නිරෝධායන රීති උල්ලංඝනය කරමින් කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ විරෝධතාවයක් පැවැත්වූ බව කියමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව සහ තවත් 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම 6 දෙනා ඒ හේතුවෙන් අත්අඩංගුවට ගත් බවය.
අද දින ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.










