• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ආපු ගමන ලෙහෙසි එකක් නෙවෙයි…! ගෙදර රේඩියෝ එකක්වත් තිබුණේ නැහැ…! සමහර නාලිකා මගේ ගීත ප්‍රචාරය කළේ නැති කාලවල් තිබුණා…! චන්ද්‍රසේන හෙට්ටිආරච්චි I Sri Lanka Latest News

January 3, 2026
in Heart
Reading Time: 2 mins read
A A
ආපු ගමන ලෙහෙසි එකක් නෙවෙයි…! ගෙදර රේඩියෝ එකක්වත් තිබුණේ නැහැ…! සමහර නාලිකා මගේ ගීත ප්‍රචාරය කළේ නැති කාලවල් තිබුණා…! චන්ද්‍රසේන හෙට්ටිආරච්චි I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හඬ පෞරුෂයෙන් රසික හදවත් අමන්දානන්දයට පත්කරමින්, තමන්ටම අනන්‍ය වූ ගායන ශෛලියකින් යුග ගණනාවක් රසිකයන් පිනවූ මේ අපූරු කලාකරුවා, කිසිදා නොමියෙන ගීත එකතුවක් සිංහල සංගීත කලාවට තිළිණ කළ ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චියි. මේ ඔහුගේ සංගීත චාරිකාවේ අතීත මතක සහ වර්තමානය පිළිබඳ ‘හාට්’ අපි කළ කතාබහකි.Sri Lanka Latest News

මුලින්ම කියමු මේ දවස්වල ඔබේ ජීවිතය ගෙවෙන්නේ කොහොමද කියලා?
ඇත්තටම මේ දවස්වල හරිම කාර්යබහුලයි. සංගීත සංදර්ශනවලට සහභාගි වෙනවා වගේම අලුත් නිර්මාණ කටයුතුවලත් නිරත වෙනවා. විශේෂයෙන්ම අලුත් පරම්පරාවේ දක්ෂ ශිල්පීන් කිහිප දෙනකුගෙන්ම ඉල්ලීම් ලැබුණා ඔවුන්ට ගීත නිර්මාණය කරලා දෙන්න කියලා. ඒ කටයුතුත් එක්ක මගේම අලුත් නිර්මාණ ගොන්නකුත් ඉදිරියේදී රසිකයන්ට තිළිණ කරන්න සූදානමින් ඉන්නවා.
අතිශය ජනප්‍රිය සහ දක්ෂ ගායන ශිල්පියෙක් විදියට ආපසු හැරිලා බලද්දී මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම මගේ හදවත පිරිලා තියෙන්නේ ලොකු සතුටකින්. මම ආපු ගමන ලෙහෙසි එකක් නෙවෙයි. පුංචි කාලේ අපේ ගෙදර රේඩියෝ එකක්වත් තිබුණේ නැහැ. සින්දුවක් අහන්න මම යන්නේ හන්දියේ තියෙන කඩපෙළට. හැබැයි දවසක් මගේ තාත්තා මැඩ්ලීන් එකක් අරගෙන ආවා. තාත්තා ඒක වයමින් සින්දු කියනවා බලන් ඉද්දි තමයි මටත් සංගීතයට ආසාවක් ඇතිවුණේ. මගේ සංගීත ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ ජාතික තරුණ සේවා සභාවයි. පත්තරේ දැන්වීමක් දැකලා මම ජාතික යොවුන් සම්මාන උළෙලට ඉදිරිපත් වුණා. එහිදී මම ලැබූ ජයග්‍රහණය නිසා යොවුන් ගීත කණ්ඩායමට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා. ‘ස රි ග ම ප ධ නි ස’ කියන සප්ත ස්වරය හරියටම ඉගෙන ගත්තේ එතැනින්. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන ගායකයා හැදුණේ ඒ තැනින්.
ඔබේ ආරම්භය ගැන වගේම ඒ මුලින් හැදුණු ගීත ගැනත් මතක් කරමු?
මගේ පළමු පටිගත කළ ගීතය ‘තවලම් අපි යනවා’. ඒකෙන් තමයි රටම මාව අඳුනා ගත්තේ. දෙවැනි ගීතය ‘අම්මා ජීවන උයන්තෙරේ’. අම්මා විඳපු දුක් ගැහැට ගැන ලියවුණු උපහාරයක්. ඉන්පසු ‘සීත කඳු යායේ’ ‘යෙහෙළියක සේ’, ‘කෙලෙසක කීවත්’, ‘මල් මල් විලේ’ වැනි ගීත රාශියක් රසිකයන් ආදරයෙන් වැලඳගත්තා.
ඔබේම පදමාලාවකින් ඔබම සංගීතවත් කරපු ‘මුතු කඳුළින් මා දෙනෙතේ’ ගීතය අදටත් ජනප්‍රියයි?
‘මුතු කඳුළින් මා දෙනෙතේ’ ගීතය ගැන කිව්වොත්, එහි පද මාලාව සහ සංගීතය දෙකම මගේ. 1989 දී මම මේ නිර්මාණය කළේ තරුණ තරුණියන්ගේ හදවතට දැනෙන වචන එක්කරලා. සැබෑ අත්දැකීමක් පාදක කරගෙන නිර්මාණය වූ ඒ මිහිරි ගීතය අදටත් ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒ අව්‍යාජත්වය නිසයි.
මේ ආපු ගමනේ විවිධ හැලහැප්පීම්වලට ඇතිවෙන්න මුහුණදීලා ඇති?
ඕනෑම කෙනෙකුට ඉදිරියට එද්දී හැලහැපීම් බාධක එනවා. මටත් එහෙමයි. ඇතැම් නාලිකා මගේ ගීත ප්‍රචාරය කළේ නැති කාලවල් තිබුණා. ඒත් මම වැටුණේ නැහැ. හැමදේම ඉවසගෙන ගමන නතර නොකර ආපු නිසයි මම අද මෙතැන ඉන්නේ.
අලුත් පරම්පරාව ගැන මොකද හිතෙන්නේ?
අලුත් පරම්පරාව අනාගතය හදාගන්න අතරතුර තමන් ආපු ගමන සහ අතීතය කවදාවත් අමතක නොකර, නිහතමානීව, හැමෝටම සාධාරණය ඉටුකරමින් ශාස්ත්‍රානුකූලව ඉගෙනගෙන ඉදිරියට යන්න ඕනේ.
ඉදිරි ගමන ගැනත් කතා කරමු?
මම මෑතකදී චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය සමග යුග ගීතයක් ගායනා කළේ නැහැ. ඒ නිසා මේ දිනවල ‘සීතල හිම කඳු නිල්ලේ’ නමින් ඇය සමග අලුත් ගීතයක් නිර්මාණය කරමින් ඉන්නවා. එය නුදුරේදීම එළිදක්වනවා. ඒ වගේම 2028 සැප්තැම්බර් මාසයට මගේ කලා ජීවිතයට වසර 50ක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් මගේ රසිකයන් වෙනුවෙන් දැවැන්ත ප්‍රසංගයක් පවත්වන්නත් බලාපොරොත්තු වෙනවා.

හිමාෂා නෙත්මිණි

SendShareShare
Previous Post

විරෝධතා මැද මහනුවරට සුද්දයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

නිරුවත් වෙන එක මට අවුලක් නැහැ… ! මගෙන් වැඩ අරන් තියෙන්නේ තාම පොඩ්ඩයි… ! මං දෙයක් පටන් ගත්තොත් කොහොම හරි කරනවා…! මම දැන් වෙනම පැත්තක් හිතලා තියෙන්නේ…! හිරුණි රණසිංහ I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.