‘අප්පා කළ දේ නොකළොත් ඌ නොට්ටිගේ පුතා’ කියලා කතාවක් අපි අතරේ තිබෙනවා. ඒත් මේ කතාව කියන්නේ ධනාත්මක දේට නෙවෙයි. ඍණාත්මක දේටයි. උදාහරණයක් විදහට ගමක නම් අසල්වැසියන්ට උදව් උපකාර කරමින් යහපත් විදියට ජීවත් වන පුද්ගලයකුගේ පුතෙකුත් තමන්ගේ තාත්තා වගේ ජීවත් වෙන්නේ නැතිව ඊට හාත්පසින්ම වෙනස් විදිහට ජීවත් වුණොත් මේ ‘නොට්ටිගේ පුතා’ කතාව කියන්නේ නැහැ. ඒත් ගමේ කසිප්පුකාරයෙක්ගේ, සල්ලාලයෙක්ගේ පුතෙක් තාත්තගේ අඩිපාරේ යන කොට මේ කතාව යස අපූරුවට කියනවා.
ඒ කියන්නේ ‘නොට්ටිගේ පුතාලා’ ඉන්නේ අවුල් තාත්තලට විතරයි.
ලෝක ඉතිහාසය පුරා අපට මේ නොට්ටිගේ පුතාලා හම්බවෙනවා. දේශපාලනයේදි, කලාවේදි වගේම ඇතැම් විට ව්‍යාපාරික ලෝකයේදීත් මේ නොට්ටිගේ පුතාලා මුණගැහෙනවා. ඒත් අපේ වැඩි අවධානයක් යොමුවෙන්නේ දේශපාලන ලෝකයේ නොට්ටිගේ පුතාලාටයි. ඒ, දේශපාලනය අපි හැමෝටම වැඩියෙන්ම බලපෑම් කරන නිසා වෙන්න ඇති. ඒ වගේම මේ නොට්ටිගේ පුතාලා නිසා සමස්ත රටත් – ජනතාවත් පීඩාවට පත්විය හැකි නිසා විය හැකියි.
මේවට ආසන්න උදාහරණ විදියට ලිබියාවේ හිටපු ඒකාධිපතියා මුවමර් ගඩාෆිගේ පුත්තු, ඉරාකයේ හිටපු ඒකාධිපතිපතියා සදාම් හුසේන්ගේ පුත්තු වගේම මැදපෙරදිග පාලකයන්ගේ පුත්තුත් ගන්න පුළුවන්. ඔවුන් තම පියවරුන් ගිය පාරේ ගිය නිසා අවසානයේදී රටවල් – ජනතාවගේ ජීවිත කාලකණ්ණි කරමින් තමන්ගේ ජීවිතවලින්ද වන්දි ගෙව්වා. ඒ නිසා මේ නොට්ටිගේ පුතාලා අදත් මේ රටවල ජනතාවගේ වෛරයට ලක්වෙනවා.
ලංකාවත් ඉතිහාසය පුරාම නොට්ටිගේ පුතාලගෙන් අඩුවක් නැති රටක්. අපි මහත් උජාරුවෙන් කතාකරන විජයගේ සිට මේ දක්වාම අපිට දේශපාලන අප්පලගේ නොට්ටිගේ පුතාලා මුණගැහෙනවා. උන් මහ එවුන්ගේ බලය අවභාවිත කරමින්, අපයෝජනය කරමින් අපේ ජීවිත, රාජ්‍ය සම්පත් සමග සෙල්ලම් කරනවා. ඇතැම් පවුල් අවුල් කරනවා වගේම යුවතියන්ගේ ජීවිත කාලකණ්ණි කරනවා.
මම මේ පූර්විකාව ලිව්වේ නොට්ටි නැති තාත්තා කෙනෙක්ගේ ‘නෝටි පුතෙක්’ ගැන ටිකක් අපුල කතාවක් වගේම කිසියම් හාස්‍යජනක කතාවක් ගැන ලියන ගමන් මේ නොට්ටිලාගේ පුත්තු සහ උන්ගේ මහ එවුන්ගේ කෙරුවාවල් සහ ඒ මගින් රටට – ජනතාවට සිදුවුණු හානිය, විනාශය ගැන විමසුමක යෙදිය යුතු නිසයි. ඒ වගේම මේ නොට්ටි / නෝටි පුත්තුන්ගේ අප්පලාට බලය දෙන්න වරක් දෙවරක් නොව තෙවරක්, සියදහස් වාරයක් කල්පනා කර බැලිය යුතු බව ජනතාවට ඒත්තු ගැන්විය යුතු නිසයි.
නොට්ටි සහ නෝටි
ලිපියේ මුලින් සඳහන් කළ ආකාරයට ‘නොට්ටි’ කියන වචනය අපේ ගැමි වහරට එක්වන්න ඇත්තේ බොහෝ විට ඉංග්‍රීසි භාෂාවෙන් බ්මටයඑහ කියන වචනයෙන් අරුත් ගැන්වෙන ‘නරක ලෙස හැසිරීම’ යන අදහස පාදක කරගෙන විය යුතුයි. මොකද නොට්ටි සහ බ්මටයඑහ වචන වරනඟන ආකාරය අතර වැඩි වෙනසක් නැහැ.
මේ නිසා අපිට ගැමි වහරෙ එන ‘නොට්ටිගේ පුතාලා’ සහ බ්මටයඑහ ළමයි අතර වෙනස පැහැදිලි කරගත යුතුයි. ඒ අනුව මුලින් සඳහන් කළ ආකාරයට නොට්ටිගේ පුතාලා කියන්නේ අප්පගේ පාරේ යන පුතාලාට. ‘ගහේ කටු උල් කරන්න ඕනෑ නෑ’ කියලා ගැමියන් කියන්නේ මේ වාගේ පුත්තුන්ට.
ඒත් ඉතාම යහපත්, ගුණවත් තාත්තලාටත් ඉඳහිටලා තමන්ගේ පාරේ නොයන, තම පවුලේ, පරම්පරාවේ සම්ප්‍රදායන් නොතකන පුත්තු ලැබෙනවා. හොඳම උදාහරණය සිද්ධාර්ථ කුමාරයා. රාජ්‍ය පාලනයට උපන් ශාක්‍ය වංශික කුමාරයා ගිහිගෙය අතහැරලා යනවා. ඊට පස්සේ බුද්ධත්වයට පත්වෙනවා. වසර ගණනාවකට පස්සේ කිඹුල්වත් නුවරට වැඩම කළ පස්සේ පිඬුසිඟා යනවා. ඒ අවස්ථාවේ සුද්දෝධන මහ රජු සහ බුදුන් වහන්සේ අතර ඇතිවුණු සංවාදය අපි කාටත් මතකයෙන් කිව හැකියි.
මෙහිදී අපිට මතක් වෙන්නේ ශාක්‍ය වංශික සුද්දෝධන මහ රජුගේ සහ ශාක්‍යයන්ගේ දෘෂ්ටි කෝණයෙන් ‘නොට්ටිගේ පුතෙක් නොව නෝටි පුතෙක්’. ඒ, ඔවුන්ට අනුව සිද්ධාර්ථ කුමාරයා ‘නරක ලෙස’ හැසිරී ඇති නිසයි.
අපිට දුටුගැමුණු වගේම දුටුගැමුණු මහ රජුගේ පුතා සාලිය කුමාරයත් සැලකිය හැකි වන්නේ ‘නෝටි’ පුතාලා විදියටයි.
ඒ, රජ කාලේ. ඒ නිසා අපිට නොට්ටිගේ පුතාලා හමුවෙන්නේ අඩුවෙන්. ඒත් ටිකිරි කුමාරයා වාගේ නෝටි පුතාලා අන්තවත් හමුවුණා.
ඒත් 1948න් පසු බිහිවුණු යුගයේ, ඒ කියන්නේ මහජන ඡන්දයෙන් රජුන් තනන යුගයේ අපිට කලින් කලට නෝටි පුතාලා වගේම නොට්ටිගේ පුතාලා බුරුතු පිටින් හමුවෙනවා. ඒ අනුව ඔටුනු නොපලන් රජෙක් ලෙස සැලකිය හැකි ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපතිවරයාගේ පුතා, රවී ජයවර්ධන නෝටි පුතෙක් වෙනවා. ඒ, පියා අනුදත් මඟ නොගිය නිසයි. කොටින්ම දේශපාලනයට නොපිවිසි නිසයි. ඒ නිසා ඩී.එස්. සේනානායකගේ පුතා ඩඩ්ලි සේනානායක, බණ්ඩාරනායකගේ පුතා අනුර, රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත්, මහින්ද රාජපක්ෂගේ පුතා නාමල් ‘සුජාත පුත්තු’ වෙන කොට, චන්ද්‍රිකාගේ පුතා විමුක්ති නෝටි පුතෙක් වෙනවා.
අපේ නොට්ටිගේ පුතාලා
1977න් පස්සේ ආරම්භ වුණා කියන වත්මන් පාලන රටාව විවේචනය කරන බොහෝ දෙනෙක් කියන කතාවක් වෙන්නේ දේශපාලනය ‘කුරුවල්, දූෂිත වගේම මජර වුණා’ කියන එකයි. බොහෝ දෙනෙක් ‘මජර’ කියන වචනයට කැමැති වෙන්නේ ඒ වචනය තුළ මේ සමස්ත අවුලම මනාව කැටිකොට තිබෙන බවක් පෙනෙන නිසයි.
මේ මජර දේශපාලනයේ තවත් සුජාත නිෂ්පාදනයක් තමයි මරිසියෙන් දේශපාලනය කරන මුඛරි වගේම මජර දේශපාලකයෝ බුරුතු පිටින් බිහිවීම. නම් වශයෙන් කියන්න බැරි තරම් මජර, මරිසි දේශපාලනඥයෝ මේ ක්‍රමය තුළ බුරුතු පිටින් බිහි වුණා වගේම බිහි වෙමින් සිටිනවා. ඒක ක්‍රමයේ වරදක් හෝ ක්‍රමයේ ස්වභාවය විය හැකියි. මේ මරිසි නැතිනම් මජර දේශපාලනඥයන්ගේ පුත්තු තමයි අපිට පසුගිය දශක කිහිපය තුළ නොට්ටිගේ පුතාලා ලෙස හඳුනා ගන්න පුළුවන් වුණේ. නැති නම් කලඑළි බැස්සේ.
මේකට කුප්‍රකට උදාහරණ රැසක් තිබෙනවා. ඒ අතර 1994 චන්ද්‍රිකා ආණ්ඩුවේ ප්‍රබලයෙක් වගේම ‘ඡන්ද මැෂිම’ ලෙස නාමකරණය වුණු එස්.බී. දිසානායක ප්‍රමුඛයි. එස්.බී. ‘සමෘද්ධි මාලිගාව’ වගේම ‘බලුකතා’ නිසා කුප්‍රකට වෙන කොට එස්.බී.ගේ පුතාගේ කෙරුවාවල් නිසාත් කුප්‍රකට වෙනවා. පුතාගේ කෙරුවාවල් එස්.බී.ගේ දේශපාලනයට කළු පැල්ලම් එක්කරනවා.
ඒ වගේම අපිට තවත් ප්‍රකට දේශපාලනඥයෙක් වන කැලණියේ මර්වින් සිල්වා සහ ඔහුගේ පුතාත් හමුවෙනවා. මර්වින් සිල්වාගේ පුතා ‘මාලක සිල්වා’ගේ භූමිකාව තවත් සංකීර්ණ දේශපාලන කතාවක් කියා දෙනවා. මාලක රාත්‍රී සමාජ ශාලාවල ගැටුම් වගේම තවත් චෝදනා රැසකට ලක්වෙන කුප්‍රකට චරිතයක් බවට පත්වෙනවා. ඒ වගේම ‘අප්පා කළ දේ නොකළොත් ඌ නොට්ටිගේ පුතා’ කියන කතාවට හොඳම උදාහරණයක් ලබාදෙනවා. කොටින්ම මාලක සිල්වා ලංකා දේශපාලනයේ නොට්ටිගේ පුතාලාගේ භූමිකාවේ සංකීර්ණම කතාව ලියනවා.
මේ සමග අපිට කෙහෙළිය රඹුක්වැල්ල වගේ දේශපාලනඥයන්ගේ පුතාලා වගේම තවත් අවශේෂ දේශපාලන චරිත ගණනාවක නොට්ටිගේ පුතාලා හමුවෙනවා. ඒ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුතා දහම් සිරිසේනත් අමතක කළ නොහැකි චරිතයක් වන්නේ ‘යහපාලනයක්’ ගැන කියමින් බලයට පැමිණි ජනාධිපති තාත්තගේ පාලන යුගයේ මුල්ම කාලයේදී දහම් රාත්‍රී සමාජශාලා ගැටුමකට මුල්වෙලා ජනාධිපති තාත්තාගේ කොළේ ඉරාදැමූ නිසයි.
අපි මේ කතා කළේ ජනමාධ්‍ය මගින් උණුසුම් පුවත් ලෙස වාර්තා කළ වගේම සමාජයේ අවධානය දිනාගෙන ඉතිහාස පොතට එක්වුණු සිදුවීම් කිහිපයක් පමණයි. ඒත් මේ රාත්‍රී සමාජශාලා ගැටුම් සහ ක්‍රියාවන් දේශපාලන පුත්තු උදේ හවස කරන, මුහුණ දෙන ඒවා බවයි මේ ගැන දන්න කියන උදවිය කියන්නේ.
‘අපෝ මං පොත් කන්දක් ලියන්න තරම් මේ වගේ කතා දෙන්නම් කෝ’ කියලා කිව්වෙත් දේශපාලකයන්ගේ පුත්තු එක්ක හවුලේ කන බොන තරුණ ව්‍යාපාරියෙක් වගේම නම ගිය සෙල්ලක්කාරයෙක්.
ඔහු කියන ආකාරයට අපි කිසිමදාක විශ්වාස නොකරන ප්‍රබල වගේම ප්‍රබුද්ධ චරිතවල දූ පුතුන් රාත්‍රී සමාජශාලාවල යාවජීව සාමාජිකයෝ වෙනවා වගේම විශ්වාස කළ නොහැකි තරමේ අවුල්වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම තමන්ගේ පියවරුන්ගේ බලය භාවිත කරමින් ‘ඩීල්’ ගහනවා. ඒ ඇතැම් ඩීල්වලට අපි රටක් – සමාජයක් විදියට වන්දි ගෙවන අවස්ථාත් ඕනෑ තරම් තිබෙනවා.
‘ඒත් ඒවා මීඩියාවලට යන්නේ නෑ. කාට හරි ගහන්න වුවමනා වුණොත් විතරයි ඒවා මීඩියාවලට ලීක් කරන්නේ’ ඔහු වැඩි දුරටත් කියනවා.
ජවිපෙ නායක අනුරගේ පුතාගේ කතාව
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ පුතා සුපිරි සමාජශාලාවක නර්තනයේ යෙදෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල වගේම ඇතැම් අන්තර්ජාල අඩවිවල වෛරල් වුණේ මෙවැනි ඉතිහාසයක් ඇති දේශපාලනඥයන් සහ නොට්ටිගේ පුතාලා බුරුතු පිටින් ඉන්න රටක. ඒ නිසා මේ කතාව ඒ තරම් ලොකුවට ගන්න අපේ බොහෝ දෙනෙක් කැමැති නැති වෙන්න පුළුවන්. ඒ වගේම මෙතැන ගැටුමක් හෝ කුණු රසක් නැති නිසා ඒක ඒ තරම් වැදගත් ප්‍රවෘත්තියක්ද නොවෙන්න පුළුවන්.
ඒත් අපේ අදහස වෙන්නේ අනුර කුමාරගේ පුතාගේ කතාව සංකේතාත්මකව අතිශය වැදගත් බවයි. ඒ වගේම මේ හරහා නපුරු සංඥාවක් ජනතාවට ලබාදෙන බවයි. ඒක තහවුරු කිරීමට එක් උපුටා ගැනීමක් දැක්විය හැකියි. අනුරගේ පුතාගේ මේ වීඩියෝව විකාශනය කළ එක් ප්‍රමුඛ වෙබ් අඩවියක එය 250,000කට අධික පිරිසක් නරඹා තිබුණා. ඒ වගේම කමෙන්ට්ස් 200කට අධික ප්‍රමාණයක් තිබුණා. ඒ අතර මේ සිදුවීම විවේචනය කරන අය වගේම ‘එය එතරම් ගණන් නොගත යුතු’ බව කියන පිරිසකුත් හිටියා. ඒත් සංකේතාත්මකව නම් මේ සිදුවීම ක්ෂණිකව සමාජ අවධානය දිනාගත් බවක් අපට පෙනී යනවා. ඒ, අනුර කුමාර වැනි දේශපාලන චරිතයකින් මෙවැනි සිදුවීමක් ජනතාව අපේක්ෂා නොකළ නිසා විය හැකියි. ඒ වගේම බොහෝ දෙනකුට පොදු ‘කුතුහලය’ මේ සිදුවීම තුළ තිබුණ නිසා විය හැකියි.
කොහොම වුණත් අනුරගේ පුතාගේ වීඩියෝව ජවිපෙ දේශපාලනයට වගේම අනුර කුමාරගේ දේශපාලන ගමනට බාධාවක් කෙසේ වෙතත් එහි කැත සෙලුව හෙළිකළ එකක් බව නම් කිව යුතුයි.
‘ඇත්ත, මේක ඒ තරම් දෙයක් නෙමෙයි. ඒත් ජවිපෙ නායකයන්ගේ පවුල් ජීවිතවල සැබෑ පසුබිම සහ සංකීර්ණකම මේ වීඩියෝව හරහා හෙළි වෙනවා. ජවිපෙ දේශපාලන නායකත්වය දැන් මැදිවියට පැමිණ වැඩිහිටි දරුවන්ගේ පියවරුන් බවට පත්ව සිටිනවා. විජේවීරගේ පුතාලා – දුවලා මුහුණ නොදුන් අර්බුදයකට අද මේ පුත්තු මුහුණ දෙනවා. ඒ ඔවුන්ට තමන්ගේ පියවරු කළ කැපකිරීම් සහ ඔවුන් අදහන දර්ශනයේ වටිනාකම ගැන අවබෝධයක් නැතිකම. ඔවුන් ජීවත් වෙන්නේ ජවිපෙ නායකයන් වාගේ මාවාගත්ත කොටුවක නෙවෙයි. විවෘත සමාජයේ. අනෙක ඔවුන් ජවිපෙ කාඩර්ලා වාගේ කට්ට කන්නේ නැහැ. අනුර කුමාරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඔවුන් කෙසේ වෙතත් ඔවුන්ගේ දරුවන් නඩත්තු කළ යුතු තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අනුරගේ ළමයි කූඩුකරලා හදන්න වෙන්නේ නැහැ. විමල් වීරවංශ සහ ඔවුගේ පවුල දිහා බල බල ඔවුන් හූල්ලනවා ඇති.
අනුරගේ පුතාගේ වීඩියෝව ගැන සිය අදහස් ඉදිරිපත් කළ දේශපාලන විශ්ලේෂකයකු වන භාතිය බරුකන්ද සඳහන් කළේ විජේවීරගේ සිට අනුර කුමාර දක්වා දේශපාලන ජීවිතය සහ පවුල් ජීවිතය අතර අර්බුදයකට වගේම ගැටුමකට ජවිපෙ නායකත්වය නිරන්තරයෙන් මුහුණ දුන් බවයි.
‘මේක ඊනියා වාමාංශිකයන් මුහුණ දිය යුතු ස්වභාවික අර්බුදයක්. සමාජවාදය ස්වභාව ධර්මයට අනුකූල නැහැ. ඒක ඇත්තටම ස්වභාව ධර්මයට විරුද්ධ දෙයක්. ඒ නිසා ඊනියා වාමාංශිකයන් මවාගත්ත ලෝකය අසීරුවෙන් හෝ නඩත්තු කළ හැකි වන්නේ ඔවුන්ටම පමණයි. ඒත් ඉතාම පහසුවෙන් ඒ කූඩුව කඩා වැටෙනවා. ලංකාවේ පැරණි වාමාංශික නායකයෝ ඒකට හොඳම උදාහරණය. ඊට පස්සේ විමල් වීරවංශ සහ ඔහු සමග ගිය පිරිස. ඔවුන් දන්නවා ජවිපෙ දේශපාලනය තුළ කතාකරන බොහෝ දේ ‘හුදු වචන’ කියලා. නැතිනම් ‘අසීරුවෙන් නඩත්තු කරන බොල් පිළිම’ කියලා. භාතිය වැඩි දුරටත් පෙන්වා දුන්නා.
කැට සල්ලිවලින් පිස්සු කෙළීම
මෙම ලිපියේ ඉහතින් සඳහන් කළ වෙබ් අඩිවියේ අනුරගේ පුතාගේ වීඩියෝවට කමෙන්ට් එකක් ලිපයු පාඨකයෙක් මෙහෙම ලියලා තිබුණා.
‘අනුර කුමාරගේ පුතා මේ පිස්සු කෙළින්නේ කැම්පස් කොල්ලෝ බස්වල කැට හොල්ලලා එකතු කළ සල්ලිවලින්’
මේ කතාවේ යම් අතිශයෝක්තියක් වගේම වෛරී ස්වභාවයක් තිබිය හැකි වුවත් ජවිපෙ දේශපාලනය ගැන දන්න, දකින බොහෝ දෙනකුට මේ ගැන විරෝධයක් තිබිය නොහැකියි. මොකද වත්මන් ජවිපෙ මන්ත්‍රීවරුන්ගෙන් හා නායකයන්ගෙන් අපි විප්ලවකාරී ජීවගුණය වගේම විප්ලවකාරීන් විසින් නඩත්තු කළ යුතු ප්‍රතිරූපයක් දකින්නේ නැහැ. ලාල්කාන්ත වාගේ ජවිපෙ නායකයන් ලෙන් දොර බිඳගන්න නොහැකිව ළතැවෙන ආකාරයක් තමයි අපිට දැකගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම වසන්ත සමරසිංහ ආදීන් තුළ අපි දකින්නේ සාමාන්‍ය, අපි නිතර නිතර දකින දේශපාලන රූපයක් මිස තරුණයන් තුළ විප්ලවීය ජීවගුණය ඔසවා තබන (‘චේ’ පන්නයේ) ප්‍රතිරූපයක් නෙමෙයි.
ඒ නිසා අනුර කුමාරගේ පුතාට තාත්තගේ පඩියෙන් මේ ආකාරයට රාත්‍රී සමාජශාලාවලට යා නොහැකි බව අපි කාට වුවත් පැහැදිලියි. මොකද ජවිපෙ නායකයන් කියන විදියට ඔවුන්ගේ වැටුප යන්නේ පක්ෂයේ පොදු අරමුදලකට. ඒකෙන් තමයි ජවිපෙ නායකයන්ට ‘යැපීම් දීමනා’ ලබාගත යුත්තේ. එසේ නම් අනුරගේ පුතා මේ ආකාරයට රාත්‍රී සමාජශාලාවලට යන්නේ කොහොමද ? තාත්තගේ පඩියෙන් බැරි නම් වෙනත් විකල්ප ක්‍රමයකින් ඔහුව මේ වාගේ තැන්වලට රැගෙන යා හැකියි.
‘සමහර වෙලාවට මේ කොල්ලට කවුරු හරි සල්ලිකාරයෙක්ගේ පුතෙක් වියදම් කරනවා ඇති. කොල්ලොනේ…’ අනුරගේ පුතාගේ රාත්‍රී සමාජශාලා වියදම් ගැන එවැනි තැන් ගැන පදම් වුණු අත්දැකීම් ඇති තරුණ ව්‍යාපාරික මිත්‍රයා කිව්වා.
‘අපි දන්නවානේ අනුර කුමාර කියන්නේ කවුද කියලා. එයා කාලයක් රනිල් – රවී එක්ක ඩීල් කළා. දැන් කවුරු එක්ක ඩීල් කරනවාද කියලා අපි දන්නෑ. ඒත් අනුරගේ පවුලට, දරුවන්ට තාත්තගේ දේශපාලන බලය එක්ක සම්බන්ධතා ජාලයක් නඩත්තු කරන එක අසීරු නැහැ. ඒක නාමල්ගේ ඉඳන් සහන් දක්වා අපි දැක්ක පොදු ස්වභාවයක්. ඒ නිසයි අපි මේ වාගේ සිදුවීම් දිහා වඩාත් විමසිල්ලෙන් බැලිය යුත්තේ. මොකද ලංකාවේ තියෙන ඩීල් දේශපාලනය තුළ දේශපාලන බිරින්දෑවරුන්ට වගේම දරුවන්ටත් ඉහළ ඉල්ලුමක් වගේම බලයක් තියෙනවා. සැමියන්ව නටවන්න බිරිදෑවරුන්ට වගේම තාත්තලව නටවන්න දරුවන්ටත් පුළුවන්’ භාතිය තමන්ගේ අදහස පැහැදිලි කළේ ප්‍රකට දේශපාලන චරිත කිහිපයක් උදාහරණයට ගනිමින්.
ලේඛකයාගේ කියවීම
1988 සිට ජනතා විමුක්ති පෙරමුණ ගැන දේශපාලන කියවීමක් ඇති පසුගිය දශකයේ එහි හැසිරීම ගැන වැටහීමක් ඇති අපගේ අදහස වන්නේ වියපත් වෙමින් සිටින ජවිපෙ දේශපාලන නායකත්වයේ අසාර්ථක්වය මෙන්ම හිස් බව අනුර කුමාර දිසානායකගේ පුතාගේ රාත්‍රී සමාජශාලා වීඩියෝව හරහා නොසිතූ ලෙස සමාජය හමුවේ නිරාවරණ වූ බවයි. විශේෂයෙන් වත්මන් ආණ්ඩුව සහ සජිත් ප්‍රේමදාස ගැන ජනතා අප්‍රසාදය උච්චතම අවස්ථාවකට පැමිණ ඇති අවස්ථාවක බොහෝ දෙනකුගේ අවධානය ජවිපෙ වෙත යොමු වෙමින් තිබෙන වාතාවරණයක එහි නායකයාගේ සැබෑ පවුල් පසුබිම හෙළිවීම ‘උනුත් එකයි – මුනුත් එකයි’ කියන ජවිපෙ සටන් පාඨය අවලංගු කර ‘උනුත් එකයි – මුනුත් එකයි – තොපිත් එකයි’ බවට යළි නාමකරණය කරන බවයි.
චින්තක බණ්ඩාර කරල්ලියැද්ද