• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තවම මම ගැන තෘප්තිමත් වෙන්න අමාරුයි…

February 1, 2022
in Heart
Reading Time: 3 mins read
A A
තවම මම ගැන තෘප්තිමත් වෙන්න අමාරුයි…
Share on WhatsAppShare on Facebook

මම සිනමාවෙන් තමයි ආවේ…
හැබැයි එකක්වත් තවම තිරගත වෙලා නැහැ…

‘පාරදිගේ’ යද්දි විවිධ හේතුන් මත පාරවල් වසා දමනවා. අපි ඒ වෙනුවට උත්සාහ කරන්නේ අපේ ගමන අවසන් කිරීමට විකල්ප මාර්ග සොයා ගමන යන්නටයි. ඉතින් අපිත් කලා පිටු අතරට කලා ක්‍ෂේත්‍රයේ ශිල්පීන්ගේ වැඩ හොයාගෙන යන අතරතුර ‘පාර වසා ඇත’ ටෙලිනාට්‍ය තුළ නතර වුණේ එහි රංගනයෙන් එක්වන ටෙනායා ස්ටෙෆනි කොතලාවලගේ (Tenaya Stephanie Kothalawala) රුව ළඟයි. ඇයගේ කලා දිවියේ සොඳුරු මතකයන් අවදි කරමින් ඇය සමග කෙටි පිළිසඳරකට සම්බන්ධ වුණා.

ටෙනායා කොහොමද මේ දිනවල කලාකටයුතු..?
මේ දවස්වල ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ‘පාර වසා ඇත’ ටෙලිනාට්‍යයේ රූප ගතකිරීම් සඳහා සම්බන්ධ වෙනවා. ඒ වගේම මගේ නිරූපණ කටයුතුත් සමබරව කරගෙන යනවා.

දැන් ඔබ මෝස්තර නිරූපණ කටයුතුවලින් ඈත් වෙලාද..?
තාවකාලිකව ටික කාලයකට නිරූපණ ක්‍ෂේත්‍රයෙන් ඈත්වෙලා ඉන්නේ. ඉදිරියේදී නිරූපණ ක්‍ෂේත්‍රයේ වෙනස් නිර්මාණ කටයුතු ටිකක් අපේ එපෙක්ස් මොඩල් ඇකඩමිය එක්ක එකතුවෙලා කරන්න සූදානමින් ඉන්නවා.

ටෙනායා රඟපාන්න ඇවිත් සෑහෙන කාලයක් වෙනවා නේද?
මම මුලින්ම සිනමාවට තමයි සම්බන්ධ වුණේ. මම කුඩා අවදියේදී අධ්‍යාපන කටයුතු අවසන් වෙනකම් රඟපාන්නේ නැහැ කියලා හිතුවා. අධ්‍යාපන කටයුතුවලට අමතරව පසුකාලීනව රංගන පිළිබඳව මම ප්‍රවීණයන් යටතේ හැදෑරීමක් කළා. විවිධ නිර්මාණවල එකිනෙකට වෙනස් චරිත නිරූපණය කිරීමට මට හැකි වුණා. හැබැයි මම සම්බන්ධ වුණු බොහෝ සිනමා නිර්මාණ තවම තිරගත වුණේ නැහැ. දැන් මම කැමැති ටෙලිනාට්‍ය පැත්තෙන් ඉදිරියට යන්න. සෑහෙන කාලයක් මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා හිටියත්, මට තවම මම ගැන තෘප්තිමත් වෙන්න අමාරුයි.

ඔබ සම්බන්ධ වුණු නිර්මාණ ගැන මතක් කරමු..?
මම වහල උඩ, සකුගේ කතාව, රාජ යෝගය, අමාලියා, හේලී, කිදුරාදරි, පාර වසා ඇත, මියුසික් වීඩියෝ විස්සකට විතර සම්බන්ධ වුණා. ගින්දරි 3, අභිෂේක, ශ්‍රී වික්‍රම, නො ප්‍රොබ්ලම් ඩාලියා ගොඞ් ෆාදර් මම රඟපාපු චිත්‍රපට අතරින් කිහිපයක්.

මෙතෙක් නොලැබුණු චරිත අතරින් ඔබ වඩාත්ම කැමැති මොන වගේ චරිත සඳහාද..?
මම ගොඩාක් කැමැති දඟකාර, කටකාර ගැහැනු ළමයකුගේ චරිතයක් නිරූපණය කරන්න. ඉදිරියේදී එවැනි අවස්ථාවක් ලැබුණොත් මගේ උපරිම දායකත්වය එයට ලබාදෙනවා.

ඔබව ගොඩදෙනෙක් දැන හඳුනන්නේ ‘සමාධි’ ලෙසට..?
මෙහෙමයි… ‘සමාධි’ කියන්නෙත් ටෙනායා කියන්නෙත් මමයි. ‘සමාධි’ නමින් තමයි මාව ගොඩදෙනෙක් අඳුරන්නේ. ඉදිරියේදී කලා ක්‍ෂේත්‍රයේ ටෙනායා කියන මගේ නම තමයි භාවිත කරන්නේ. මම කැමැති හැමෝම මට ටෙනායා කියනවාට.

ඔබ කලාවට එන්නේ කලා පවුලක කෙනෙක් නිසා කියලා ඔබ පිළිගන්නවද..?
ඔව්… මම කලාවට ගොඩාක්ම කැමැත්තක් ඇති වුණේ මගේ පියාගේ නිර්මාණ. ඔහුගේ රඟපෑමේ තිබුණු තාත්වික බව. ඒ වගේම මගේ මවුපියන්, නෑදෑයින් කලාවට විවිධ දක්‍ෂතා පෙන්වපු අය නිසයි. ඉතින් මම හිතුවා එයාලාගෙන් පස්සේ එයාලාගේ නම මේ ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට ගෙනියන්න නම් මමත් මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඕනෑ කියලා. මගේ සීයා තමයි ප්‍රවීණ ටෙලිනාට්‍ය, චිත්‍රපට අධ්‍යක්‍ෂ කුසුම් චන්ද්‍ර ගමගේ කියන්නේ.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මාව ගොඩක් අය ඉදිරියට අරන් ගියා! හොඳ එකක් ලැබුණොත් හිතලා බලනවා…

Next Post

කැබිනට් ඇමැතිට ධීවර ජනතාව හූ තියා පන්නා දමයි!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.