ස්වරූපයේ ගීත තියෙනවා.

මුල්ම ගීත එකතුවට එකම සංගීත අධ්‍යක්ෂවරයෙකුගේ ගීත විතරක් තෝරා ගත්තේ ඇයි කියලා ඇහුවොත්?
ඒක වෙනසක් වේවි කියලා මම හිතනවා. මම දැන් සංගීත ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 11ක් වෙනවා. ඒ කාලයෙන් අවුරුදු 10ක්ම මම ඉන්ද්‍රජිත් අයියා එක්ක වැඩ කරලා තියෙනවා. ඉන්ද්‍රජිත් අයියා පදිංචි වෙලා ඉන්නේ ඕස්ටේ්‍රලියාවේ. මාත් එහෙ ගිහින් ඉන්න අතරෙදි තමයි ඉන්ද්‍රජිත් අයියා මේ යෝජනාව කළේ. යෝජනාව ඇවිල්ලත් අවුරුදු කිහිපයක් යනකම් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ.

ඔබේ ගීත මොනතරම් තිබුණත්, ඒ සියල්ලටම වඩා දියවන්නා කුමාරියේ ගීතය ජනප්‍රිය වුණා නේද?
ඒක මගේ ගීතයක් නෙවෙයි. ඒක නාද කණ්ඩායමේ ගීතයක්. මම හිතන්නේ කණ්ඩායම් ගීතයක් එක්ක තනි ගීත සන්සන්දනය කරන එක ගැලපෙන්නේ නැහැ. ඒ වගේම මගේ තනි ගීත ජනප්‍රිය නොවුණා කියලත් කියන්න බැහැ. මම ගායනා කෙරුව චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ගීත කිහිපයක් අතිශය ජනප්‍රිය වුණා.

ඔබ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට ගීත අතරට කොටු වෙලා ඉන්න බවකුත් පේනවා. ඔබේ වෙනත් ගීත ජනප්‍රිය නොවෙන්න ඒකත් එක හේතුවක් නේද?
මම එතැනට කොටු වෙලා කියලා කියන්න බැහැ. මගේ හඬ ඒ නිර්මාණවලට ගැලපෙනවා කියලා චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරු හිතනවා ඇති. ඒ හින්දා ඒ අය මට ආරාධනා කරනවා. ඒ වගේම මගේ ආරයේ ගීත ලංකාවේ ජනප්‍රිය නොවන බවකුත් පේන්න තියෙනවා. ඒකට හේතුව මොකක්ද කියන්න මම දන්නේ නැහැ.

එතැනින් වෙනස් වෙලා මීට වඩා ජනප්‍රිය වෙන්න පුළුවන් විදියේ නිර්මාණයක් කරන්න ඔබට අදහසක් නැද්ද?
මම වෙනස් හැඩයේ නිර්මාණ කරනවා. දැනුත් කරමින් ඉන්නවා. ඒත් කිසියම් නිර්මාණයක් කරද්දි, මේක ජනප්‍රිය වේවිද නැද්ද කියන එක මම පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. ඒ නිර්මාණයේ ගුණාත්මකභාවය රැකගෙන හොඳ නිර්මාණයක් කරන්නේ කොහොමද කියන එක විතරයි මම හිතන්නේ.

දුමාල් ක්ෂේත්‍රයට ආව කාලය ගැන අපි කලින් කතා කළා. එදා ඉඳන් ආව ගමන ගැන දැන් මොකද හිතෙන්නේ?
රියැලටි වැඩසටහනක් හරහා තමයි මම ක්ෂේත්‍රයට ආවේ. මාව හැමෝම හඳුනාගත්තේ එතැනින්. ඒත් ඒකෙදිත් මම ගායනා කළේ වෙනස් විදියේ ගීත. අපේ රටේ ප්‍රවීණයන්ගේ ගීත තමයි මම ගායනා කළේ. මමත් ඒ විදියේ වෙනස් ගමනක් යාවි කියන බලාපොරොත්තුව ඒ වැඩසටහන අතරතුර මා වටා එකතු වුණු ප්‍රේක්ෂකයන්ට ඇති වුණා. මං හිතන්නේ අද වෙද්දි මං ඒ අයගේ බලාපොරොත්තුව ඉෂ්ට කරලා තියෙනවා. අදටත් ඒ පිරිස මගෙ වටේ ඉන්නවා.

එදා සහ අද අතර වෙනස මොන වගේද කියලා ඇහුවොත්?
එදත් මා වටේ එකතු වුණේ වෙනස් රසයක් හොයපු පිරිසක්. අද වෙද්දි මම සම්මාන ලබා ගනිමින්, චිත්‍රපට ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙමින් මගේ රසික පිරිස වැඩි කරගෙන තියෙනවා. ඒ වගේම මං ගැන තබපු බලාපොරොත්තු මම ඉටු කරලා තියෙනවා.

මොනවද අනාගතයෙදි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න වෙනස් විදියේ වැඩ?
එහෙම ලොකු බලාපොරොත්තු නම් නැහැ. ඒත් වෙනස් විදියේ වැඩ කිහිපයක්ම තියෙනවා. මගේ ගීතයක් පසුබිම් කරගෙන නිර්මාණය කළ කෙටි චිත්‍රපටයක් එන්න තියෙනවා. මං හිතන්නේ ඒක කවුරුවත් මගෙන් බලාපොරොත්තු නොවන විදියේ වැඩක් වේවි.

–චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

අමාරුකම් මැදත් ආණ්ඩුව ඩොලර් බිලියනයක ණය ගෙවා දමයි!

Next Post

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන්න ආණ්ඩුවට සල්ලි නෑ! කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමැති කියයි!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.