• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ටීචර් අම්මාගේ මුල්ම රසිකයා මම…

July 7, 2021
in Heart
Reading Time: 3 mins read
A A
ටීචර් අම්මාගේ මුල්ම රසිකයා මම…
Share on WhatsAppShare on Facebook

මේ ගමන මම තිනියම පළමු නැහැ…
ගොඩක් කැමති වුණේ නිවේදීකාවක් වෙන්න…

ඇය විටෙක ගුරුවරියක් තවත් විටෙක ආදරණීය මවක්, ඒ සියල්ලම එහාට බැඳුණු ඇය තවත් විටෙක ආදරණීය පෙම්වතියක්. මෙලෙස පුංචි තිරයට ආදරවන්තියක් වුණු ඇය දැන් ‘ටීචර් අම්මා’ කෙනෙක් ලෙසට ඔබට සමීප වෙලා හමාරයි. ඉතින් ‘ටීචර් අම්මා’ ලෙස පුංචි තිරයට සමීප වුණු ඇය තමයි හිරුෂි වසුන්දරා. ඇගේ තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළේ මේ විදයට.

🔴 හිරුෂි මුලින්ම හඳුන්වනවාට කැමැති ගුරුවරියක් විදියටද? එහෙමත් නැත්නම් අම්මා කෙනෙක් විදියටද?
මම ගොඩක් කැමැති මවක් විදියට හඳුන්වනවාට. මොකද ටීචර් අම්මා කෙනෙක් ලෙස මම චරිතය නිරූපණය කළාට ඒ ගමේ මිනිසුන්ට දයාව, කරුණාව, ආදරය ඒ සියල්ලම ගැබ්වෙලා තමයි මම ගුරුවරියක් විදියට රඟපාන්නේ. හරිම සංවේදී චරිතයක් ලෙස තමයි මට ඒ චරිතය දැනුණ්.

🔴 ටීචර් අම්මාට දැන් ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?
‘ටීචර් අම්මා’ තිර පිටපත සම්පූර්ණයෙන්ම මම අධ්‍යයනය කරන කොට මට තදින්ම දැනුණා. ටීචර් අම්මාගේ මුල්ම රසිකයා වුණේ මම. ඒ තරමට මම ටීචර් අම්මාට ආදරය කළා. දැන් නම් වයස් භේදයකින් තොරව ටීචර් අම්මා කියලා හැම දෙනාම කතාකරද්දී හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. මොකද එක චරිතයක් තුළ මම චරිත දෙකක් නිරූපණය කරමින් ඒ දරුවන්ගේ හීන සැබෑ කරගැනීමට උදව් කරන නිසා. අපි පොඩි කාලේ ඉඳලා වුණත් දෙවැනි අම්මා ලෙස සැලකුවේ අපේ ගුරුවරුන්වයි. ඒ ගුරුවරුන් අපට දක්වපු සෙනෙහස මම ටීචර් අම්මා තුළින්ම ප්‍රතිනිර්මාණය කළා.

🔴 ඔබ විවිධ කාල වයස් පරතරවල ඔබේ හැකියාවන් ඉස්මතු කිරීමට උත්සාහ කළා නේද?
කුඩා කාලයේ ඉඳලම මම කලාවට ගොඩක් කැමැතියි. ඉතින් පාසලේදීත් මගේ දක්ෂතාවෙන් උපරිම වැඩ කළා. 2009 ළමා රංගන ශිල්පිනියක් ලෙස රාවණා අඩවිය ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඉන් පසු 2018 වසරේ දෙරණ අවුරුදු කුමරිය දෙවැනි ස්ථානය හිමි කරගත්තා. ඉන් පසු ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ ටෙලිනාට්‍යයේ රඟපෑවා. ඔය විදියට විවිධ නිර්මාණවල සීමාවක් ඇතිව චරිත නිරූපණය කළා.

🔴 ඔබේ සුන්දරත්වයත් මේ ගමනට ආභරණයක් වෙන්න ඇති?
රූපය ගැන හිතලා මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට උත්සාහ කළේ නැහැ. මම ගොඩක්ම කැමැති වුණේ නිවේදිකාවක් වෙන්න. මගේ තිබුණු දක්ෂතාවන් දැන හඳුනාගෙන එය ඉදිරියට ගෙන යෑමට තමයි මම ගොඩක් උත්සාහ කළේ. ඉතින් ඒ සඳහා මට ගොඩ දෙනකුගේ සහාය ලැබුණා. මම මේ තනියම ආපු ගමනක් නෙවෙයි.

🔴 හිරුෂිගේ තිබෙන සීමාව නිසාද නිර්මාණවල වැඩිපුර දකින්න නැත්තේ?
අවුරුද්දකට එක නිර්මාණයක් හරි කළොත් මට ඇති. හැබැයි මට ආරාධනාවලින් කිසිම අඩුවක් නැහැ. විවිධ නිර්මාණවලින් ආරාධනා කරනවා. ඒ අතර තෝරාගැනීමක් ඇතිව සීමාවක් තුළ තමයි මම රඟපාන්නේ. විශේෂයෙන්ම මම පිටපත් සම්පූර්ණයෙන්ම කියවලා ඒ නිර්මාණය මොන වගේද, මගේ තෝරාගැනීම්වලට ගැළපෙනවාද කියලා මම සොයා බලනවා.

🔴 ටීචර් අම්මා ටෙලිනාට්‍යයේ ඇති වෙනස ඔබට දැනුණාද?
ඇත්තටම ඒ වෙනස මට දැනුණා. මම ගමක ඉපදුණු කෙනෙක්. මගේ ගම් පළාත මාතර. දැන් ඉන්නේ ගම්පහ. ඉතින් විවිධ නිර්මාණවල මම දකිනවා ගමේ දුෂ්කරතා මැද ගෙවන ජීවිත කතා. නමුත් ඒ ගමේ සුන්දරත්වය දකින්න නැහැ. බෙලිහුල්ඔය ප්‍රදේශයේ තමයි ‘ටීචර් අම්මා’ ටෙලිනාට්‍ය රූගත කිරීම් සිදුකරන්නේ. එවැනි සුන්දර ප්‍රදේශයක ගමේ සුන්දරත්වය විවිධ ආකාරයට ප්‍රේක්ෂකයන්ට සමීප වෙන්නේ කියලා ‘ටීචර් අම්මා’ ටෙලිනාට්‍යයෙන් මම දැක්කා.

🔴 ඔබ දැන් ජනප්‍රිය රංගන ශිල්පිනියක් නිසා ආදර ඇරයුම්වල අඩුවක් නැතුව ඇති?
මම පෙම්වතියක්. හැබැයි එතැනින් එහාට මොනවත් කතා කරන්න මම කැමැති නැහැ.
– වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

උද්ඝෝෂණ කළාට නාගමුවත් අල්ලයි!

Next Post

මැතිව්ස්ට ක්‍රිකට් එපා වෙයි! බෝඩ් එකට සමුගැනීමේ ලියුම යවයි!

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.