• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කටසැර නැති අලුත්ම වෙඩිල්ල…! පාඩුවේ ඉන්න තමයි කැමැති…! කවදාවත් වේදිකාව මගෙන් ගිලිහෙන එකක් නෑ…! නදුනි වනිගසුන්දර I Sri Lanka Latest News

February 1, 2026
in Heart
Reading Time: 3 mins read
A A
කටසැර නැති අලුත්ම වෙඩිල්ල…! පාඩුවේ ඉන්න තමයි කැමැති…! කවදාවත් වේදිකාව මගෙන් ගිලිහෙන එකක් නෑ…! නදුනි වනිගසුන්දර I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දිනවල ජනප්‍රිය ‘රොන් සොයා’, ‘සින්ටෝ’ ටෙලිනාට්‍ය හරහා රංගනයෙන් දායක වන නදුනි වනිගසුන්දර ‘රෝස වෙඩිල්ල’ ටෙලිනාට්‍යය හරහා වෙනස්ම අත්දැකීමකින් ප්‍රේක්ෂක ආලින්දය හැඩ කරන්නට සූදානම්. ඉතින් අද ‘මව්රට’ අපේ කතාබහ නදුනි වනිගසුන්දර සමගයි.Sri Lanka Latest News

මේ දවස්වල අලුත් වෙඩිල්ලක් තියන්න යනවා කියලා ආරංචියි?
මේ දවස්වල මගේ අලුත්ම ටෙලිනාට්‍ය නිර්මාණය රෝස වෙඩිල්ල. රෝස වෙඩිල්ල අධ්‍යක්ෂණය සුනෙත් මාලිංග සර්. ටෙලිනාට්‍යය රචනය අරුණ ජයවර්ධන සර් සහ ප්‍රමෝද්‍යා වන්නිආරච්චි අක්කා. මේ ටෙලිනාට්‍ය නිෂ්පාදනය අශෝක ජයකොඩි සර්ගේ. ඉතින් ප්‍රමෝද්‍යා අක්කා තමයි මට මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න ආරාධනා කළේ.
ටෙලිනාට්‍යයේ ඔබේ චරිතය ගැනත් කතා කළොත්?
මේ ටෙලි නාට්‍යයේ මගේ චරිතයට වඩා මං හිතනවා පොදුවේ ටෙලිනාට්‍ය ගැන කතා කළොත් ටෙලිනාට්‍ය ගැන කුතුහලයක් තියේවි කියලා. ටෙලිනාට්‍යයේ ප්‍රධාන කාන්තා භූමිකාව නිරූපණය කරන්නේ අපේ ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම අක්කා. ඉතින් එයත් එක්ක ඉන්නවා ගැහැනු ළමයි හයදෙනෙක්. විවිධ රැකියාවල නිරත වෙන අය. මේ හයදෙනා එකට එකතුවෙලා කරන වෙනස් වැඩක්. ඇත්තටම මේ ගැන තවත් කතා කළොත් ඒකේ අගයක් නැතිවෙයි කියලා මට හිතෙනවා. ගැහැනු ළමයි හය දෙනකුගේ ලස්සන කතාවක් තමයි තියෙන්නේ මේකේ.
ඒ කියන්නේ රෝස වෙඩිල්ල ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයාට වෙනස්ම රසයක් එකතු කරයි වගේ?
ඔව්. ඇත්තටම ඒක අපි මේ දවස්වල දකින ප්‍රේම කතා එතකොට සටන් මේ වගේ දේවල් ඔක්කොම එකතුවෙලා නිර්මාණය වෙන ටෙලිනාට්‍යයක්. ඉතිං මං හිතනවා මේ ටෙලිනාට්‍යය වෙනස් අත්දැකීමක් ප්‍රේක්ෂකයාට එකතු කරයි කියලා.

නදුනි කියනවට වඩා ප්‍රේක්ෂකයින් ඔබව දන්නේ ශෂී කියන චරිතයෙන් කිව්වොත්?
ශෂී කියන්නේ මගේ පළවෙනි දීර්ඝ ටෙලිනාට්‍ය අත්දැකීම. ඉතින් මාව මුලින්ම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ රංගන ශිල්පිනියක් විදිහට මාව ප්‍රේක්ෂකයන් අඳුරගත්තේ රොන් සොයා ටෙලි නාට්‍යයේ ශෂී කියන චරිතයෙන්. ශෂීගේ චරිතයට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තටම ශෂී කියලා තමයි ගොඩක් අය මට කතා කරන්නෙත්.
නදුනි කියන්නේ ඇත්තටම ශෂී වගේ කටකාර කෙනෙක්ද?
ඇත්තටම නැහැ. මම මේ වෙනකොට කරන ටෙලිනාට්‍ය දෙකම ටිකක් සැර කටකාර චරිත නිරූපණය කරන්නේ. ඒත් නදුනි කියන්නේ එහෙම කටකාර කෙනෙක් නෙවෙයි. මම ටිකක් නිශ්ශබ්දව තමයි ගොඩක් වෙලාවට ඉන්න කැමැති. වැඩිය කතාවට යනවා අඩුයි. මම චරිතයක් විදිහට ශෂීගේ චරිතයට කැමැති වෙන්න ප්‍රධානම හේතුව තමයි නදුනි කියන චරිතයට වඩා ශෂී කියන චරිතය ගොඩක් වෙනස් වුණ නිසා. ඒක මට වෙනස්ම විදිහකට කරන්න පුළුවන් වුණු චරිතයක් වුණා. මං ඒකට ගොඩක් කැමතියි.
නදුනි කියන්නේ වේදිකා නාට්‍ය කලාවට ගොඩක් සමීප කෙනෙක් වගේ?
ඔව්. මගේ රංගනයේ ආරම්භය සිද්ධ වෙන්නේම වේදිකාවෙන්. මම සිනමාව, ටෙලිනාට්‍ය, වේදිකාව කියන කලා මාධ්‍යයන් තුනටම රංගන ශිල්පිනියක් විදිහට හරිම ආසයි. මං හිතන්නේ වේදිකා නාට්‍යය කියන්නේ අපිට රංගනය ඉගෙන ගන්න ලැබෙන හොඳම තැනක්. කවදාවත් වේදිකාව මගෙන් ගිලිහෙන එකක් නෑ කියලා හිතනවා. වේදිකා නාට්‍ය කලාව සහ ටෙලිනාට්‍ය, සිනමාව කියන ක්ෂේත්‍ර තුනේම වැඩ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
සිනමා ක්ෂේත්‍රයෙත් අපිට නදුනිව ඉස්සරහට දකින්න ලැබෙයිද?
මම මේ වෙනකොටත් සිනමා නිර්මාණ දෙකකට දායක වෙලා තියෙනවා. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට එන්න කලින් මම සම්බන්ධ වුණේ සිනමාවට. ඉන්දික ෆර්ඩිනෑන්ඩෝ සර්ගේ ‘වෙඩි නොවදින ළමයි’ කියන චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඊට පස්සේ මම ආනන්ද අබේනායක සර්ගේ අලුතින් තිරගත වීමට නියමිත සිනමා නිර්මාණයකට සම්බන්ධ වුණා. ඉතින් ඒකත් ළඟදීම සිනමාව තුළ දකින්න ලැබෙයි.
ඉදිරි වැඩකටයුතු ගැනත් කියමුද?
ඉදිරියේදී මම තවත් උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් එක්ක ටෙලිනාට්‍ය, සිනමාව, වේදිකා නාට්‍ය කියන ක්ෂේත්‍රවල මම ඉදිරියේදී වැඩකටයුතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

කෞෂල්‍යා ලක්මිණි

SendShareShare
Previous Post

සජබය ප්‍රමුඛ විපක්ෂය දික්වැල්ලේත් බලය අල්ලයි! ප්‍රාදේශික මට්ටමෙන් විපක්ෂයට 35යි මාලිමාව 19යි! මහා නියෝජිතයන් 98න් 70ක්ම විපක්ෂයට! මාලිමාවට 28යි!  I Sri Lanka Latest News

Next Post

ඇමැති නලින්ද දොස්තර වර්ජනයට ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දක්වයි! ඉලක්කම් 6ක වැටුපක් දෙද්දීත් කුඩා කණ්ඩායමක් දේශපාලන අරමුණකින් කරන වැඩක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.