• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මියුසික් වීඩියෝ හයසීයක මම පෙම්වතා වෙලා තියෙනවා…

June 16, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මියුසික් වීඩියෝ හයසීයක මම පෙම්වතා වෙලා තියෙනවා…
Share on WhatsAppShare on Facebook

එතැනින් එහාට ලොකුවට දෙයක් කරන්න බැරිවුණා…
මම තාම නවකයෙක්…

මියුසික් වීඩියෝ තුළින් ආදරණීය පෙම්වතා ලෙස ප්‍රේක්ෂක හදවතට සමීප වුණු විරාජ් පෙරේරා දැන් ජනප්‍රිය රංගන ශිල්පියකු බවට පත්වී හමාරයි. මේ දිනවල විකාශය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ රෙක්සි ලෙසින් ඔබට සමීප වන්නේද ඔහුයි. දිගු කාලයකට පසු අප ඔහු හා සම්බන්ධ වුණේ මේ විදියට.

🔴 විරාජ් මේ දවස්වල ‘පාර දිගේ’ සැරිසරන බව දකිනවා. අපි කැමැති ඒ ගැන මුලින්ම දැනගන්න?
‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ මම රෙක්සිගෙ චරිතය තමයි රඟපාන්නේ. ඒ වගේම රෙහාන්ගෙ අවංක යාළුවෙක්. රෙක්සි වගේ හොඳ අවංක මිතුරන් අද සමාජයෙත් ඉන්නවා, මගේ ජීවිතයටත් එවැනි මිතුරන් ඉන්නවා. ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයට මට ආරාධනා කළ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ට, ඒ වගේම සද්ධාමංගල සූරියබණ්ඩාර මගේ ගුරුපියාණන්ට, ඒ වගේම නිෂ්පාදක චාමර සමරවික්‍රමටත් විශේෂයෙන් ස්තුතිය පුද කරනවා. මොකද මේ සියලු දෙනාගේ සාකච්ඡාවලින් තමයි රෙක්සි චරිතයට මාව සුදුසුයි කියලා තෝරාගෙන තියෙන්නේ. ඒ වගේම උද්දික ප්‍රේමරත්න අයියා සමග තමයි මට වැඩිපුරම රඟපෑමට තියෙන්නේ. ඔහුගෙන් ලැබෙන ගුරුහරුකම් මට ගොඩක් වටිනවා.

🔴 ‘සිල්ලර සමනල්ලු’ ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කළ චරිතය මතුපිටින් දිවයන චරිතයක් ලෙස තමයි අපට දැකගන්න ලැබුණේ. ඊට වඩා වෙනසක් දැනෙනවද රෙක්සි තුළ?
ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙනකොට අපට සම්පූර්ණ පිටපතක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මට චරිතයක දිග පළල විස්තරාත්මකව කියන්න බැහැ. නමුත් ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ රෙක්සි චරිතය ගැඹුරින් යන චරිතයක් නිසා ලොකු වෙනසක් දැනෙයි. හැබැයි මොන විදියට චරිතය ගලාගෙන යාවිද කියලා මට දැන්ම කියන්න අපහසුයි.

🔴 රෙක්සි කරන්නේ තමන්ගේ මිතුරාව මුලාවේ දැමීමක්ද මේ?
රෙහාන්ට විවාහයක් සිදුකරන්නේ ඔහුට ඉහළ රැකියාවක් ලබාදීම සඳහායි. මොකද ඒ තනතුර ලබාගැනීම සඳහා විවාහ වී සිටිය යුතුයි. ඉදිරියෙදි මේ ප්‍රශ්නය මොන විදියට විසඳෙනවාද කියලා බලන්න මගේ ප්‍රේක්ෂක ජනතාවට ‘පාර දිගේ’ අපිත් සමග එන්න කියලා මම ආරාධනා කරනවා.

🔴 ඔබ මියුසික් වීඩියෝ සඳහා දුන්නු දායකත්වය තරම් දායකත්වයක් ටෙලිනාට්‍ය රංගනයට තවම ලබාදී නැහැ නේද?
මම තවම මේ ක්ෂේත්‍රයට නවකයෙක් බව තමයි මම හිතාගෙන ඉන්නේ. මියුසික් වීඩියෝ හයසීයක විතර මම පෙම්වතා වෙලා තියෙනවා. නමුත් එතැනින් එහාට මට ලොකුවට යමක් කරන්න බැරි වුණා. මමත් කැමැතියි ටෙලිනාට්‍යවල, චිත්‍රපටවල විවිධ චරිත නිරූපණය කරන්න. ඒ සඳහා වාසනාවක් තිබිය යුතුයි. ඉතින් මෙහෙම හෙමින් මගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.

🔴 කලාවට මුල් තැන දෙන බොහෝ දෙනෙකුගේ පවුල් ජීවිතවල ප්‍රශ්න අතිවෙලා තිබෙන බව අපි දකිනවා. ඔබේ ජීවිතයේ මුල් තැන කාටද හිමිවන්නේ?
මගේ ජීවිතයේ වටිනාම වස්තුව තිබෙන්නේ මගේ පවුල තුළයි. මගේ දරුවන් තරම් වටිනා වස්තුවක් මට කොහෙවත් නැහැ. මගේ බිරිය උපාධිධාරී ගුරුවරියක්. ඇයටත් හොඳට තේරුම් ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් අපි දෙන්නාගෙම එකම අරමුණ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන එක තමයි. මම කැමැති නැහැ වෙන ප්‍රශ්න නිසා මගේ ජීවිතය අවුල් වෙනවා දකින්න. මගේ දුවයි පුතයි මට නම් ඉරයි හඳයි වගේ.
– වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රටම මගෙත් එක්ක! මම ශක්තිමත්!! ගම්මන්පිලත් සාගරට උත්තර දෙයි!!!

Next Post

ඔන්ලයින් අරක්කු බෙදිල්ල නීති විරෝධීයි! සුරා බදු දෙපාර්තමේන්තුව දැන දැනම නීතිය කඩලා!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.