• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගොඩාක් මහන්සිවුණු රඟපාන්න අවස්ථාවක් ලබාගන්න…

November 17, 2021
in Heart
Reading Time: 3 mins read
A A
ගොඩාක් මහන්සිවුණු රඟපාන්න අවස්ථාවක් ලබාගන්න…
Share on WhatsAppShare on Facebook

අම්මාගේ අතේ එල්ලිලා බස් එකේ තමා තිර පරීක්ෂනේට යන්නේ…

වතුර බින්දු බින්දු එකතු වෙලා ගලන ඒ ජල ධාරාවට ‘මව්රට’ අපි හැමදාමත් ශක්තියක් වුණා. ටෙලිනාට්‍යයෙන් කලා ක්‍ෂේත්‍රයට අවතීර්ණ වුණු මේ පොඞ්ඩි දැන් ජනප්‍රිය ළමා තාරකාවියක් බවට පත්වෙලා. මේ දිනවල විකාශය වන ‘ධරණි’ ටෙලිනාට්‍යයේ ‘නෙතුකි’ වුණේද ඇයයි. හෙට දිනයේ ‘ජයවතී’ ලෙසින් ඔබට සමීප වන මේ පුංචි ළමා තාරකාවිය මතු යම් දවසක කලා ක්‍ෂේත්‍රයට ලොකු සේවයක් කරන සම්පතක් වේවි. ඇය නමින් සේයා වීරසිංහ. මේ පුංචි දෝණි ප්‍රථම වතාවට සම්මුඛ සාකච්ඡාවකට එකතු වන්නේ ‘මව්රට’ අපි සමගයි.

අපි කැමැතියි මුලින්ම දුවගේ විස්තර ටිකක් දැනගන්න?
මගේ නම සේයා වීරසිංහ. මාලඹේ තමයි මම ඉන්නේ. මමයි, අම්මයි, මල්ලියි, ආච්චියි තමයි ගෙදර ඉන්නේ.

එතකොට දුවගේ පාසල..?
මාලඹේ පිට්ටුගල යශෝදරා විද්‍යාලය. මම මෙවර ශිෂ්‍යත්ව විභාගය ලිවීමට සූදානම් වෙනවා.

සේයා දුවට මතකද රඟපාන්න ගියපු විදිය..?
ඔව්… මම ගොඩාක් මහන්සි වුණා රඟපාන්න අවස්ථාවක් ලබාගන්න. සම්මුඛ පරීක්‍ෂණ ගොඩකට ගියා රඟපාන්න තියෙන ආශාව නිසා. අම්මා එක්ක අතේ එල්ලීගෙන සෙරෙප්පු දෙක දාගෙන බස් එකේ තමයි මම යන්නේ. ඒ තිර පරීක්‍ෂණවලට.

දැන් ඉතින් මහන්සිවෙලා රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මොකද හිතෙන්නේ ඔයාට..?
ගොඩාක් සතුටුයි. මගේ දක්‍ෂතාව දැක හඳුනාගෙන මට රඟපාන්න අවස්ථාවක් දුන්න ඒ නැන්දලා, මාමලාට ගොඩාක් ස්තුතියි.

මේ දවස්වල දුවව ගොඩදෙනෙක් හඳුනන්නේ ‘නෙතුකි’ විදියට නේද?
ඔව්… මම රඟපාන ‘ධරණි’ ටෙලිනාට්‍ය විකාශය වෙනවා. හැමෝම කියනවා මම හොඳට රඟපානවා. දක්‍ෂ නිළියක් විදියට ඉදිරියටත් රඟපාන්න කියලා මට හැමෝම සුබපතනවා. ‘ධරණි’ ටෙලිනාට්‍යයට මාව සම්බන්ධ කළේ ජාන්වි අප්සරාගේ අම්මා තමයි. මමයි, ජාන්වි දෙන්නම එකට රඟපානවා දැන් ‘ධරණි‘ ටෙලිනාට්‍යයේ.

දුව ‘ආර්යවංශික’ ටෙලිනාට්‍යයෙත් චරිතයක් නිරූපණය කරනවා නේද?
‘ආර්යවංශික’ ටෙලිනාට්‍යයේ මම ‘නන්දාවතී’ චරිතය තමයි රඟපාන්නේ. ඒ චරිතය ගොඩාක් නපුරු චරිතයක්. මම තමයි ‘වට්ටි අම්මාගේ’ දුවගේ චරිතය රඟපාන්නේ. ටෙලිනාට්‍යය විකාශය වෙනකම් මමත් ගොඩාක් ආශාවෙන් බලාගෙන ඉන්නවා.

තවම දුවට චිත්‍රපටයක රඟපාන්න අවස්ථාවක් ලැබුණේ නැද්ද?
උදයකාන්ත වර්ණකුලසූරිය මාමාගේ ‘ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්’ චිත්‍රපටයේ පොඩි චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබුණා.

සේයා දුවට මේතරම් ජනප්‍රියතාවක් ලැබෙන්න උදවු කරපු අය ගැන මතක් කළොත්?
කුමාර සේනාරත්න මාමා තමයි මාව මුලින්ම කැමරාවක් ඉදිරියට ගෙනාවේ. ඒ වගේම මදු නැන්දා, චනික පෙරේරා මාමා, සහාය අධ්‍යක්‍ෂ තරිඳු ඉලංගකෝන් මාමා, සුනිල් ජයලත් මාමා ඇතුළු ගොඩදෙනෙක් මට උදවු කළා. ඒ වගේම මම ගැන මේ විදියට හරි පත්තරේකට කතා කිරීමට ඉඩකඩ සලසා දෙන ‘මව්රට’ පත්තරේ සියලුම දෙනාටත්, චන්දන සමරසේකර මාමා ඇතුළු සියලුම දෙනාටත් ස්තුතිය පුදකරනවා.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

පරිප්පුත් නැති වෙන්න පුළුවන්! විමල්ගෙනුත් අනතුරු ඇඟවීමක්!

Next Post

එදා සිට අද දක්වා නෝටි පුතාලාගේ නයිට් ක්ලබ් සෙල්ලම්!

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.