• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කවදාවත්ම මට බැරිවේවි මටම සමාවක් දෙන්න!

November 18, 2024
in Heart
Reading Time: 5 mins read
A A
කවදාවත්ම මට බැරිවේවි මටම සමාවක් දෙන්න!
Share on WhatsAppShare on Facebook

ලේ නෑකමට අපේ අසහාය නිළි රැජින මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාට ලේලිය වූ ජනප්‍රිය නිළි සෙනාලි ෆොන්සේකා පසුගිය කාලේ දවස ගෙව්වේ වැඩි හාවක් හූවක් නැතිවයි. (Sri Lanka Latest News)

එයා දැන් කෝ?
සෙනාලිට ආදරය කරන හැමෝම වාගේ ඇයව හොයන්න ගත්තා. විශේෂයෙන්ම නාඩගම්කාරයෝ එකේ සුදු චූටිට ඇලුම් කරපු කට්ටිය එතැන හිටියා.
හදිසියෙම වාගේ ඔන්න ආරංචි වුණා ඈ ආයෙමත් කරළියට ඇවිදින්ය කියලා. ‘ආයෙමත්’ කියලා කිව්වේ ඇය කලාවෙන් ඈත්වෙලා හිටියද? කවුරුත් හිතුවේ එහෙමයි. බලමු සෙනාලිගෙන්ම අහලා.

සෙනාලි හුඟක් කාලෙකට පස්සේ නේද මේ?
ඔව්. සෑහෙන කාලෙකට පස්සේ තමයි ළඟකදී ඉඳන් මීඩියාවලට කතාකරන්න ගත්තේ.

හාවක් හූවක් නැතුව හිටපු හේතුව?
මෙහෙමයි. අම්මා හිටි හැටියෙම තදින් අසනීප වුණදා ඉඳන්ම මට අම්මා ළඟින්ම ඉන්න ඕනෙ වුණා. එතැනදී සම්පූර්ණයෙන්ම ෆිල්ම්වලින් ටෙලිවලින් අයින් වුණා. අම්මාගේ වියෝවත් එක්ක හැම දේකින්ම ඈත්වෙලා ටික දවසක් තනියම ඉන්න ඕනෙ වුණා. කාලය නොදැනුවත්වම ගෙවුණා. ඒ අතර සෙනාලි ෆොන්සේකාට ආදරය කරන පිරිස එයාව හොයන බව දැනෙන්න ගත්තම මටත් ඕනෙ වුණා ප්‍රේක්ෂකයෝ ආදරය කරන සෙනාලිව හොයාගෙන යන්න. අන්තිමේදී ඉතින් ඔන්න මම ආයෙම ආවා. එච්චරයි.

ආව ගමන්ම ෆිල්ම් එකක ඇග්‍රිමන්ට් සයින් කළා?
ඔව්. මුහුරත් එක පසුගිය සතියේ තිබුණා.

ෆිල්ම් එක ගැන තව විස්තර ටිකක් කියමු සෙනාලි?
ෆිල්ම් එක ‘සයින් ඔෆ් ලයිෆ්’. ඩිරෙක්ට් කරන්නේ නාලක විතානගේ. ඒක හරිම ලස්සන පවුලේ කතාන්දරයක්. කතා තේමාව කියන්න නම් බැහැ. ඒක දැනට රහසක්.

හැමෝම ඔහොමයි. මුහුරත් එක ගැන කියලා කතා තේමාව රහසක් කරනවා?
කුතුහලය කියන්නේ නැවුම් හැඟීමක්. ඒ වගේම සුන්දර අත්දැකීමක්. ඔය ප්‍රශ්නෙට හොඳම උත්තරේ ඒකයි මං හිතන්නේ.

නාඩගම්කාරයන්ගෙන් පස්සෙයි ඔයා රඟපෑමෙන් අයින් වුණේ?
ඔව්. 2022න් පස්සේ මොනවත්ම බාරගත්තේ නැහැ.

යන්න ගියේ ටෙලි රසිකයෝ සුදු චූටිට වහවැටිලා ඉන්න දවස්වල?
හරිම දුකෙන් යන්න ගියේ. ඒත් ඒ වෙලාවේ එහෙම නොගියා නම් මගේ ජීවිත කාලය පුරාම පසුතැවෙන හැඟීමක් මට ඉතිරි වෙන්න තිබ්බා. තාත්තගේ අවසාන මොහොතේ එයාව මට අතෑරුණා වාගේ මගේ අම්මවත් මට අතෑරෙන්න තිබුණා. එහෙම වුණා නම් කවදාවත්ම මට බැරි වේවි මටම සමාවක් දෙන්න.

ඒ කාලේ ඔයාට ඔයාව අතෑරුණා කියලා හිතුණේ නැද්ද?
ඇයි නැත්තේ? මට මාව අතෑරුණා තමයි. ඒත් මට මගෙ අම්මව එදා අතෑරෙන්න නොදී අල්ල ගත්තා. ඒක හිතට දැනෙනකොට ‘අනේ මොනවා අතෑරුණත් මොකද’ කියලා දැනෙන තරමට මම ආත්මීයව සැනසෙනවා. ඊට එහා තව මොනවද?

හුඟක් සාර්ථක නිර්මාණ ඔයාට දාලා එන්න වුණාලු?
ඇග්‍රිමන්ට් සයින් කරන්න නිර්මාණ කිහිපයක්ම තිබුණා. මං වෙනුවට ඒවායේ රඟපාපු අය අද සම්මාන ගන්නකොට ජනප්‍රිය වෙනකොට ‘අනේ මම නේද ඔතැන ඉන්න තිබුණේ’ කියලා හිතුණු තැනුත් තිබුණා. ඒත් ඒ හැම තැනකදීම හිත හදාගන්න පුළුවන් මිල කරන්න බැරි මෝටිවේෂන් එකක් මගේ අම්මා වෙනුවෙන් මගේ හිත කොනක ඉතිරි වෙලා තියෙනවා. ඒ ඇති මට මුළු ජීවිත කාලෙම සතුටු වෙන්න.

ප්‍රශ්න අහන පිළිවෙළ ඔයාට අවුල්ද? හිටි ගමන් ඔයා සීරියස් වෙනවා සෙනාලි?
අනේ එහෙම නෑ. කොහොමත් අම්මා තාත්තා ගැන කතාකරනකොට මම හුඟක් හැඟීම්බර වෙනවා. ඒකයි එහෙම දැනෙන්න ඇත්තේ.

පහුගිය කාලේ ඕනෑවට වඩා මහත් වුණා. ඇඟ හදාගන්න අමාරු වුණාලු?
ඔව්නේ. දන්නෙම නැතුව මාර විදියට මහත් වෙන්න ගත්තා. ඇඟ හදාගන්න පෙනුම වෙනස් කරගන්න ටිකක් මහන්සි වෙන්න වුණා. තවත් ටිකක් ස්ලිම් වුණා නම් තමයි හොඳ.

හදිසියේ මැරි කළා කියලත් ලොකු රාවයක් ගියා?
ඒකනේ. මමත් ඒක දැක්කා. සෝෂල් මීඩියාවල මාව විතරක් නෙවෙයි, තව තව නිළියන්ව බොරුවට කසාද බන්දවලා තිබුණා. කවුරු හරි ඔහොම දේවල් කරන්නේ මානසිකව මොන මට්ටමේ හරි සතුටක් ලබන්නනේ. ඉතින් ඒ සතුට එයාලා ලබපුවාවේ. අපි මොනවට ඕවට කලබල වෙනවද?

සෙනාලි චැට් ෂෝ රිජෙක්ට් කරනවලු?
රිජෙක්ට් කරන්නේ නැහැ. හැබැයි මට කතාකරන්න දෙයක් නැත්නම් චැට් ෂෝවලට යන්නෙත් නැහැ. සුදු චූටි ජනප්‍රිය වෙනකොට විජයබා කොල්ලයේ නීලමනීට සරසවිය වැනි ජනප්‍රිය නිළි සම්මානය ලැබෙනකොට මට චැට් ෂෝවලට ආරාධනා ලැබුණා. මම ගියා. ඒ මට කතාකරන්න, මං ගැන යමක් තියෙන නිසා.

ඒ වගේ තමයි හේතු පාඨයක් නැතිව මට යන්න හිතෙන්නෙත් නැහැ. එහෙම අපි ගියාම සුදුසු කෙනුට එතැනට යන්න තියෙන අවස්ථාව වුණත් නැති වෙනවා. අනෙක ප්‍රේක්ෂකයා වුණත් අහන්න කියන්න පුළුවන් ‘ඇයි මේ එකම කට්ටිය ගෙන්නන්නේ, වෙන අය නැද්ද?’ කියලා. අන්න ඒ නිසා මම ඒ ගැන හිතනවා. මේක මගේ ප්‍රයිවට් අදහසක් විතරයි.

කතාබහට තිත තියන්නයි සූදානම. හෙට දවස ගැන යමක්?
සෙනාලි ෆොන්සේකා විදියට මම දුර ගමනක් යන්නයි සූදානම. මම බොහෝ විට ඉලක්ක හොයනවා. ඉලක්කවලට බලාපොරොත්තුවලට මං ආසයි. හොඳ චරිත හරහා, හිතට දැනෙන රංගන පෞරුෂයක් හරහා ඒ ගමන යන්න මම හෙමින් හෙමින් ආරම්භය දෙනවා.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

එහෙට මෙහෙට පැන්න කිසිම කෙනෙක් නෑ! විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුවත් එක්ක ඩීල් දාපු කිසිම කෙනෙක් නෑ! 1994න් පසු එක පක්ෂෙකින් විතරක් පත්කළ අනුරගේ කැබිනට් එකේ මැති ඇමැතිවරු මෙන්න! I Sri Lanka Latest News

Next Post

පාර්ලිමේන්තුවට ආපු ගමන්ම මාලිමාවේ 43ක් විපක්ෂයට! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.