• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම මෙතැන ඉන්නේ වාසනාව හින්දා! කවුරුත් ඉල්ලන්නේ වෙනසක්!

January 18, 2022
in Heart
Reading Time: 7 mins read
A A
මම මෙතැන ඉන්නේ වාසනාව හින්දා! කවුරුත් ඉල්ලන්නේ වෙනසක්!
Share on WhatsAppShare on Facebook

අදාල දේ කරලා පැත්තකට වෙනවා…
හැමදාම මූණ පෙන්නන්න ආශාවක් මට නැහැ…
මට ඒක ලැබුණේ පුදුම අහම්බයකින්…

රොෂාන් රණවන (Roshan Ranawana) ගැන පුංචියට වාගේ විස්තරයක් කරනවා නම්, ඔහු සිනමාවට ආවේ ‘සිරිපොද වැස්සට’ තෙමෙමිනුයි. පළමු චිත්‍රපටය ‘බොක්ස් ඔෆිස්’ වාර්තා තබමින් තිරගත වන විට රොෂාන්ව කවර්පේජ්වලට ගන්න පුවත්පත් ආයතනවල ප්‍රධාන කර්තෘවරු එක පොදියට තරගයට ආවා. ඒ අතරට ‘සුවඳ දැනුණා ජීවිතේ’ එතකොට ලස්සන පූජා සමග රොෂාන් කළ පෙම් රැඟුම් බලන්න රසිකයන් පෝලිම් ගානේ රස්තියාදු වුණාය කිව්වොත් ඒක හරියටම හරි. 2.10 ෂෝ එක බලන්න ආව ප්‍රේක්‍ෂකයන් ඒක ‘House Full’ වුණාම ගෙදර නොගිහින් එහෙමම 6.30 ෂෝ එක බලන්න නැවැතුණෙත් ‘සුවඳ දැනුණා ජීවිතේ’ චිත්‍රපටය ඒ තරමටම ආකර්ෂණීය වූ නිසයි. ඉන් පස්සේ රොෂාන් පුංචි තිරයටත් අවතීර්ණ වුණා. පෙම්වතාගේ චරිත තුළින් තව, තව ජනප්‍රිය වෙනකොට වෙළෙඳ දැන්වීම්වලටත් රොෂාන්ව නැතුවම බැරි තරම් වුණා. කොයි දේ කොහොම සිද්ධ වුණත් රොෂාන් රණවන කියන්නේ හරිම රිලැක්ස් කැරැක්ටර් එකක්. කා එක්කවත් තරග කරන්න රොෂාන්ට ඕනෑ වුණේ නැහැ. තමන්ටම කූපන් දමාගෙන ජනප්‍රිය වෙන්න ඔහුට ඕනෑ වුණේ නැහැ. රොෂාන් ඔහුගේ ගමන ගියේ හරි හෙමින්, බොහො පාඩුවේ. පසුගිය දවස්වවල රොෂාන් හිටිහැටියේම වාගේ මඳ කලකට නිහඬ වුණා. ‘කොරෝනා’ උවදුරත් සමග රොෂාන් රංගනයෙන් ඈත්වෙලාද..? චූටි දූ එක්ක වැඩි කාලයක් ගතකරන්න තියෙන ඕනෑකම නිසා ඔහු රංගනයට මඳකට තිත තියලවත්ද..? හුඟ දවසකින් රොෂාන් එක්ක දොඩමලුවකට මැදිවෙන්න බැරි වුණු නිසා ඒ ප්‍රශ්න ටිකත් එක්කම ඔන්න ‘මව්රට’ අපි ඔහු සමග හදවතින්ම කතාබහකට මැදි වුණා.

ඉතින් රොෂාන් කොහොමද තොරතුරු..?
වරදක් නැහැ… සුවෙන්, සතුටින් දවස ගෙවනවා.

ඔබ යම් නිහඬතාවකට මැදිවෙලා වගේ පෙනෙන්නේ..?
ම්ම්… නිහඬතාවයකට මැදිවෙලාය කියලත් නැහැ… හැබැයි ‘කොරෝනා’ ප්‍රශ්නය නිසා බොහෝමයක් කලා කටයුතුවලින් ඈත්වෙලා හිටියාය කිව්වොත් හරි…

චූටි දෝණි එක්ක කාලය ගතකරන්න තියෙන ඕනෑකමත්, එතන තියෙන්න ඇති නේද රොෂාන්..?
දූ එක්ක කාලය ගතකරන එක දැන් මගේ ජීවිතයේ කොටසක් වෙලා… ‘කොරෝනා’ විරාමය තුළත් එයට පසුවත් ගෙදරට වෙලා හිටියෙත් හුඟක්ම එයාගේ ආරක්‍ෂාව ගැන හිතලා තමයි.

මේ දවස්වල ඔබ ආයෙමත් කාර්යබහුල වෙලා..?
ඔව්… අලුත් චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. එහි රූගත කිරීම් නිමවෙමින් පවතිනවා.

අලුත් චිත්‍රපටය ගැන තොරතුරු ටිකක් ඔබේ රසිකයන්ට කියමුද..?
ඒක කාටත් එක සේ රස විඳින්න පුළුවන් බයිස්කෝප් ගණයේ චිත්‍රපටයක්. බයිස්කෝප් ගණයේ යැයි කීවේ… ආදරය, ත්‍රාසය, විනෝදය සියල්ල එහි කැටිව තිබෙන නිසයි.
චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්නෙ අපේ ‘පිං පොං මිත්‍රයා’ රජිත හිරාන්… ඇත්තටම මට දැනෙනවා… මට හිතෙනවා රසිකයන් ‘රයිඩර්’ වටා එක්රොක් වේවි කියලා.

‘රයිඩර්’ චිත්‍රපටය අතරතුර ඔබට ‘නිමි’ චිත්‍රපටයටත් ආරාධනා ලැබුණා..?
නැහැ… ‘නිමි’ චිත්‍රපටයේ රූගත කිරීම් නිමවෙමින් තියෙනකොට තමයි ‘රයිඩර්’ට ආරාධනා ලැබුණේ. ඉසුරු වීරපුලිගේ ‘නිමි’ චිත්‍රපටය තව නොබෝ දිනකින් තිරගත වේවි.

‘රයිඩර්’ සහ ‘නිමි’ සඳහා ඔබ රඟන්නේ විදේශීය නිළියන් සමගද..?
නැහැ… චිත්‍රපට දෙකෙහිම මට සහාය නිළියන් ලෙස ලැබුණේ ශ්‍රී ලාංකේය නිළියන්… ඔවුන් දෙදෙනාගේම පළමු රංගනය එයයි.

රංගනය සඳහා බොහෝ විට ඔබට ලැබුණේ විදේශීය නිළියන්…?
ඔව්… ‘රෝස කැලේ’ සහ ‘සුවඳ දැනුණා ජීවිතේ’ චිත්‍රපට සඳහා මා හා සහායට පැමිණියේ දකුණු ඉන්දියානු නිළියන්.

‘පූජා’ සමග රංගනය ඉතාම සුන්දර අත්දැකීමක් යැයි කියා ඔබ ඒ දවස්වල පුවත්පත්වල කියා තිබුණා..?
ඔව්… ඒක සම්පූර්ණ ඇත්තක්… පූජා උමා ශංකර් කියන්නේ ඉතාම සුහද රංගනවේදිනියක්. රංගනයේදී පූජා මට දුන් සහයෝගය ඉතාම සුහදයි… බොහෝ දේ මම ඇගෙන් ඉගෙනගත්තා. අප හොඳ මිතුරන් වුණා… මගේ පෞද්ගලික දේවල් ඈ සමගත් ඇගේ පුද්ගලික දේවල් මා සමගත් කියන තරමට අපේ යහළුකම ළෙන්ගතුව තිබුණා.

ඔබ හොඳ පවුල් ජීවිතයක් ගෙවන කෙනෙක්, තරුණ නිළියන් සමග රඟන විට වයිෆ් කලබල වෙන්නැද්ද රොෂාන්..?
අයියෝ නැහැ… එයා මාව හුඟාක් හොඳින් තේරුම් ගත්ත කෙනෙක්.
සමහර දවස්වලට මගේ සහායට අවැසි නිළියන් සොයා දෙන්නේ ඇයයි. රජිත හිරාන්ගේ නවතම චිත්‍රපටයෙහි සහාය සඳහාද තරුණ නිළියකව තෝරා දුන්නේ ඇයයි… ඇගේ මනාපය රජිත හිරාන්ද අනුමත කළා.

ඔබ රංගනයෙන් දායක වූ සෑම චිත්‍රපටයක්ම ‘බොක්ස් ඔෆිස්’ වාර්තා තැබුවා..?
ඔව්… එය සතුටට කාරණයක්… කොහොමත් සිනමාවට ආ දා ඉඳන්ම ඒ වාසනාව ඉබේම හිමිව තිබුණා.

‘හිරිපොද වැස්ස’ තව ඩිංගෙන් ඔබෙන් ගිලිහී යන්න තිබුණා..?
සත්තකින්ම ඔව්… එය මට ලැබුණේ පුදුම අහම්බයකින්. ඔඩිෂන් එකට එන්නය කියල එවපු ලියුමත් ලැබුණෙ දවස් දෙකක්, තුනක් ප්‍රමාද වෙලයි.
ඒත් අම්මා කිව්වා ගිහින් කතා කරලා විස්තරය කියලා බලන්න, චාන්ස් එකක් ලැබෙන්න පුළුවන් කියලා… පස්සෙ මම ගිහින් උදය කාන්ත මහත්තයව හම්බවෙලා විස්තරය කිව්වා. එයා මං එක්ක ටිකක් කතාබහ කරලා මම ඔයාට දන්වලා එවන්නම් කිව්වා. ඒ වචන ටික ගැන මට ඒ හැටි විශ්වාසයක් තිබුණේ නැහැ. ගෙදර ආවේ මොකක්දෝ හිස්බවකිනුයි.

නළුවෙක් වෙන හීනේ උපන්ගෙයිම මියගියා කියලා දැනෙන්න ඇති…?
නළුවෙක් වෙන්නය කියලා එහෙම ලොකුවට හීන තිබුණේ නැහැ. අලුත් චිත්‍රපටයකට අලුත් මූණක් හොයනව කියන සිනමා දැන්වීමකට ඉල්ලුම් කළෙත් අම්මගේ බලකිරීමටයි.
හැබැයි ඒ ලියමන අතට ඇවිදින් උදය කාන්ත එක්ක කතා කළාට පස්සේ රඟපාන්න ආශාවක් හිතෙන්න ගත්තා.

ආශාව හිත කොනක තියාගෙන ඔබ ආයෙමත් උදය කාන්තව හමුවන මාර්ගයක් ගැන විමසිලිමත් වුණාද රොෂාන්..?
නැහැ… එහෙමමත් පස්සෙන් දිව්වේ නැහැ. මොකද ඒ වෙනකොට මම ‘මිස්ටර් ශ්‍රී ලංකා’ දිනලා ඇඞ්වටීස්මන්ට්වලටයි, මොඞ්ලින් ෂෝවලටයි ආරාධනා ලබන කාලේ..,
මේ විදියට මෙහෙම ඉදිරියට යනවා කියලා හිතල අලුතෙන් ආව ඇඞ්වලට ගිවිසුම් අස්සන් කරන්න ගත්තා.

ඇඞ් එකක රූගත කිරීමක් කරන කොට ඇඞ් එක අධ්‍යක්‍ෂණය කරපු ජයනාත් ගුණවර්ධන මගෙන් ඇහුවා ෆිල්ම් එකක රඟපාන්න ආස නැද්ද කියලා. ‘ඔව්… මම ආසයි’ කියන ගානට මම එතැනදි හිනාවුණා. පස්සෙ එයා කිව්වා අපි අලුත් ෆිල්ම් එකකට අලුත් කට්ටිය හොයනවා. ඒකේ ඩිරෙක්ටත් ඇවිත් ඉන්නෙ මෙතැනට… ඉන්න මං එයාට ඔයාව අඳුන්නලා දෙන්නම් කියලා..,
මමත් ආශාවෙන් බලා උන්නා ඩිරෙක්ටර් එනකල්… මගේ ඉස්සරහට ආවේ ‘උදයකාන්ත’ මාව දැක්කම එයාට හිනා ආවා. එයා ජයනාත්ට කිවුවා මෙයාව මම දන්නවා ඔයාට කලිනුයි මම මෙයාව ඉන්ටර්වීව් කළේ කියලා.

එතැනදී ‘හිරිපොද වැස්ස’ ප්‍රධාන චරිතය ඔබට ලැබුණා..?
ඒත් නැහැ… දන්වලා එවන්නම් කියලා ගිහින් ටික කාලයක් ගෙවුණට පස්සේ තමා එන්න අපි ඔයාව තෝරාගත්තා කියලා පණිවුඩය දුන්නේ.

බාධක මැද්දෙ සිදුවූ ඒ අහම්බය ඔබට ‘හිරිපොද වැස්ස’ක් වී වාසනාව අරං ආවා..?
ඔව්… ‘හිරිපොද වැස්ස’ වාගෙම… එහි ගී පදත් ප්‍රේක්‍ෂකයෝ අතර තවමත් ජනප්‍රියයි. ඔවුන් ඒ අලුත් තාලේ කතාපුවතට බොහෝ ප්‍රිය කළා.

මගතොටක යන්න බැරි තරමට කතාබහට ලක්වුණේ ‘සුවඳ දැනුණු ජීවිතේ’ තුළිනුයි..?
ඔව්… අදටත් එහි ගී පද ප්‍රේක්‍ෂකයන් මුමුණනවා. දහපාරකට එය රූපවාහිනියේ විකාශනය වුණොත් ඒ දහපාරම හැමදෙනෙකුම පාහේ එය නරඹනවා.

හැඩකාර යෞවනයකු ලෙස පෙම් චරිත රඟපෑවත්, කවදාවත් ඔබ කටකතාවලට මැදිවුණේ නැහැ..?
මම හරිම පරෙස්සමෙන් තමයි රංගන ක්‍ෂේත්‍රය තූළ ජීවත් වුණේ. මගෙන් වෙන්න ඕනෑ දේ මොකක්ද, මම මට අදාළ දේ කරලා පැත්තකට වෙනවා. පුංචි කාලේ ඉඳලම අපි අපේ සීමාව මොකක්දැයි කියන එක අපේ මවුපියන්ගෙන් ඉගෙනගත්තා.
ඒ හින්දා කටකතා වැනි දෑ මට කවදාවත් බාධාවක් වුණේ නැහැ.

පුංචි තිරය ඔබ සම්පූර්ණයෙන්ම අතහැර දැමුවා..?
ලැබෙන චරිතය මට සෑහෙනවා නම් තමයි මම ටෙලිනාට්‍ය බාර ගන්නේ. හැමදාමත් ටීවී. එකේ මූණ පෙන්නන්න ආශාවක් මට තිබුණේ නැහැ. හොඳ නිර්මාණයකට දායක වෙන්න වරමක් ආවොත් මම එය බාරගන්නවා.

සොඳුරු, සුපෙම්වත් චරිත රඟපෑ ඔබ හිටි අඩියේ නපුරු, රස්තියාදුකාරයකු වුණා..?
ප්‍රේක්‍ෂකයන් වෙනස් දේට හරිම කැමැතියි. කවුරුත් ඉල්ලන්නේ ‘වෙනස’ ඉතින් මමත් ඒ වෙනසට බඳුන් වුණා.

ජනප්‍රිය කලාකරුවකු වීමට හැකියාව, පෙනුම වාගෙම වාසනාවද අවශ්‍යයි කියන තැන ඔබ ඉන්නවද?
අනිවාර්යයෙන්ම උත්තරය ‘ඔව්’ කියන වචනයයි…

ඇයි මම එහෙම කියන්නෙ කියල ඔබ අහනවා නම්, මම මෙහෙම උත්තර දෙනවා..,
කලාකරුවකු ලෙස මම මෙතැන ඉන්නෙත්, වාසනාව නිසයි. බොහෝ අහම්බයන් මා සොයා ආවේ ඒ වාසනාව මුල්කරගෙනයි. සත්තකින්ම ටිකක් නෙවෙයි.., ‘වාසනාව’ කියන අකුරු හතර ජීවිතයට එහි සාර්ථකත්වයට බොහෝ අවශ්‍යයයි.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සාකච්ජා අසාර්ථකයි! ගම්මන්පිල වගේම IOC සමාගමත් ලොකුගේට තෙල් දෙන්න බෑ කියයි! ලයිට් කැපිල්ල ස්ථිරයි වගේ!

Next Post

පී.බී.ගේ ගෙදර යාමත් එක්ක ‌ලේකම්වරු සෙට් එකකටම මාරුවීම්!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.