අම්මාගේ අතේ එල්ලිලා බස් එකේ තමා තිර පරීක්ෂනේට යන්නේ…
වතුර බින්දු බින්දු එකතු වෙලා ගලන ඒ ජල ධාරාවට ‘මව්රට’ අපි හැමදාමත් ශක්තියක් වුණා. ටෙලිනාට්‍යයෙන් කලා ක්‍ෂේත්‍රයට අවතීර්ණ වුණු මේ පොඞ්ඩි දැන් ජනප්‍රිය ළමා තාරකාවියක් බවට පත්වෙලා. මේ දිනවල විකාශය වන ‘ධරණි’ ටෙලිනාට්‍යයේ ‘නෙතුකි’ වුණේද ඇයයි. හෙට දිනයේ ‘ජයවතී’ ලෙසින් ඔබට සමීප වන මේ පුංචි ළමා තාරකාවිය මතු යම් දවසක කලා ක්‍ෂේත්‍රයට ලොකු සේවයක් කරන සම්පතක් වේවි. ඇය නමින් සේයා වීරසිංහ. මේ පුංචි දෝණි ප්‍රථම වතාවට සම්මුඛ සාකච්ඡාවකට එකතු වන්නේ ‘මව්රට’ අපි සමගයි.
අපි කැමැතියි මුලින්ම දුවගේ විස්තර ටිකක් දැනගන්න?
මගේ නම සේයා වීරසිංහ. මාලඹේ තමයි මම ඉන්නේ. මමයි, අම්මයි, මල්ලියි, ආච්චියි තමයි ගෙදර ඉන්නේ.
එතකොට දුවගේ පාසල..?
මාලඹේ පිට්ටුගල යශෝදරා විද්‍යාලය. මම මෙවර ශිෂ්‍යත්ව විභාගය ලිවීමට සූදානම් වෙනවා.
සේයා දුවට මතකද රඟපාන්න ගියපු විදිය..?
ඔව්… මම ගොඩාක් මහන්සි වුණා රඟපාන්න අවස්ථාවක් ලබාගන්න. සම්මුඛ පරීක්‍ෂණ ගොඩකට ගියා රඟපාන්න තියෙන ආශාව නිසා. අම්මා එක්ක අතේ එල්ලීගෙන සෙරෙප්පු දෙක දාගෙන බස් එකේ තමයි මම යන්නේ. ඒ තිර පරීක්‍ෂණවලට.
දැන් ඉතින් මහන්සිවෙලා රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මොකද හිතෙන්නේ ඔයාට..?
ගොඩාක් සතුටුයි. මගේ දක්‍ෂතාව දැක හඳුනාගෙන මට රඟපාන්න අවස්ථාවක් දුන්න ඒ නැන්දලා, මාමලාට ගොඩාක් ස්තුතියි.
මේ දවස්වල දුවව ගොඩදෙනෙක් හඳුනන්නේ ‘නෙතුකි’ විදියට නේද?
ඔව්… මම රඟපාන ‘ධරණි’ ටෙලිනාට්‍ය විකාශය වෙනවා. හැමෝම කියනවා මම හොඳට රඟපානවා. දක්‍ෂ නිළියක් විදියට ඉදිරියටත් රඟපාන්න කියලා මට හැමෝම සුබපතනවා. ‘ධරණි’ ටෙලිනාට්‍යයට මාව සම්බන්ධ කළේ ජාන්වි අප්සරාගේ අම්මා තමයි. මමයි, ජාන්වි දෙන්නම එකට රඟපානවා දැන් ‘ධරණි‘ ටෙලිනාට්‍යයේ.
දුව ‘ආර්යවංශික’ ටෙලිනාට්‍යයෙත් චරිතයක් නිරූපණය කරනවා නේද?
‘ආර්යවංශික’ ටෙලිනාට්‍යයේ මම ‘නන්දාවතී’ චරිතය තමයි රඟපාන්නේ. ඒ චරිතය ගොඩාක් නපුරු චරිතයක්. මම තමයි ‘වට්ටි අම්මාගේ’ දුවගේ චරිතය රඟපාන්නේ. ටෙලිනාට්‍යය විකාශය වෙනකම් මමත් ගොඩාක් ආශාවෙන් බලාගෙන ඉන්නවා.
තවම දුවට චිත්‍රපටයක රඟපාන්න අවස්ථාවක් ලැබුණේ නැද්ද?
උදයකාන්ත වර්ණකුලසූරිය මාමාගේ ‘ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්’ චිත්‍රපටයේ පොඩි චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබුණා.
සේයා දුවට මේතරම් ජනප්‍රියතාවක් ලැබෙන්න උදවු කරපු අය ගැන මතක් කළොත්?
කුමාර සේනාරත්න මාමා තමයි මාව මුලින්ම කැමරාවක් ඉදිරියට ගෙනාවේ. ඒ වගේම මදු නැන්දා, චනික පෙරේරා මාමා, සහාය අධ්‍යක්‍ෂ තරිඳු ඉලංගකෝන් මාමා, සුනිල් ජයලත් මාමා ඇතුළු ගොඩදෙනෙක් මට උදවු කළා. ඒ වගේම මම ගැන මේ විදියට හරි පත්තරේකට කතා කිරීමට ඉඩකඩ සලසා දෙන ‘මව්රට’ පත්තරේ සියලුම දෙනාටත්, චන්දන සමරසේකර මාමා ඇතුළු සියලුම දෙනාටත් ස්තුතිය පුදකරනවා.
-වසන්ත විතාරණගේ