කැබිනට් අමාත්‍යවරයකුට අද දිනයේදී ධීවර ජනතාව හූ තියා පන්නා දමන ආකාරයක් දැකගත හැකි විය.
ඒ යාපනය ප්‍රදේශයේදීය.
එහිදී ඉන්දීය ධීවරයන් ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් යාපනයේ ධීවරයන් උද්ඝෝෂණයක නිරත වූ අතර එම ස්ථානයට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පැමිණි අවස්ථාවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
එහිදී ධීවර ජනතාව හූ තියමින් දේවානන්දා මහතාට විරෝධය පළ කරන ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
පසුව අද දිනයේද අමාත්‍යවරයා ජනතාව හමුවට පැමිණ ප්‍රශ්නය විසදීමට උත්සාහ කළද එයද ව්‍යර්ථ විය.
එහිදීද ජනතාව අමාත්‍යවරයාට හූ තබන ආකාරයක් දැකගත හැකිවිය.