දැනට රටේ පවතින මූල්‍ය තත්ත්වය මත ගුරු-විදුහල්පති වැටුප් විසමතාවන් බවත් කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සදහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක් පත් කිරීමට ඊයේ (26) පැවති කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බවය.
“දැනට රටේ තිබෙන මූල්‍ය තත්ත්වය සමග අදාළ වෙනස්කම් ක්ෂණිකව කිරීමට මේ වනවිට රජයට හැකියාවක් නෑ.” යනුවෙන් හෙතෙම පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවති අතර ඊට අදාළ යෝජනාව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති බව වාර්තා විය.
“ගුරු – විදුහල්පති සේවය, අධ්‍යාපන පරිපාලන සේවාවන් සංවෘත සේවාවක් බවට පත්කළ යුතුයි කියන ප්‍රතිපත්තිමය තීන්දුවට රජය එකඟ වෙලා තියෙනවා. ඒක ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. සුබෝදනී කමිටු වාර්තාවේ වැටුප් පරිමාණයන්ට වැටුප් සහ කාර්ය සාධන කොමිසමේ එකඟතාවය පළ වෙලා නෑ. ඒ හරහා අනෙකුත් ක්ෂේත්‍රයන් ගණනාවක වැටුප් විශමතාවයන් නැවත ඇතිවිය හැකි නිසා සමස්තයක් ලෙස සලකා විසඳුම් ඉදිරිපත් කළ යුතුයි කියන යෝජනාව ඉදිරිපත් වුණා. ඒ සම්බන්ධයෙන් අද වැඩිදුරටත් සංගම් සමග සාකච්ඡා කෙරෙන්නේ. ඒ සාකච්ඡා තුළින් අපි බලාපොරොත්තු වෙනවා ගුරුවරුන්ට අදාළ විශමතා ඉවත් කරනවා වගේම රජයේ අනෙකුත් සේවකයින්ගේ වැටුප් විශමතාවයක් ඇති නොවෙන පරිදි එම යෝජනා ක්‍රියාත්මක කරගැනීම සහ යෝජනා මාලාවක් ලබාගෙන කටයුතු කරන්න. එහි පළවෙනි පියවර ඉදිරි අයවැය ලේඛනයට ඉදිරිපත් කරන්න තමයි රජය තීරණය කරගෙන තියෙන්නේ.”