කුඩා කල සිටම රංගනයට ආදරය කළ තම ජීවිතයේ හීනයක් වුණු නිළියක් වීමේ සිහිනය අවුරුදු විසිපහක් වනවිට සැබෑ කරගත් ඇය ටික කලක් රංගනයෙන් ඉවත්ව සිටියා. නැවතත් ඇයව අපිට පුංචි තිරයේ දකින්න පුළුවන්. මේ අලුත් පැමිණීම ගැන වගේම වංහුං ටිකක් හොයන්නත් එක්ක ‘හාට්’ අපි හිරුණි රණසිංහට කතා කළා…Sri Lanka Latest News
කොහොමද මේ දවස්වල ජීවිතේ?
හොඳින් ඉන්නවා ඉතින්. වැඩ ගැන කතා කළොත් මේ දවස්වල ටෙලිනාට්‍ය කළේ නෑ. කොටකෙතන, ද වයිෆ්, අමුතු ගුරුකම, ඉස්සරහට එන්න තියෙන චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වෙලා ඉන්නවා. වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා ඉන්නවා.
ඇයි ඉතිං ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණේ නැත්තේ?
මං දැන් අවුරුද්දකින් විතර ටෙලිඩ්‍රාමාවලට ගියේ නැති හින්දා මගෙන් කලාව පොඩ්ඩක් ඈත් වෙලා තියෙන්නේ. මං ආයේ පටන් අරන් මාසයක් දෙකක් විතර වෙනවා. වෙල්ලස්ස වෙඩි හඬ ඩ්‍රාමා එක කොහොමත් අවුරුදු අටක් තිස්සේ කරනවා. ඒ වගේම ජාතික රූපවාහිනියේ ගිය නෑනලා ටෙලිඩ්‍රාමා එක මම අධ්‍යක්ෂණය කළා. ඊට පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙලා මට ලැබෙන්න තිබුණු සල්ලි මට තවම ලැබුණේ නෑ. ඇත්තටම මට කලාවට ආපහු එන්න එපා වෙලා හිටියේ. මං පළමුවෙන්ම අධ්‍යක්ෂණය කළ ටෙලිඩ්‍රාම එක. මම වගේ අලුත් කෙනකුට මේ වගේ දෙයක් වුණාම ආයි දෙයක් කරන්න හිතෙන්නෑ. මේක ඉවර වුණාම ෆිල්ම් එකක් කරන්න හිටියේ. අපි කලාවට දෙයක් දෙන්න ගියාම කලාවේ සමහර අයගෙන් එහෙම වුණාම මාරම දුකයි. ඒ හින්ද තමයි මං නාට්‍යවලින් අයින් වුණේ.

රඟපාන්න එන්න හිතුණේ ඇයි?
මං පොඩි කාලේ ඉඳන්ම හිතලා තියෙන්නේ වේදිකාව උඩට ගිහින් රඟපාන්න ඕනෙ කියලා. මං මොන්ටිසෝරි යන කාලේ නත්තල් දවසේ නාට්‍යයක් කරනකොට මරියතුමියගේ චරිතය දුන්නෑ කියලා රණ්ඩුවෙලා කොහොමහරි මම ඒ චරිතය ගත්තා. ඉතින් ඒ කාලෙ ඉඳන්ම මං ආසයි. ඒ වගේම අපේ අම්මා මේ ළඟදී කියනවා අම්මත් නිළියක් වෙන්න හිටියා කියලා. මං හිතන්නේ අම්මගෙන් වෙන්න ඇති මේ දේවල් මට ඇවිල්ලා තියෙන්නේ.
මුලින්ම රඟපෑවේ වේදිකා නාට්‍යද ටෙලිඩ්‍රාමාද?
මගේ මුල් වේදිකා නාට්‍යය තමයි ගොන් දෝලා නාට්‍යය. මම වේදිකා නාට්‍ය කරලා තමයි ටෙලිඩ්‍රාමාවලට ආවේ.
ඔබට ලැබුණු චරිත පිළිබඳ තෘප්තිමත්ද?
ඔව්. මං ආසාවෙන් ඉන්න චරිත දෙක තුනක් තියෙනවා මට තාම හම්බවුණේ නෑ. මගෙන් අධ්‍යක්ෂවරු අරන් තියෙන්නේ තාම පොඩ්ඩයි. අධ්‍යක්ෂවරුගෙන් බොහොම පොඩි දෙනයි මගෙන් ගන්න පුළුවන් දේ ගත්තේ. ඇත්තටම මං ආසයි පොලිස් චරිතයක් රඟපාන්න. මට මේ චරිතය ආවා. ඒ වුණාට මගහැරුණා. ඒ වගේම සිස්ටර් කෙනෙක්ගේ චරිතයක් රඟපාන්නත් කැමැතියි.
අඩ නිරුවත් දර්ශනයකට ආරාධනාවක් ලැබුණොත්?
ඔව් මං කරනවා. මගේ ෆිල්ම්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ෆිල්ම් බලලා ඔයාගේ ෆිල්ම් එකක් ගියා නේද කියලා කවුරුත් කියල නෑ. ඉතින් මිනිස්සු කතා කියන නිසානේ අඩ නිරුවත් ඒවා කරන්න එපා කියන්නේ. ඉතින් මගේ ෆිල්ම් බලන්නෙ නැත්නම් කළාට පස්සේ ඒවා බලයි. ඊට පස්සේ නම් මොනවා හරි කියයි. මට ඇත්තටම ගැටලුවක් නෑ. මං දෙයක් පටන් ගත්තොත් කොහොම හරි කරලා ඉවර කරන්න මට ඕනෙ.
රංගන ශිල්පිනියක් වශයෙන් වටිනාකමක් ලැබිලා තියෙනවද?
ඔව්. ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒ වටිනාකම් හින්දා තමයි පාරෙදි මිනිස්සු කතා කරන්නේ.
පෙම්වතියක්ද?
අනේ මන්දා හිතන දේ වෙන්නේ නෑ වෙන දේ හිතාගන්න බෑ.
අමතක නොවන සිදුවීම් එහෙම නැද්ද?
තියෙනවා. එවා කියන්න බෑ. ඒවා පත්තරවල දාන්න බෑ.











